Anil Premachandra

Anil Premachandra

අනිල් ප්‍රේමචන්ද්‍ර

60.07% · 1,078 votes
Rate this artist

Summary

NameAnil Premachandra
Sinhala Nameඅනිල් ප්‍රේමචන්ද්‍ර

Biography

වේදිකා පසුතල නිර්මාණකරුවෙක්, චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කරන අනිල් ප්‍රේමචන්ද්‍ර 83’ දී කලා ක්ෂේත්‍රයට අත්පොත් තැබුවේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ලෙසිනි.

සසර සැරි සරන තෙක් ඔබ මගේ, ජයශ්‍රීවේ කුමරියේ, රන් හදවත චණ්ඩි රජා, චණ්ඩි රැජිණ, හායි මාස්ටර්, දේදුන්නෙන් සමනලියක්, රජ වැඩකාරයෝ, පාලම යට, රජ සෙල්ලං ආදී චිත්‍රපට 14 ක පමණ සහය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අනිල්, ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍ය සඳහා මුලින්ම සහය අධ්‍යක්ෂණයෙන් පුංචි තිරයට එක් විය. ඉරට අඬන මල් ඔහුගේ සහය අධ්‍යක්ෂණයෙන් එක් වු තවත් ටෙලි නිර්මාණයක් විය.

චන්ද්‍රසිරි ශ්‍රී වික්‍රමගේ නිෂ්පාදනය කළ රතු එළිය වේදිකා නාට්‍යයේ පසුතල නිර්මාණය වෙනුවෙන් වේදිකාවට එක් වු අනිල් බෝ ගුම්බා, සනි අයියා, මිනිසෙක් නොව දෙවියෙක්, ඇස් ලද්දෝ, මාතා ආදී නාට්‍ය බොහොමයක වේදිකා පසුතල නිර්මාපකයා විය. 87’ දී සංස්කෘතික අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ කෙටි නාට්‍ය උලෙළේ දී මාතා නාට්‍ය සඳහා හොඳම වේදිකා පසුතල නිර්මාණය වෙනුවෙන් සම්මාන ලැබීමට අනිල් සමත් විය.

සහය අධ්‍යක්ෂණයෙන්, වේදිකා පසුතල නිර්මාණයෙන් කලා නිර්මාණ සඳහා එක් වූ අනිල් රංගනයෙන් ද නිර්මාණ කිහිපයක් සඳහා දායක විය. ජයශ්‍රීවේ කුමරියේ, හිට්ලර් අයියා, හායි මාස්ටර්, ක්‍රිස්තු චරිතය, කළු එළවළු මුදලාලි ආදී චිත්‍රපට හා වේදිකා නාට්‍ය කිහිපයක් සඳහා රංගනය ද එක් කළේය.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු 89’ දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථිර රැකියාවට යාමත් සමඟ කලාවෙන් දුරස් වුව ද ඉඩකඩ ලැබුණු සෑම අවස්ථාවකදීම කලා නිර්මාණ වෙනුවෙන් දායක වීම අනිල්ගේ ක්‍රියා පිළිවෙත වී තිබේ. අකුරු ඇඳීම හා පේන්ට් නිර්මාණයේ සහජ හැකියාවක් කියාපාන අනිල් එයට සම්බන්ධ රැකියාවක ද නියුතුව සිටී.

රජවැඩකාරයෝ, ක්‍රිස්තු චරිතය චිත්‍රපටවල වැඩ කිරීමට යාමත් සමඟ ජනකාන්ත නළු විජය කුමාරතුංගයන් හඳුනා ගත් අනිල් ඔහුගේ උදවුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිවිල් ඉංජිනේරු අංශයේ රැකියාවකට එක්වීමට ලැබීම අදත් ඔහු සිහිපත් කරනුයේ කෘතවේදිත්වයෙන් යුතුවය.

සුනිල්සෝම පීරිස්, යසපාලිත නානායක්කාර, එච්. ඩී. ප්‍රේමරත්න, බර්මින් ලයිලි ප්‍රනාන්දු ආදී ප්‍රවීණ අධ්‍යක්ෂවරු යටතේ කලාවට එක් වී සිටි අනිල් ඉඩකඩ ලැබෙන හැම අවස්ථාවකදීම අදත් කලා නිර්මාණ වෙනුවෙන් සිය දායකත්වය එක්කරලනුයේ සිය හදපිරි ළෙන්ගතු සිතිණි. 135/123, නාවල පාර, නාරාහේන්පිට අනිල් ප්‍රේමචන්ද්‍රගේ ලිපිනයයි.

චන්දන

As a Crew

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 6501987 Raja Wedakarayo රජ වැඩකාරයෝ Assistant Director Sunil Soma Peiris
2 6821990 Dedunnen Samanaliyak දේදුන්නෙන් සමනලියක් Assistant Director Yasapalitha Nanayakkara
3 6911990 Palama Yata පාලම යට Assistant Director H.D. Premarathna
4 6921990 Chandi Raja චන්ඩි රජා Assistant Director Sunil Soma Peiris
5 7081991 Raja Sellam රජ සෙල්ලම් Assistant Director Sunil Soma Peiris
6 7131991 Ran Hadavatha රන් හදවත Assistant Director Sunil Soma Peiris
7 7241992 Jaya Sri Wey Kumariya ජය ශ්‍රී වේ කුමරියේ Assistant Director Yasapalitha Nanayakkara
8 7331992 Chandi Rajina චන්ඩි රැජින Assistant Director Sunil Soma Peiris
9 7541993 Sasara Serisaranathek Oba Mage සසර සැරිසරනතෙක් ඔබ මගේ Assistant Director Ananda Wickramasinghe
10 10692007 Hai Master හායි මාස්ටර් Assistant Director Ranjith Siriwardhana