Siriyalatha

Siriyalatha

සිරියලතා

Black & White 35mm

Film No: 44  ·  Released: 27 Jun 1957

61.13% · 2,852 votes
Rate this film

Summary

NameSiriyalatha / සිරියලතා
Film No44
Released Date27 Jun 1957
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyJayaruk Production
Main Actor: Herbert M. Senewirathna Main Actress: Rukmani Devi Producer: Eddy Jayamanna Producer: Rukmani Devi Director: S.S. Rajan

Trailer

Description

ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ

ග්‍රැමෆෝන් තැටි - හිස් මාස්ටර් වොයිස් / තැටි අංක ඩබ්ලිව් එන් 602 සිට ඩබ්ලිව් එන් 606 දක්වා

සිරියලතා නිශ්පාදනය කිරීම සඳහා ණය මුදලක් ලබාගත්තේ ඔවුන් පදිංචිව සිටි ජයරුක් නිවස උගසට තැබීමෙනි. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් ලබන ආදායමින් එම ණය ගෙවා දැමීම ඔවුන්ගේ අභිප්‍රායය විය. එඩී රුක්මනී සිංහල සිනමාව කෙරෙහි පැවති භක්තිය හා කැපවීම එයින්ම පැහැදිලිය. එහෙත් සිරියලතා සාර්ථක ආදායම් ලබමින් තිබියදී සිනමාහල් වලින් ඉවත් කෙරින. මේ නිසා ඔවුනට තමන් වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් නිවස ඔවුන්ට අහිමි වීම ඛේදජනකය. මෙහි සත්‍යතාවය හෙලිදරව් කිරීම කාලෝචිත නොවේ. සිරිසේන විමලවීරයන්ට නව ජීවන චිත්‍රාගාරය අහිමි වූයේද මේ අයුරිනි.

ලලිතා සහ පැරකුම් අතරේ මිතුදහම ඇතිවූයේ ඔවුන් පාසැල් ළමාවියෙහිදි සිටය. කිසියම් වරදකට ගුරුතුමා පැරකුම්ට වේවැල් පහර දෙද්දී පවා ලලිතා දුකින් වැළපුනාය. සිතින් තැවුනාය. ලලිතාගේ පියා සිංහබාහු වූකලී මහා සිටුවරයෙකි. පැරකුම් දහය නමැති සාමාන්‍ය සෙනෙවියෙකුගේ පුතෙකි. ඔවුන්ගේ සමාජ තත්වය අහසට පොළොව මෙන් දුරස්තය. එහෙත් ලලිතා සහ පැරකුම්ගේ සබැඳියාව නොවෙනස්ව පැවතිනි. ඔවුන් තාරුණ්‍යයට පත්වීමත් සමඟ පෙර මිතුදම දැඩි ප්‍රේම සබැඳියාවකට පෙරළින.

කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට ඔවුනොවුන් නොදැක සිටීමට පවා අපහසු විය. සිංහබාහුගේ සේවකයෙකු වන ටිකිරා විසින් ලලිතා සහ පැරකුම් අතරෙහි පවත්නා පෙම් සබැඳියාව හෙළිදරව් කිරීමෙන් පසු කෝපයෙන් වියරු වැටුනු සිටුවරයා පැරකුම්ගේ පියාට තර්ජනය කරමින් තම දියණිය සමඟ පවතින සම්බන්ධය වහා නවත්වන ලෙස පැරකුම්ට අවවාද කරන ලෙසට දැනුම්දෙයි. ඉන් සිදිවූයේ පැරකුම්ගේ සහ ලලිතාගේ ප්‍රේමය තවදුරටත් වර්ධනය වීම පමණි. පැරකුම් වැනි සිය තත්වයට නොගැළපෙන තරුණයෙකු සමඟ තම දියණිය ප්‍රේමයෙන් බැඳී සිටීම සිටුවරයා සැලකුවේ එය තම කුල අභිමානයට සිදුවිය හැකි නොමැකෙන කැලලක් ලෙසටය. ඊට පිළියම් ලෙස ඔහු ලලිතාව කැටුව වෙනත් දුරබැහැර මන්ධිරයක වාසයට ගියේය. තම පෙම්වතිය එසේ දුරස්වීමෙන් පසු පැරකුම් උම්මත්තකයෙකු සේ ඇයව සොයමින් ගමින් ගමට සැරිසරයි. මේ අතර සෙංකඩගල රාජධානියේ රජකම් කරන රජුගේ පුත්‍රයෙකු වන නරේන්ද්‍රසිංහයෝ රූමත් ලලිතා පිළිබඳව තොරතුරු දැන ඇයව ආවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටුවරයා වෙත යෝජනාපත් යවයි. එම යෝජනාවට කැමතිවුනු සිටුවරයා, ලලිතාගේ දැඩි අකැමැත්ත ගැනද නොසලකා ඇයව නරේන්ද්‍රට සරණපාවා දෙයි.

නරේන්ද්‍රගේ වාසභවනයට පැමිනි දා පටන් තම පෙම්වතා ගැන සිතමින් දිවා රෑ ශෝකයෙන් කාලය ගතකරයි. ඇයගේ මෙම දුක්ඛිත තත්වය සැකහැර දැනගත් නරේන්ද්‍රසිංහ සානුකම්පිතව සිතාබලා තම පියානන් වෙතට ආපසු යැවීමට කටයුතු සම්පාදනය කළේය. ඇයව දෝලාවකින් ගෙනයාම සඳහා සේවකයින්ද යොදවයි. මෙසේ වනදුර්ග තරනය කරමින් දෝලාව ගෙන යන සේවකයින්, ලලිතාගේ භාරකාරයා ලෙස යන ටිකිරාව මරා දමා ලලිතා සතු රන් මුතු මැණික් ආභරන පැහැරගැනීමට කුමන්ත්‍රණය කරයි. එම කුමන්ත්‍රනයේ ප්‍රථිඵලය වූයේ සේවකයින් අතරෙහි දරුණු ගැටුමක් ඇතිවීමයි. ඉන් ටිකිරා මරුමුවට පත්වුනු අතර ලලිතා ඔවුන්ගෙන් මිදී තම පෙම්වත් පැරකුම් සොයමින් නිරාහාරව ඉබාගාතේ ඇවිදියි. එසේ යන ඇය, කඳුගැටයකට නැගී අවට විමසුම් ඇසින් බලද්දී උමතුවෙන් ගමන් කරන පැරකුම් දැකගත හැකිවිය.

ඇය කලබලයට පත්ව පැරකුම් වෙත යාමට තැත් කරත්ම පය පැකිළී කඳුගැටයෙන් පහළ පාතාලයට ඇදවැටින. එය දුටු පැරකුම් තම පෙම්වතිය බේරාගනුවස් පාතාලයට පැන්නේය. එම පාතාලය තුලදී ඔවුනොවුන් එකිනෙකා වැළඳගෙන ප්‍රේමයේ අමරනීයත්වය පසක් කරවමින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

-කලාභූෂන- වැළිහිඳ මුනිරත්න-

Film No: 44 - Year: 1957

Cast

Crew

Other Crew