Manel Jayasena

Manel Jayasena

Born 1935 Died 24 Jul 2004

1935 - 24 Jul 2004

57.89% · 1,892 votes
Rate this artist

Summary

NameManel Jayasena
Born1935
Died24 Jul 2004

Biography

මෙරට අග්‍රගණ්‍ය කලා ශිල්පිණියක වූ මානෙල් ජයසේන සිංහල වේදිකාවේ කිසිසේත්ම අමතක කළ නොහැකි ප්‍රවීණ රංගවේදිණියක වූවාය.

1962 දී හෙන්රි ජයසේනයන් සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඇය 1963 දී ‘කුවේණි’ නාට්‍යයත් සමඟින් රංගන චාරිකාව ආරම්භ කළාය.

තම කුළුඳුල් රංගනයෙන්ම හොඳම වේදිකා නාට්‍ය රංගන ශිල්පිණිය ලෙස සම්මානයට පාත්‍ර වූ ඇය ‘අපට පුතේ මගක් නැතේ, දිරිය මව, අහස් මාලිගා, මනරංජන වැඩ වර්ජන, සරණ සියොත් සේ, තවත් උදෑසනක් සහ හුණුවටයේ කතාව’ නාට්‍ය ඇතුළු නාට්‍ය රැසකින් ප්‍රේක්ෂකයාගේ බුහුමනට පාත්‍ර වූවාය.

හුණුවටයේ කතාවේ ගෲෂාගේ භූමිකාව වසර 32 ක් පුරා වේදිකාවේ රඟ දුන් ඇය පුංචි තිරයේ ද ආදරණීය ශිල්පිණියක වූවාය.

සත්පුර වැසියෝ, සූරිය දරුවෝ, හිරු කුමාරි, ස්වර්ණ කිංකිණි, එක ගෙයි කුරුල්ලෝ, අඳුකොළ, ඉරට මුවාවෙන් ඇතුළු සීමිත ටෙලි නාට්‍ය සංඛ්‍යාවක රඟ පෑ ඇය රෙජී පෙරේරාගේ සැඩොල් කඳුළු, ඩී. බී. නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය, උදයකාන්ත වර්ණසූරියගේ මහමෙර උසට චිත්‍රපටවල ද රඟපෑවාය.

2004 වසරේ ජූලි 24 වැනිදා ජීවන රඟමඬලින් නික්ම ගිය මානෙල් ඒ වන විට 68 වැනි වියේ පසු වූවාය

Sarasaviya

As a Cast

#Film NoYearFilm RoleDirector
1 931963 Gamperaliya ගම්පෙරළිය Actress Dr. Lester James Peries
2 1591967 Sadol Kandulu සැඩොල් කඳුළු Actress Regie Perera
3 1591967 Sadol Kandulu සැඩොල් කඳුළු Actress Regie Perera
4 4421980 Ganga Addara ගඟ අද්දර Actor Sumithra Peiris
5 5101982 Ridee Nimnaya රිදී නිම්නය Actress D. B. Nihalsinghe
6 8591997 Mahameara Usata මහමෙර උසට Actress Udayakantha Warnasuriya
7 9372001 Poronduwa පොරොන්දුව Actress Chandran Rutnam