Rosa Kele Api Yan

Rosa Kele Api Yan

රෝස කැලේ අපි යං

Colour Yet to be released

Yet to be released

60.06% · 639 votes
Rate this film
Special Message

තරිඳු විමලවීරගේ කුලුඳුල් සිනමා නිර්මාණය

Summary

NameRosa Kele Api Yan / රෝස කැලේ අපි යං
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Roshan Pilapitiya Main Actress: Damitha Abeyratne Director: Tharindu Wimalaweera Producer: N.K. Films

Description

ළමා ලෝකේ හරිම සුන්දරයි කීවාට හැම දරුවෙකුටම ඒ සුන්දරත්වය විඳීමට වාසනාව ලැබෙන්නේ නෑ. නමුත් හැම දරුවාම සොයන්නේ සතුට මේ කතාවේදී ඔයාලට හමුවන අයියයි මල්ලියි දෙන්නත් ඒ වගේ. අග නගරයේ වුවද දැඩි ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන මේ දරු දෙන්නගේ තාත්තා යම් කරුණක් හේතුවෙන් නීතියට යටත්ව දඬුවම් විඳීන්නෙක්. එදාවේල හොයාගන්න නොවිඳීනා දුක් විඳීන අම්මාට මේ පොඩ්ඩො දෙන්නත් පිටුවහලක් වෙනවා. සම වයසේ මිතුරන් සතුටින් පසු වෙනවා දකිද්දී,මේ පුංචි හිත් අසරණවුණ වාර අනන්තයි. නමුත් ඔවුන් දන්නවා තම පවුලේ පවතින අග හිඟතා මැද ඔවුන් දකින දකින හීන හැබෑ නොවන බව. නමුත් එයාලා උත්සාහ කරනවා එයාලගේ හිත් වලටත් සතුට ළඟා කර ගැනීමට. ඒ සඳහා ඔවුන් දෙදෙනා විවිධ උපක්‍රමයන් යොදනවා. ඒ උත්සාහයන් විටෙක අතිශය සංවේදී වගේම, තව විටෙක හරිම හාස්‍යජනකයි. කුතුහලය මැද ආදරය සතුට සෙනෙහස සොයා යන ඔවුන්ගේ ගමනයි “රෝස කළේ අපි යං” තුළින් කියැවෙන්නේ. දරුවන් සෙවු සතුට ඔවුන්ට හිමිවේද? පියා නීතියට කොටුවූයේ ඇයි යන පැනයටත් පිළිතුරු නොපමාව ප්‍රේක්ෂකයාට ලැබෙනු ඇත.

“රෝස කැලේ අපි යං” අධ්‍යක්ෂ තරිඳු විමලවීරගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයයි. නිර්මාණකරණයට නවකයෙකු නොවූ ඔහු, දිගු කලෙක පටන් ගීත රූප රචනා සහ වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ නියැළී සිටින්නෙක්. ජනප්‍රිය ගීත රූප රචනා නිර්මාණකරණය වෙනුවෙන් අවස්ථා රැසකදීම සම්මානයට පාත්‍රව ඇති ඔහු, විශාල ගීත ප්‍රමාණයක් සඳහා තම නිර්මාණශීලී දායකත්වය එක්කර ඇත. පසුගිය කාලයේ ප්‍රචාරය වූ කුමාර ධර්මසේනගේ “උනන්දුවා” සුවඳ විලවුන් වෙළඳ දැන්වීමේ නිර්මාණකරුවාද ඔහු විය. කැමරා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රතිභාපූර්ණ සංස්කරණ ශිල්පියෙකදු වන තරිඳු, ඔහුගේ දෙවන සිනමා නිර්මාණය සඳහා මේ දිනවල මූලික කටයුතු සූදානම් කරමින් සිටී.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew