Reload

Reload

රීලෝඩ්

Colour

Film No: 1318  ·  Released: 22 Nov 2019

60.91% · 1,849 votes
Rate this film

Summary

NameReload / රීලෝඩ්
Film No1318
Released Date22 Nov 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryStory
Main Actor: Kumara Thirimadura Main Actress: Dilhani Ekanayake Producer: Dhammika Priyadarshana Producer: Kamal Dharmapriya Producer: Mahinda Uduwana Director: Susantha Dharmapriya

Trailer

සදාසරණ මුදලිගේ ඇලපාත උපදින්නේ දුප්පතෙකු හැටියටය. දුප්පතෙකු ලෙස ඉපදුණ ද මිය යන විට දුප්පතකු වෙනවා නම් එය ඔහුගේ වැරැද්දකි. ඇලපාත එය හොඳින් උගත්තේ කාලයකට ඉහතදීය. ඔහුගේ අරමුණ දේශපාලනයට පිවිසීමය. තම ජන සමාජයේ සහෝදර සහෝදරියන් නොමඟ යවමින් ඇලපාත ඡන්දයට ඉදිරිපත් වෙයි. ඔහුගේ කපටි බස්වලට රැවටෙන ප්‍රදේශවාසීහු ඇලපාතට කැමැත්ත පළ කරති.

ඔහුගේ සැබෑ ගතිගුණ මතු වන්නේ ඉන් පසුවය. බිරිය සමඟ පවුල් ජීවිතය ගෙවමින් සිටිය ද තවත් කාන්තාවක සමඟ ඇසුරක් පවත්වයි. සනා නැමැත්තෙකු මිත්‍ර කොටගෙන සමාජ විරෝධී ක්‍රියා සිදු කරයි. ටික කලකින් ඇලපාත ඉහළ පෙළේ දේශපාලඥයකු බවට පත් වෙයි. කාලය ගත වී යයි. ඇලපාත සහ සනා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙති. ඔවුන්ට සිදු වන්නේ අපාගතවීමටය. එහිදී ද සුපුරුදු කපටිකමින් දිවි ගෙවන ඔවුහු යම රජුගේ බලගතු දියමන්තියක් සොරාගෙන එකී බලයෙන් යළි පෘතුවියට පැමිණෙති. යම රජුටත් ඇන්ද වූ ඇලපාත හා සනා ඊළඟට මුහුණ දුන්නේ කුමටද? සිනමාවට එක්වන අලුත් අධ්‍යක්ෂවරයකු වන සුසන්ත ධර්මපි‍්‍රය නිර්මාණය කරන රී ලෝ්ඩ් චිත්‍රපටය සැදෙන්නේ එහෙමය. එහි තිර රචනය හරිත් වාසලගෙනි.

Cast

Crew

Other Crew