Herbi Senewirathna

Herbi Senewirathna

හර්බි සෙනෙවිරත්න

Full Name: Herbi Seneviratne Died 02 March 1997

Birth date unknown - 02 March 1997

59.62% · 1,995 votes
Rate this artist

Summary

NameHerbi Senewirathna
Sinhala Nameහර්බි සෙනෙවිරත්න
Full NameHerbi Seneviratne
Died02 March 1997

Biography

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි හර්බි සෙනෙවිරත්න කල්කටාවට ගොස්‌ සිටියේය. නැගී එන සිනමාකරුවකු වූ බිමල් රෝයි "දේව්දාස්‌", "මායාමුක්‌ති" වැනි චිත්‍රපටවල කැමරා ශිල්පියා විය. ඔහු 1944 දී ප්‍රථම වරට "උදයාර් සාතේ" චිත්‍රපටය අධ්‍යක්‌ෂණය කළේය. එයින් බිමල් රෝයිගේ කීර්තිය ඉහළ ගියේය.

බිමල් රෝයි "අන්ජන්ගර්" චිත්‍රපටය තැනීමට සූදානම්ව සිටියදී හර්බි සෙනෙවිරත්න ඔහුට හමු වුණේය. හර්බිගේ කථා විලාසය ගැන බිමල් සතුටු විය. හර්බි තමන් රගපෑමට ආශාවෙන් සිටින බව බිමල් රෝයිට පැවසීය.

ලංකාවේ සිට සැතපුම් ගණනක්‌ දුර ගෙවා පැමිණ සිටින හර්බිගේ ඉල්ලීම ඉටු කිරීමට බිමල්a රෝයි කැමැති විය. හින්දි බස කථා කිරීමට හැකියාව තිබූ හර්බි, සුනන්ද බැන්ඡේ, තුල්සි චක්‍රබෝර්ති නමැති නළු නිළියන් සමග ගම් නායකයකුගේ චරිතයක්‌ නිරූපණය කළේය. කමල් බෝස්‌ගේ කැමරාවට හසු වූ තමාගේ රුව රැගත් දළ සේයා පටය එහි රිදී තිරයේ දකිද්දී හර්බි තමාගේ රගපෑම් බලා අපමණ සතුටට පත් විය.

කල්කටාවේ "අන්ජන්ගර්" චිත්‍රපටයේ රගපාමින් සිටි හර්බිට තම සොයුරු ශාන්ති කුමාර්ගෙන් මදුරාසියේ වික්‌ටෝරියා හෝටලයට පැමිණ විගසින් හමුවන ලෙසට විදුලි පුවතක්‌ ලැබිණි. බිමල් රෝයිගේ දෙපා වැද ආශීර්වාද ලබා ගත් හර්බි වහාම තම සොයුරා හමු වීමට ගියේය.

අයියා මල්ලිට ලොකු කථාවක්‌ කීවේය. "අසෝකමාලා" චිත්‍රපටය තනන අතර ඔහු සාලිය කුමාරයා චරිතය නිරූපණය කරන අතර මල්ලීට උප ප්‍රධාන චරිතය තබා ඇති බවත් කීවේය. ඔහු විශ්මයට පත් විය. අයිය - මලෝ දෙදෙනා ලංකාවට පැමිණ හතළිහක්‌ පමණ පිරිසක්‌ ද රැගෙන 1946 ඔක්‌.09 වැනිදා තලෙයිමන්නාරම හරහා ඉන්දියාවට ගියහ. ඉන්දියාවේ දුම්රියවල පළමු පන්තියේ මැදිරි දෙකක්‌ අපේ නළු නිළියන් සදහා වෙන් කර තිබිණි. එක්‌ මැදිරියක කාන්තාවෝය. ඔක්‌තෝබර් 11 වැනිදා දුම්රිය කොයිම්බතූර් බලා ගොස්‌ තිබුණි. පිරිස පිළිගන්නට ජුපිටර් පික්‌චර්ස්‌ මෙන්ම සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ අධිපති ඇම්.සොම්සුන්දරම්ය.

"අසෝකමාලා" උප ප්‍රධාන චරිතය රග පෑ හර්බි සෙනෙවිරත්න හින්දි සිනමාවෙන් සිංහල සිනමාවට පැමිණි තරුණයකු යෑයි මගේ අදහසය. ඒ ඔහුගේ ප්‍රථම රගපෑම වූයේ බිමල් රෝයිගේ "අන්ජන්ගර්" චිත්‍රපටයේ ප්‍රථම රගපෑම ඉදිරිපත් කළ නිසාය.

දිනක්‌ විල්මට්‌ "ඇලෝයි අයියෙ· මේ හර්බිට ලස්‌සනට ගීත කියන්න පුළුවනි. පොඩි ටෙස්‌ට්‌ එකක්‌ දීලා බලන්නකෝ" යෑයි කීවේය. මේ පවසන විට මිනර්වා සංගීත කණ්‌ඩායමේ හියුගෝ මාස්‌ටර් ද එහි සිටියහ. "එහෙනම් කියනවා බලන්න ගීතයක්‌" බී.ඒ.ඩබ්ලිව් කීවේය. හියුගෝ මාස්‌ටර් සර්පිනාව වාදනය කළේය. බී.ඒ.ඩබ්ලිව්ට ඔහු ගැන ආඩම්බරයක්‌ ඇති විය. "තමුසෙත් එනවා අපේ කණ්‌ඩායමට" බී.ඒ.ඩබ්ලිව්.පැවැසීය. හර්බි ද ලංකාව වටේ ඔවුන් සමග නාට්‍යවලට දායක වෙමින් ගියේය.

ශාන්ති කුමාර්ගේ හිතවතකු වූ සෑම් පෙරේරාගේ මාර්ගයෙන් හර්බි කල්කටාවට ගියේය. ඒ වන විට සෑම් කල්කටාවේ පදිංචිව සිටියේ බෙංගාලි යුවතියක්‌ විවාහ කර ගෙනය.

මේ වන විට මහා බෝධියේ නායක හිමිපාණන් ලෙස වැඩ සිටියේ නෙළුවේ ශ්‍රී ගුණානන්ද මාහිමිපාණෝය. හාමුදුරුවන්ගේ පා සෙවණේ බොහෝ දේ ඉගෙන ගත් හර්බි කල්කටාවේ සුප්‍රකට " ඉන්ස්‌ටිටියුට්‌ ඔෆ් ඩ්‍රාමා" ආයතනයට බැදී වේදිකා නාට්‍ය ශිල්පය හැදැරුවේය.

සෑම් පෙරේරා විසින් ශිර්කර් නමැති කලා ශිල්පියාට හර්බිව හදුන්වා දෙන ලදී. එමගින් කල්කටාවේ නිව් තියටර්ස්‌ වෙත යැමට හර්බිට හැකි විය. නෙළුවේ ගුණානන්ද හාමුදුරුවෝත් ශිර්කර් අතරත් තිබූ හිතවත්කම මත හර්බිට වාසිදායක දේ සිදු විය. බිමල් රෝයිගේ තිඹිරි ගෙය වූ නිව් තියටර්ස්‌ හිදී බිමල් රෝයි හමු විය. ඒ හමු වීමේ ප්‍රතිඵලය වූයේ "අන්ජන්ගර්" චරිතයක්‌ රගපෑමට හර්බිට ලැබීමය.

1946 ඔක්‌.12 වැනිදා නැකතට අනුව "අසෝකමාලා" චිත්‍රපටයේ වැඩ ඇරැඹිණි. ඒ ගීතයක්‌ පටිගත කිරීමෙනි. ඩබ්ලිව්.ඩී.ඇල්බට්‌ පෙරේරා (පසු කලෙක ඩබ්ලිව්.ඩී.අමරදේව) නමැති නවකයකු "භවේ භීත හැර දා තිලෝනා" ගීතය ගායනා කළේය. ගීතය රචනා කළේ ඩී.ටී.ප්‍රනාන්දුය. සංගීතවත් කළේ මොහොමඩ් ගවුස්‌ය.

හර්බි සෙනෙවිරත්න රග පෑ (දෙවන චිත්‍රපටය) පළමුවන සිංහල චිත්‍රපටය වූ "අසෝකමාලා" හි සිදු වූ අමතක නොවන සිදුවීම් කිහිපයක්‌ම ඇත.

අසෝකමාලා ගේ ගම ගිනි තියන්නට විපුල සැරසෙද්දී එය වළකාලීමට සාලිය ඇතුළු පිරිස යන ජවනිකාවක්‌ රූ ගන්වන්නට සැරසිණි. මොන හේතුවක්‌ උඩ හෝ හර්බිගේ අශ්වයා කුලප්පු වී සිටියේය. රගපෑම පැත්තක දැමූ අශ්වයා හර්බි තියා ගෙන පිම්මේ දිව්වේය. හර්බි පැන්නත් අනතුරේය. ඔහුට කෑ ගසනවා හැර වෙන යමක්‌ කරන්නට නැත. අශ්වයාව නතර කර ගැනීමටත් නොහැකිය. හර්බි දන්න ශිල්ප යොදා තම ජීවිතය බේරා ගන්නට සිතමින් සිටියදී අශ්වයා ගසක්‌ යටින් යද්දී පය බුරුල් වී හර්බි විසිවන්නට ගියේය. ඔහු වහා ඉහළ අත්තක එල්ලුනි. අශ්වයා පසුපස සොයා ආ ශාන්ති දුටුවේ තම සොයුරා ගසේ ඉහළ අත්තක එල්ලී කෑ ගසන අයුරුය.

ඉන්දියාවේදී චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කළත් "අසෝකමාලා" නැරඹීමට මිනර්වා නාට්‍ය කණ්‌ඩායම ද පැමිණ සිටියහ. චිත්‍ර කලා සමාගමට හර්බි ගොස්‌ සිටියත් "අපි ආයිත් එකට එක්‌ වෙමු" යෑයි එඩී ජයමාන්න හර්බි සෙනෙවිරත්නට ඇරයුම් කළේය. හර්බි ඇරයුම පිළිගත්තේය. "කපටි ආරක්‌ෂකයා" චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ හර්බි සෙනෙවිරත්නය. රුක්‌මණී දේවී ඔහු සමග ප්‍රධාන චරිතය රගපෑවාය. චිත්‍රපටය රූ ගැන්වූයේ මයිලාසර් හි සදර්න් චිත්‍රාගාරයේය. "පින්සර මාගේ සොයුරා" රුක්‌මණී දේවි සහ හර්බි සෙනවිරත්න ගැයූ ගීතය අදටත් ජනප්‍රියය.

ශාන්ති කුමාර්ගේ දෙවන චිත්‍රපටය වූ "එදා රෑ" චිත්‍රපටයේ ලතා සමග බයිලා ගීතයක්‌ ද හර්බි ගායනා කළේය.

"වැරැදුණු කුරුමානම", "පෙරළෙන ඉරණම", "හදිසි විනිශ්චය", "සැගවුණු පිළිතුර", අයිරාංගනී" යන චිත්‍රපටවල ප්‍රධාන චරිතය රගපෑවේ රුක්‌මණී දේවී සමගිනි. "සංසාරේ", "රදළ පිළිරුව" රීටා රත්නායක සමගින් ප්‍රධාන චරිත රගපෑවේය.

tharu1එහෙත් හර්බි සමග කියෑවෙන ජනප්‍රියම නම වූයේ කාන්ති ගුණතුංගය. "සූරයා" චිත්‍රපටයේ කාන්ති වෙනුවෙන් ගායනා කළ "දුටු දා ඉදලා ලුහු බැන්දා" ගීතය අදටත් ජනප්‍රියය. "වන මෝහිණී" කාන්ති ගුණතුංග සමග රගපෑවේය. සේලම්හි මොඩර්න් චිත්‍රාගාරයේ නිෂ්පාදනය කෙරුණු "සූරයා" අධ්‍යක්‌ෂණය කළේ ක්‍රිෂ්ණ රාඕ ය. "වන මෝහිණී" අධ්‍යක්‌ෂණය කළේ ටී.ආර්.සුන්දරම්ය. කාන්ති සමග හර්බි රග පෑ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි "සූරසේන". එකවර භාෂා හයකින් නිර්මාණය කළේය. භාෂා හයක්‌ම එක්‌වර රූ ගැන්විණ.

හර්බි රග පෑ සෑම චිත්‍රපටයක්‌ම සිනමාස්‌ නිෂ්පාදන විය. ඉන්දියාවේ නිෂ්පාදිත අවසාන සිංහල චිත්‍රපටය "වීර විජය" ය. ජීවරාණී කුරුකුල සූරියගේ සිනමාවේ ප්‍රථම පෙම්වතා වූයේ හර්බිය. "දරුවා කාගේද" රගපාමින් අධ්‍යක්‌ෂණය, "සුදු සෙද් කළු වලා","සුහද දිවි පිදුම", සමාජෙ අපි ඔක්‌කොම සමානයි" රගපාමින් අධ්‍යක්‌ෂණය කළේය.

පෙම්වතා චරිතයෙන් මිදීමෙන් පසු "ළසදා", "වාසනා", "බඹර කලාපය" චිත්‍රපටවල තම වයසට ඔබින රගපෑම් ඉදිරිපත් කළේය.

කාන්ති ගුණතුංගව රැගෙන ඉතාම උස කදු යායක්‌ උඩින් හරහට දමා ඇති කඹයක්‌ දිගේ දිවෙන ට්‍රොලියක තබා ගෙන යන දර්ශනය ගනිද්දී බලාපොරොත්තු නොවූ පරිදි ට්‍රොලිය දිවෙන කම්බිය ඉවතට පැන්නා. කාන්ති බයේ කෑ ගහනවා. අපි ඉන්නේ පොළොවේ සිට අඩි තුන් දාහක්‌ පමණ උඩ. කම්බියෙන් නොපිට පැන්න ට්‍රොලිය වේගයෙන් ආපස්‌සට ගමන් කළා. මම දෙනෙත් පියා ගෙන තුනුරුවන් සිහි කර ගත්තා. වාසනාවකට වගේ නැවතත් කම්බිය සිරවීම නිසා ට්‍රොලිය නතර වුණා. අපි දෙන්නගෙම ජීවිත බේරුණේ අනූ නවයෙන්" යෑයි දිනක්‌ හර්බි පැවැසූ අන්දම මෙය ලිවීමේදී මට මතක්‌ විය.

"සූරසේන" චිත්‍රපටය පුරාම තිබුණේ වීරත්වය. අඩි සියයක්‌ පමණ උස්‌ කදු ගැටයක සිට ගසක එල්ලී තවත් කදු ගැටයකට පනින අවස්‌ථාවක්‌ දර්ශන ගත කරද්දී මා එල්ලී සිටි කඹය කැඩී ඇති බව මට තේරුණා. අසල තිබූ තවත් ගසක ඉහළ අත්තක මම එල්ලුනා. එසේ නොවන්නට ඔහු එතැනින් පහළට වැටුණා නම් සූරසේන විතරක්‌ නොවෙයි. හර්බිත් සිනමාවේ නැහැ" යෑයි තවත් වරෙක ඔහු පැවැසීය. 1997 මාර්තු 2 ඔහු අභාවප්‍රාප්ත විය.

හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌

As a Cast

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Actor Shanthi Kumar Seneviratne, T.R.Gopu
2 31948 Kapati Arakshakaya කපටි ආරක්ෂකයා Actor K.Subramuniyam, Jyotish Sinha
3 51948 Weradunu Kurumanama වැරදුනු කුරුමානම Actor Jyotish Sinha
4 81950 Gambada Sundari ගම්බඳ සුන්දරී Actor Whinston Bastian, George Wijegunarathna
5 91950 Hadisi Winishchaya හදිසි විනිශ්චය Actor Mersalin Albert, B.A.W. Jayamanne
6 151953 Eda Re එදා රෑ Actor Shanthi Kumar Seneviratne
7 221954 Iranganie අයිරාංගනී Actor B.A.W. Jayamanne
8 421957 Jeevitha Satana ජීවිත සටන Actor Shanthi Kumar Seneviratne
9 431957 Suraya සූරයා Actor Krishna Rao, T.R. Sundaram
10 471957 Surasena සූරසේන Main Actor S.M. Naidu
11 561958 Vanamohini වනමෝහිනි Main Actor T.R. Sundaram, A.B. Raj
12 731960 Weera Wijaya වීර විජය Main Actor K.S. Setumathawan
13 781961 Daruwa Kageda දරුවා කාගේද Main Actor Herbi Senewirathna
14 811962 Sansare සංසාරේ Actor Shanthi Kumar Seneviratne
15 901963 Sudu Sande Kalu Wala සුදු සඳේ කළු වලා Actor Robin Tampoe
16 1031964 Samajaye Api Okkoma Samanai සමාජයේ අපි ඔක්කොම සමානයි Actor Herbi Senewirathna
17 2851974 Lasanda ලසඳා Actor K.A.W. Perera
18 3151975 Sadhana සධානා Actor S. Ramanadhan
19 3241976 Wasana වාසනා Actor K.A.W. Perera
20 3771978 Siripathula සිරිපතුල Actor K.wenkat

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 151953 Eda Re එදා රෑ Dialogs Shanthi Kumar Seneviratne

Director

#Film NoYearFilm RoleDirector
1 781961 Daruwa Kageda දරුවා කාගේද Director Herbi Senewirathna
2 1031964 Samajaye Api Okkoma Samanai සමාජයේ අපි ඔක්කොම සමානයි Director Herbi Senewirathna
Film NoYearFilmSongRole
15 1953 Eda Re එදා රෑ Sinhala Habaata Maageහැබෑට මාගේ Vocalists
Hari Hari Ha Haහරි හරි හා හා Vocalists
My Prithi Prithi Darlingමයි ප්‍රීති ප්‍රීති ඩාලිං Vocalists