Gamini Disanayake

Gamini Disanayake

ගාමිණි දිසානායක

57.5% · 1,113 votes
Rate this artist

Summary

NameGamini Disanayake
Sinhala Nameගාමිණි දිසානායක

Biography

මේ කලාකරුවාගේ නම ගාමිණී දිසානායකය. කොළඹින් දුර බැහැර ගම්පියසක සිට ගෙන්දගම් පොළවේ කරක් ගසමින් ඔහු සටන් අධ්‍යක්ෂවරයකු ලෙසින් පෙරට ඒමට වැර වෑයමින් කටයුතු කරයි.

මට මුලදී ඕන වුණේ නළුවෙක් වෙන්න. ඒ නිසා මං නිතරම සරසවිය බැලුවා. අවස්ථාවන් සොයමින් කල්ගත කළා. ඔය අතරේ තමයි මට වසන්ත කුමාරවිල මහත්මයාව හමු වන්නේ. මං ඔහුට මාස හයක් විතර එක දිගට කතා කළා. මාව අමතක වේවි කියලයි එහෙම කළේ. ඔන්න දවසක් වසන්ත මහත්මයා උදෙන්ම එන්න කිව්වා. මම දන්නේ නැහැ මොකටද කියලාවත්. ඔහුට තිබෙන ගෞරවයට මං ඔහු කියපු තැනට කියපු වේලාවට ගියා. එතැන චිත්‍රපටයක් ෂූට් කරනවා. ඒ අලි පැංචා මගෙ මිතුරා. වසන්ත මහත්මයා මට එන්න කියලා තියෙන්නේ ඒ චිත්‍රපටයේ සටන් ජවනිකාවකට. එතැන් පටන් මං දිගටම ඔහුත් එක්ක සටන් ජවනිකාවලට පෙනී සිටියා. චිත්‍රපට වශයෙන් ගතහොත් රන්ජා, රන් සයුර, රේන්බෝ, වැඩ බැරි ටාසන්, ජය පිට ජය ඉන් කිහිපයක්. වසර දහතුනක් පමණ මං එහෙම අත්දැකීම් ලබා ගත්තා. ඊට පසුව මං සටන් අධ්‍යක්ෂණයට ද පිවිසුණා. ඒ මගෙ පුතු සිරිමල් චිත්‍රපටයෙන්. පුංචි එවුන් සූරයෝ, ඊතලය මං සටන් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට දෙකක්. සටන් කරද්දී හරි හරි වැඩ වෙනවා. මට වඩාත් මතක සිද්ධියක් තියෙනවා. ඒක මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා. අජාසත්ත චිත්‍රපටය රූපගත කරද්දී මට වැවකට පනින්න තිබුණා. ජලය පිරුණු තැනකට පැන්නත් එතැන ගලක් තිබිලා තියෙනවා. අන්තිමේ මගේ ඇඟිල්ල පිපිරුවා ගලේ වැදිලා. ඒක මට අමතක වෙන්නේ නැහැ.

වර්තමානයේ මගේ පදිංචිය පිළියන්දල. ඒත් ගම කැබතිගොල්ලෑවේ නබඩවැව කියන සුන්දර ගම්මානය. ගෝනාව මහ විදුහලෙනුයි අධ්‍යාපනය හැදෑරුවේ. මං කලින් යුද හමුදාවේ සේවය කළා. නමුත් දැන් මම වෘත්තීය කලාකරුවෙක්. ඒ අන්දමින්ම ජීවිතය ඉදිරිය දකිනවා. මේ ගාමිණීගේ ජංගම දුරකතන අංකයයි 0775379017.

සටහන - ප්‍රසාද්

සේයාරුව - නිශ්ශංක

As a Cast

#Film NoYearFilm RoleDirector
1 10652007 Weda Beri Tazan වැඩ බැරි ටාසන් Actor -
2 11182010 Jaya Pita Jaya ජය පිට ජය Actor Sunil Soma Peiris
3 11842014 Ranja රන්ජා Actor Sudesh Wasantha Pieris
4 12442017 Ran Sayura රන් සයුර Actor Sudesh Wasantha Pieris