Sathi

Sathi

සාති

Black & White 35 mm

Film No: 824  ·  Released: 19 Jan 1996

59.4% · 1,903 votes
Rate this film

Summary

NameSathi / සාති
Film No824
Released Date19 Jan 1996
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Ranjan Ramanayake Main Actress: Gothami Pathiraja Producer: Nihal Rathnasiri Producer: Ranjith Sandanayaka Producer: Indika Sampath Perera Director: C.T. Perera

සතී අහිකුණ්ටික තරුණියකි. කඩපිල් ගෙවල් අසලට ගොස්, ගීත ගයමින් සිටින ඇයව වසන්ත නමැති චිත්‍ර ශිල්පියකුගේ නෙත ගැටෙයි. සතී කෙරෙහි අනුරාගයෙන් පසුවෙන ගමේ සිටින පුද්ගලයින් දෙදෙනෙකි.

එක අයකු වයසක කඩ හිමියෙකු වන අතර අනෙක් තැනැත්තා ගමේ ප්‍රධානියාය. දිනක් සතී ට බලහත්කාරකම් කිරීමට සැරසෙන කඩ හිමියා එය අසාර්ථක වීම නිසා පිස්සෙකු බවට පත්වේ. මේ අතර ගම ප්‍රධානියා සතී ගැන ඇස ගසාගෙන සිටී . සතී තමාට අකමැතිවීමට කරුණු සොයා බලන ගමේ ප්‍රධානියා වසන්තගේ මවද හවුල් කර ගනී. රදල වන්සක්කාර පවුලක තරුණයකු වූ වසන්තට සතී ව අතහරින ලෙස ඔහුගේ මවගෙන් බැලපෑම් එල්ල වේ. වසන්තට අවසානයේ දී තම මව තෝරා ගැනීමට සිදුවේ. මේ අතර ගම් ප්‍රධානියාගේ ගෝලයා විසින් සතී ව දුෂණය කරනු ලබයි. මෙය සියැසින් දකින ගම ප්‍රධානියා ගෝලයා සමග සටනට පැටලෙයි. ගෝලයා අතින් ගම් ප්‍රධානියා මරුමුවට පත්වෙයි. සිහිවිකල් වන සතී රිය අනතුරකට භාජනය වේ. රෝහල්ගත වන ඇයගේ ජිවිතයට ඉන්පසු පිළිසරණ ලැබෙන්නේ සතී රිය අනතුරට භාජනය වූ රථය හිමි කරුණාවන්ත කාන්තාවගෙනි. එම කාන්තාව සතී ට උසස් අධ්‍යාපනයක් ලබා දෙමින් ඇයව ප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් කරයි. සතීගේ නම ගංගා ලෙස වෙනස් වෙයි.

දිනක් නොසිතු ලෙස ගංගාව තරුණයන් පිරිසක් අතින් දුෂණයට ලක්වීමට යයි. මෙය වෙරළේ චිත්‍රයක් අදිමින් සිටින වසන්ත දකී. ඔහු ගංගාව මේ තරුණයින් පිරිස ගෙන් බේරා ගනී. අවුරුදු පහලවකට පසු හමුවන ගංගා සතී බව වසන්ත පසුව හදුනාගනී. එදා සමාජයත් තම මවත් නිසා සතී ව අත්හැරීය. නමුත් අද තමා සමාජයට මුහුන දීමට සුදානම් බවත් පවසන වසන්ත තමා හා එක වන ලෙස ඇය ගෙන් ඉල්ලා සිටී. කරනු තේරුම් ගත් සතී වසන්ත හා එක්වෙයි.

Cast

Crew

Other Crew