රීලෝඩ්

රීලෝඩ්

Colour

Film No: 1318  ·  Released: 22 Nov 2019

60.91% · 1,849 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමරීලෝඩ්
චිත්‍රපට අංකය1318
තිරගත වූ දිනය22 Nov 2019
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයකතාන්දර
ප්‍රධාන නළුවා: කුමාර තිරිමාදුර ප්‍රධාන නිළිය: දිල්හානි ඒකනායක නිෂ්පාදනය: Dhammika Priyadarshana නිෂ්පාදනය: Kamal Dharmapriya නිෂ්පාදනය: Mahinda Uduwana අධ්‍යක්ෂණය: සුසන්ත ධර්මප්‍රිය

පූර්ව ප්‍රචාරක පටය

සදාසරණ මුදලිගේ ඇලපාත උපදින්නේ දුප්පතෙකු හැටියටය. දුප්පතෙකු ලෙස ඉපදුණ ද මිය යන විට දුප්පතකු වෙනවා නම් එය ඔහුගේ වැරැද්දකි. ඇලපාත එය හොඳින් උගත්තේ කාලයකට ඉහතදීය. ඔහුගේ අරමුණ දේශපාලනයට පිවිසීමය. තම ජන සමාජයේ සහෝදර සහෝදරියන් නොමඟ යවමින් ඇලපාත ඡන්දයට ඉදිරිපත් වෙයි. ඔහුගේ කපටි බස්වලට රැවටෙන ප්‍රදේශවාසීහු ඇලපාතට කැමැත්ත පළ කරති.

ඔහුගේ සැබෑ ගතිගුණ මතු වන්නේ ඉන් පසුවය. බිරිය සමඟ පවුල් ජීවිතය ගෙවමින් සිටිය ද තවත් කාන්තාවක සමඟ ඇසුරක් පවත්වයි. සනා නැමැත්තෙකු මිත්‍ර කොටගෙන සමාජ විරෝධී ක්‍රියා සිදු කරයි. ටික කලකින් ඇලපාත ඉහළ පෙළේ දේශපාලඥයකු බවට පත් වෙයි. කාලය ගත වී යයි. ඇලපාත සහ සනා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙති. ඔවුන්ට සිදු වන්නේ අපාගතවීමටය. එහිදී ද සුපුරුදු කපටිකමින් දිවි ගෙවන ඔවුහු යම රජුගේ බලගතු දියමන්තියක් සොරාගෙන එකී බලයෙන් යළි පෘතුවියට පැමිණෙති. යම රජුටත් ඇන්ද වූ ඇලපාත හා සනා ඊළඟට මුහුණ දුන්නේ කුමටද? සිනමාවට එක්වන අලුත් අධ්‍යක්ෂවරයකු වන සුසන්ත ධර්මපි‍්‍රය නිර්මාණය කරන රී ලෝ්ඩ් චිත්‍රපටය සැදෙන්නේ එහෙමය. එහි තිර රචනය හරිත් වාසලගෙනි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play