Lal Senadeera

Lal Senadeera

Full Name: Lal Senadheera විපත 05 Sep 1997

Birth date unknown - 05 Sep 1997

60.4% · 1,638 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමLal Senadeera
සම්පූර්ණ නමLal Senadheera
විපත05 Sep 1997

චරිතාපදානය

‘කෝපි කඩේ’ රත්නෙ ළමයා ලෙසින් මුළු රටක් ආදරය කළ ලාල් සේනාධීර මිනිස් කමින් පිරී ගිය උදාර හදවතක් තිබු සුන්දර කලා කරුවකු විය.

පුරා වසර එකොළහකට අධික කාලයක් ‘අන්නාසි වත්තේ රත්නෙ ළමයා’ ලෙසින් ප්‍රේක්‍ෂක ජනතාවගේ් ආදරය ලබා සිටි ලාල් කෝපි කඩේ කතාංග 549 ක පමණ රඟපෑවේය. 1948 අප්‍රේල් 16 වැනි දා අතුරුගිරියේ දී උපත ලැබූ ලාල් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා බත්තරමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ගබඩා පාලකවරයකු ලෙස රැකියාව ආරම්භ කළේය. පසුව එම රැකියාවට ආයුබෝවන් කියා නළුකම සිය වෘත්තිය බවට පත් කර ගනිමින් 1967 දී ජී. ඩී. එල් පෙරේරාගේ ‘ඉහට වහල නිල් අහසයි’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේය.

1978 දී සුදාස් මාස්කෝරාලගේ ‘කුමර කුමරියෝ’ චිත්‍රපටයෙන් සිනමා ගමන් ඇරඹු ඔහු පාලම යට, ඇර සොයිසා, සිල්වා, රණබිමේ වීරයා, මම බය නෑ ශ්‍යාමා, ඇසල සඳ, සඳ මඬල වැනි චිත්‍රපට රැසක චරිත නිරූපනය කළේය.

ලොක්කෙ මාමා ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ වූ ලාල් පටලැවිල්ල, පියාඹන අස්සයා, හිරුට මුවාවෙන්, දියසේන ආදී ටෙලි නාට්‍ය කීපයකම රඟපෑව ද කෝපි කඩේ රත්නෙ ළමයා ඔහු රඟපෑ ජනපි‍්‍රයම චරිතය විය. 1997 සැප්තැම්බර් 05 වැනි දා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලොවින් සමුගන්නා විට ලාල් 49 වැනි වියේ පසු වූයේය.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 3911978 කුමර කුමරියෝ කුමර කුමරියෝ Actor Sudas Maskorala
2 4301980 සිල්වා සිල්වා Actor Herbert Ranjith Peiris
3 5931984 ඇර සොයිසා ඇර සොයිසා Actor Herbert Ranjith Peiris
4 6911990 පාලම යට පාලම යට Actor H.D. Premarathna
5 6951990 හිත හොඳ පුතෙක් හිත හොඳ පුතෙක් Actor Roy De Silva
6 7111991 ඇසළ සඳ ඇසළ සඳ Actor Lionel Panduwawala
7 7221992 රණබිමේ වීරයා රණබිමේ වීරයා Actor Ranjith Siriwardhana
8 7291992 සක්විති රජ සක්විති රජ Actor Sunil Soma Peiris
9 7811994 සඳමඩල සඳමඩල Actor Malani Fonseka
10 8141995 මම බය නැ ශ්‍යාමා මම බය නැ ශ්‍යාමා Actor M.S. Anandan
11 8331996 හිත හොඳනම් වරදින්නේ නැ හිත හොඳනම් වරදින්නේ නැ Actor W. Ranjith Perera
12 8701998 යුද ගිනි මැද යුද ගිනි මැද Actor Ranjith Siriwardhana
13 10692007 හායි මාස්ටර් හායි මාස්ටර් Actor Ranjith Siriwardhana

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play