M.S. Anandan

M.S. Anandan

Born 21 April 1933 Died 24 June 2016

21 April 1933 - 24 June 2016

60.3% · 1,992 votes
Rate this artist

Summary

NameM.S. Anandan
Born21 April 1933
Died24 June 2016

Biography

ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියකු වූ එම්.එස්. ආනන්ද එකල අධ්‍යක්‍ෂණය කළ බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා පිහිටුවීය. ඔහු කැමරා ශිල්පියකු, තිර කතා රචකයකු, අධ්‍යක්‍ෂවරයකු පමණක් නොව නිෂ්පාදකවරයකු හැටියටද ප්‍රකට වූවෙකි.

1933 අප්‍රේල් 21 වැනිදා උපන් ආනන්ද අප අතරින් වියෝ වූයේ 2016 ජූනි 24 වැනිදාය.

ඔහු මුල් යුගයේ කිරුළ පරේ පිහිටි සිලෝන් ස්ටුඩියෝ නොහොත් ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා විය. ඒ 1959 දීය. ඔහු කැමරා ශිල්පියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ‘ගැහැනු ගැට’ චිත්‍රපටයෙනි. ඉන්පසු ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපය වූ ‘රන් මුතු දූවේ’ සහාය කැමරා ශිල්පියකු විය. පසුව කැමරා අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු දායකත්වය දුන් විශිෂ්ට චිත්‍රපට රාශියකි.

නිධානය, ගොළු හදවත, මඩොල් දූව, ගැහැනු ළමයි, අක්කර පහ ඉන් කිහිපයකි.

ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වඩින්නේ 1964 දී තිරගත වූ ‘සිතක මහිම’ චිත්‍රපටයෙනි. 1965 දී තිරගත වූ ‘සත පනහ’ චිත්‍රපටයෙන් ඔහු ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

අදද ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති එච්.ආර්. ජෝතිපාල හා සුජාතා අත්තනායක ගයන ‘චන්ද්‍රා මෙ රෑ පායා ආවා’ ගීතය එන්නේ ‘සත පනහ’ චිත්‍රපටයේය. ඉන්පසුව ඔහු ‘ඇතුල්වීම තහනම්’ අධ්‍යක්‍ෂණය කළේය. එහි එච්.ආර්. ජෝතිපාල සන්ධ්‍යා කුමාරි සමග ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. ජෝති හා සුජාතා ගයන ‘තරුණ​ නෙත් ජය මංගලේ’ යන ගීතය එන්නේ ‘ඇතුල්වීම තහනම්’ චිත්‍රපටයේය.

ඔහු නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළ ප්‍රථම චිත්‍රපටය ‘ප්‍රවේසම් වන්න’ය. ඔහුගේ වැඩිමහල් දියණිය ශ්‍යාමා ආනන්ද මේ චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණය කළාය. මෙහි ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම ප්‍රධාන චරිත නිරූපණය කළහ. තිරගත වූයේ 1969 දීය. ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගයන ‘හොඳ හොඳ ළමයින් අපි වාගේ’ නම් ජනප්‍රිය ගීතය එන්නේ එම චිත්‍රපටයේය.

ඉන්පසු ආනන්ද අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කළ චිත්‍රපටය වූ​යේ මගෙ නංගි ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා හා මම බය නෑ ශ්‍යාමා ය.

‘ශ්‍යාමා’ චිත්‍රපට ඉමහත් ජනප්‍රියත්වයක් ලැබීය. ඉන්පසු ශ්‍යාමා ආනන්ද පිළිබඳව සිනමා රසිකයෝ වඩාත් කතා කරන්නට පටන් ගත්හ.

ආනන්දගේ බිරිඳ වූයේ වයලට් ආනන්දය. ඔවුනට දියණියන්ම දෙදෙනෙකි. මින් වැඩිමහල් දියණිය ශ්‍යාමා ය. ඇගේ නැගණිය සන්ධ්‍යා ය.

ශ්‍යාමා තම පියා වූ ආනන්ද අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලින් ජනප්‍රියත්වයක් ලැබූවද ඇය රඟපෑමට පිවිසෙන්නේ මාස තුනක බිළිඳියකව සිටියදීය. ඒ රොබින් තම්පෝගේම නිෂ්පාදනයක් වූ ‘වෙන ස්වර්ගයක් කුමටද?’ චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය රොබින් තම්පෝගේම චිත්‍රපට වූ ‘සුවිනීත ලාලනී, සුහද දිවි පෑම’ ආදී චිත්‍රපටවල රඟපෑවාය. ඊට අමතරව ‘සිතක මහිම, සත පනහ, ඇතුල්වීම තහනම්, සෙනෙහස, පේනවා නේද?’’ චිත්‍රපටවල රඟපෑවාය.

එම්.එස්. ආනන්ද එතරම් කතාබහක් නැති නිහඬ පුද්ගලයෙකි. ඔහු අප ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නා මිස එතැනින් එහාට වැඩිදුර කතා කරන්නට ගියේ නැත.

එකල ඔවුන් පදිංචිව සිටියේ මරදාන ඩාලි පාරේ නිවෙසකය. එහි ඉහළ තට්ටු දෙකක ආනන්ද පවුල පදිංචිව සිටි අතර පහළ තට්ටුවේ ඔවුන්ගේ ව්‍යාපාරික ආයතනය පිහිටා තිබුණේය. එය මෝටර් රථ අමතර ​කොටස් ව්‍යාපාරයකි. නමින් එය ‘වින්ජය මෝටර්ස්’ විය.

රොඩ්නි විදානපතිරණ

Awards

National Awards

1 Merit Award Gehenu Lamai - 1978 1st Presidential Award 1979 - 1979
2 Best Cinematographer - Honor Nidhanaya - 1972 5th Vicharaka Sammana Ulela 1972 - 1972

As a Crew

3D Animation

#Film NoYearFilm RoleDirector
1 3051975 Mage Nangi Shyama මගේ නංගි ශ්‍යමා 3D Animation M.S. Anandan

Assistant Camera

#Film NoYearFilm RoleDirector
1 831962 Ranmuthu Duwa රන්මුතු දූව Assistant Camera Mike Wilson

Cinematographer

#Film NoYearFilm RoleDirector
1 631959 Gehanu Geta ගැහැණු ගැට Cinematographer T. Somasekaran, Jyotish Sinha
2 811962 Sansare සංසාරේ Cinematographer Shanthi Kumar Seneviratne
3 921963 Deepasika දීපශිකා Cinematographer Kingsly Rajapaksha
4 941964 Heta Pramada Vadi හෙට ප්‍රමාද වැඩියි Cinematographer Shanthi Kumar Seneviratne
5 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Cinematographer Shanthi Kumar Seneviratne
6 1091965 Handapana හඳපාන Cinematographer Kingsly Rajapaksha
7 1591967 Sadol Kandulu සැඩොල් කඳුළු Cinematographer Regie Perera
8 1741968 Golu Hadawatha ගොළු හදවත Cinematographer Dr. Lester James Peries
9 1871969 Senehasa සෙනෙහස Cinematographer Herbert M. Senewirathna
10 2111970 Akkara Paha අක්කර පහ Cinematographer Dr. Lester James Peries
11 2171970 Priyanga ප්‍රියංගා Cinematographer Amaranath Jayathilake
12 2371972 Nidhanaya නිධානය Cinematographer Dr. Lester James Peries
13 3051975 Mage Nangi Shyama මගේ නංගි ශ්‍යමා Cinematographer M.S. Anandan
14 8141995 Mama Baya Ne Shyama මම බය නැ ශ්‍යාමා Cinematographer M.S. Anandan

Director

#Film NoYearFilm RoleDirector
1 1051964 Sithaka Mahima සිතක මහිම Director M.S. Anandan
2 1211965 Satha Panaha සත පනහ Director M.S. Anandan
3 1321966 Athulveema Thahanam ඇතුල්වීම තහනම් Director M.S. Anandan
4 2011969 Pravesam Vanna ප්‍රවේසම්වන්න Director M.S. Anandan
5 3051975 Mage Nangi Shyama මගේ නංගි ශ්‍යමා Director M.S. Anandan
6 3711978 Chandi Shyama චන්ඩි ශ්‍යාමා Director M.S. Anandan
7 5151982 Hallo Shyama හලෝ ශ්‍යාමා Director M.S. Anandan
8 8141995 Mama Baya Ne Shyama මම බය නැ ශ්‍යාමා Director M.S. Anandan

Producer

#Film NoYearFilm RoleDirector
1 3711978 Chandi Shyama චන්ඩි ශ්‍යාමා Producer M.S. Anandan
2 5151982 Hallo Shyama හලෝ ශ්‍යාමා Producer M.S. Anandan
3 8141995 Mama Baya Ne Shyama මම බය නැ ශ්‍යාමා Producer M.S. Anandan

Script

#Film NoYearFilm RoleDirector
1 2011969 Pravesam Vanna ප්‍රවේසම්වන්න Script M.S. Anandan
2 8141995 Mama Baya Ne Shyama මම බය නැ ශ්‍යාමා Script M.S. Anandan