ලියොනි කොතලාවල

ලියොනි කොතලාවල

Full Name: Liyoni Kothalawala උපත 18 September 1944 විපත 19 June 2022

18 September 1944 - 19 June 2022

61.91% · 1,988 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමලියොනි කොතලාවල
සම්පූර්ණ නමLiyoni Kothalawala
උපත18 September 1944
විපත19 June 2022

චරිතාපදානය

1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇය රංගනයට පිවිසියාය.

පසුව එම නමින්ම යුතු “සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට එක්වූ ඇය “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ”, “එකමත් එක රටෙක”, “මචං”, “බොරදියපොකුණ”, “බන්ධනය” ,“පුනරුප්පත්තිය”සහ “දැවෙන විහඟුන්” වැනි චිත්‍රපටවලද “සෝමාගේ සිහිනය”, “තාරාදේවී”, “චරිත තුනක්”, ‘කුමාරිහාමි”, “චාරුලතා”, “අරවින්ද සහ ඉන්දු”, “හිරුට මුවාවෙන්”, “සංගීතේ“ යනාදී ටෙලි නාට්‍යවලද ඇය රඟපා තිබේ.

1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇය සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඒ වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා ද නිර්දේශ වූවාය.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට යන ත්‍රිවිධ ක්ෂෙත්‍රයන්හි ප්‍රකට වූ ලියෝනි විවාහ වී සිටියේ ඡායාරූප ශිල්පී තිස්ස කොතලාවල සමගිනි. සැමියා 2000 වසරේදී දිවියෙන් සමුගෙන තිබෙන අතර ඇයට පුතුන් පස් දෙනෙකුද මුණුබුරු මිනිපිරියන් රැසක්ද සිටී.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1011964 චන්ඩාලි චන්ඩාලි Actress L.S. Ramachandran
2 1521967 පිපෙන කුමුදු පිපෙන කුමුදු Actress Ruby De Mel
3 4721981 වජිරා වජිරා Actress Sunil Ariyaratne
4 7261992 රජ දරුවෝ රජ දරුවෝ Actress Daya Wimalaweera
5 8521997 පුනරුප්පත්තිය පුනරුප්පත්තිය Actress Jayantha Rathnayaka
6 9962003 සුළං කිරිල්ලි සුළං කිරිල්ලි Actress Inoka Sathyangani Kirthinanda
7 11042009 එකමත් එක රටෙක එකමත් එක රටෙක Actress Sanath Gunathilake
8 11992015 බොර දිය පොකුණ බොර දිය පොකුණ Actress Satyajit Maitipe
9 12482017 බන්ධනය බන්ධනය Actress Udayakantha Warnasuriya
10 12812018 දැවෙන විහඟුන් දැවෙන විහඟුන් Actress Sanjeewa Pushpakumara

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 දෝනි අමායා දෝනි අමායා Actress Keerthi Bandara

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play