Donald Ivan

Donald Ivan

ඩොනල්ඩ් අයිවන්

Died 09 Mar 2012

Birth date unknown - 09 Mar 2012

59.24% · 1,546 votes
Rate this artist

Summary

NameDonald Ivan
Sinhala Nameඩොනල්ඩ් අයිවන්
Died09 Mar 2012

Biography

පුරෝගාමී ශබ්ද පරිපාලකයකු ලෙසින් වසර 30 කට අධික කාලයක්‌ සංගීත ක්ෂේනත්රජය වෙනුවෙන් අද්විතීය මෙහෙයක්‌ ඉටු කළ ප්රුවීණ ශබ්ද පරිපාලක ඩොනල්ඩ් අයිවන් මහතා පසුගිය 2011 මාර්තු මස 09 වැනි දින අභාවප්රා්ප්ත විය. මේ සටහන ඔහු වෙනුවෙනි.

1. මගේ ළමැද සුව යහනක්‌ - ප්රිඔයා සූරියසේන

2. මාගේ සැමරුම් පොතේ - ප්රිඔයා සූරියසේන

3. හැරදා විමන් සිය මා පියන් - ප්රිඔයා සූරියසේන

4. සෙනෙහස බිඳුවක්‌ - මිල්ටන් මල්ලවආරච්චි

5. කඳුළකදෝ සැඟවී උන්නේ - මිල්ටන් මල්ලවආරච්චි

6. බලා හිඳිමි දුර ඈතක - නීලා වික්ර්මසිංහ

7. ඔබ මා හමු වූ අවසන් දිනේ - කීර්ති පැස්‌කුවල්

8. ගඟ අද්දර - වික්‌ටර් රත්නායක

9. හිරු දහසක් නැති -ටී.එම්. ජයරත්න

10. අනන්තයට යමු පියාඹලා - ක්ලැරන්ස් විජේවර්ධන

11. ප්රේතම විජිතයේ පැතුව සරා සඳ - ෂෙල්ටන් මුතුනමගේ

12. මට කඳුළක් ගෙනා දා මතකයි - ශාන්තී මදුරප්පෙරුම

සුවහසක්‌ සිත් සතන් පින වූ ඒ මියුරු ගීතයන්ගේ සොඳුරු පද රචකයා ඔහුයි. ගී පද රචනයට පිවිසි ප්රජථම ශබ්ද පරිපාලකයා වුයේ ද ඔහුයි.ලංකාවේ බිහි වූ ප්රතථම කැසට්‌පටය වූ මිල්ටන් මල්ලවආරච්චි ගී ගැයූ - සඳෙන් එහා - හි ශබ්ද පරිපාලකයා වූයේ ද ඔහුමය.

කැසට් පට රැසක මෙන්ම ‘ගඟ අද්දර’, ‘අහසින් පොළොවට’, ‘නිල්ල සොයා’, ‘දයාබර නිලූ’, ‘විසිහතර පැය’ වැනි ජනපිරැස ය චිත්රදපට රැසක ද ශබ්ද පරිපාලකවරයා වූවේ ඩොනල්ඩ් ය.

එපමණක්‌ නොව ලංකා කැසට්‌ පට ඉතිහාසයේ මහත් පෙරළියක්‌ කළ මොහිදීන් බෙග්, එච්. ආර්. ජෝතිපාල ලතා - ධර්මදාස වල්පොල ආදීන්ගේ පැරැණි ගීත නව සංගීතයට මුසුවෙද්දී ඒ හඬවල් පටිගත කළේ ද ඔහුයි.

මුලින්ම වර්නන් පෙරේරා ගායන ශිල්පියාගේ ඊ පී. තැටියක්‌ වෙනුවෙන් ගීතයක්‌ ලියූ ඔහු පසු කාලයේදී දනන් මුවඟ රැව්දෙන ජනප්රි ය තලයේ ගීත ප්ර.බන්ධ කිහිපයකටම හිමිකම් කී ඩොනල්ඩ් අයිවන්, ඔහුගේ ඉටු නොවූ බලාපොරොත්තු අතර ඔහු විසින් පබැඳු නිර්මාණ එකතුවක්‌ රසිකයනට තිළිණ කිරීම ද වේ. කලකට පෙර පැරැණි ශිල්පීන් කිහිපදෙනකුගේ කැසට්‌ පට කිහිපයක්‌ වෙළෙඳපොළට නිකුත් කිරීමට ද ඔහු කටයුතු කළේය.

ඊ.පී./ එල්. පී. තැටි යුගයෙන් ආරම්භ කළ ඔහුගේ ගමන් මඟ කැසට්‌ පටය හරහා සංගත තැටිය දක්‌වා වසර 30 කට අධික කාලයක්‌ ශබ්ද පරිපාලකයකු, ගීත රචකයකු මතු නොව හිත හොඳ මිනිසකු සේ ද කලා ලොව දිග්විජය කළේය.

වයඹ පුරවරයේ සුන්දර මාරවිල ග්රා්මයේ උපත ලැබූ එහිම ශාන්ත සේවියර් හා මාදම්පේ මධ්යහ මහා විද්යාලල තුළින් මූලික අධ්යා පනය හදාරා, කාර්මික ක්ෂේ ත්රාය පිළිබඳව වූ ඇල්ම නිසාම කොටහේනේ ගරු ඉග්නේෂස්‌ පියතුමා යටතේ වූ ගුවන් විදුලි රසායනාගාරයට ඇතුළත්ව වසර දෙකක පුහුණුවකින් පසුව එහිම වසර පහක්‌ සේවයේ නිරතව ලද දැනුම තව තවත් ඔපවත් කර ගනිමින් 1974 වසරේදී ජෝ නෙත් ශබ්දාගාරයේ ප්රාධාන ශබ්ද පරිපාලක ලෙසින් සේවයට එක්‌වන්නේ ගරු රූපස්‌ බෙනඩික්‌ පියතුමාගේ පූර්ණ ආශිර්වාදයෙනි.

එකල ක්‌ලැරන්ස්‌ විෙ-වර්ධනයන් ගැයූ නත්තල් කැරොල් ගීත කිහිපයක්‌ සඳහා මුලින් ම නාද සංකලනය කළ ඔහු එදා මෙදා තුර රුක්‌මණී දේවියගේ සිට නිරෝෂා විරාජිනී දක්‌වා දහස්‌ ගණනක්‌ ගීත වෙනුවෙන් ඔහුගේ හඬ පාලන දායකත්ව දැනුම පිදීය. ඒ අතර සිංහල චිත්රරපට විශාල ප්රාමාණයක්‌ ද, ගීත තැටි 500 කට අධිකව ද ගීත කැසට්‌ පට හා සංගත තැටි ද විය.

"ඩොනා" යන සුරතල් නමින් කලා ලොවේ කා අතරත් ආදරය, ගෞරවය දිනා සිටි ඔහුගේ දයාබර බිරිඳ වූයේ ලංකාවේ ප්ර්ථම කැසට්‌ පට නිෂ්පාදක සහ චිත්ර,පට නිෂ්පාදක "තරංගා" අධිපති විජය රාමනායකගේ ආදරණීය නැඟණිය වූ ප්රෙැමිලා රාමනායකයි. ඔවුන්ගේ කැදැල්ල සැරසූ එකම දියණිය දුලංජි ශාන්ත බ්රිතජට්‌ කන්යාේරාමයේ දීප්තිමත් සිසුවියකි.

මුලාශ්රත දිනමිණ සහ දිවයින පුවත්පත් අනුග්රරහයෙනි. —

As a Crew

Sound Management

#Film NoYearFilm RoleDirector
1 3431976 Nilla Soya නිල්ල සොයා Sound Management Sena Samarasinghe
2 3941978 Ahasin Polovata අහසින් පොලවට Sound Management Dr. Lester James Peries
3 4231979 Visihathara Peya විසිහතර පැය Sound Management Densil P.Abewardana
4 4421980 Ganga Addara ගඟ අද්දර Sound Management Sumithra Peiris
5 4801981 Dayabara Nilu දයාබර නිලූ Sound Management Kandapola Kumarathunga