Manel Jayasena

Manel Jayasena

උපත 1935 විපත 24 Jul 2004

1935 - 24 Jul 2004

57.89% · 1,892 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමManel Jayasena
උපත1935
විපත24 Jul 2004

චරිතාපදානය

මෙරට අග්‍රගණ්‍ය කලා ශිල්පිණියක වූ මානෙල් ජයසේන සිංහල වේදිකාවේ කිසිසේත්ම අමතක කළ නොහැකි ප්‍රවීණ රංගවේදිණියක වූවාය.

1962 දී හෙන්රි ජයසේනයන් සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඇය 1963 දී ‘කුවේණි’ නාට්‍යයත් සමඟින් රංගන චාරිකාව ආරම්භ කළාය.

තම කුළුඳුල් රංගනයෙන්ම හොඳම වේදිකා නාට්‍ය රංගන ශිල්පිණිය ලෙස සම්මානයට පාත්‍ර වූ ඇය ‘අපට පුතේ මගක් නැතේ, දිරිය මව, අහස් මාලිගා, මනරංජන වැඩ වර්ජන, සරණ සියොත් සේ, තවත් උදෑසනක් සහ හුණුවටයේ කතාව’ නාට්‍ය ඇතුළු නාට්‍ය රැසකින් ප්‍රේක්ෂකයාගේ බුහුමනට පාත්‍ර වූවාය.

හුණුවටයේ කතාවේ ගෲෂාගේ භූමිකාව වසර 32 ක් පුරා වේදිකාවේ රඟ දුන් ඇය පුංචි තිරයේ ද ආදරණීය ශිල්පිණියක වූවාය.

සත්පුර වැසියෝ, සූරිය දරුවෝ, හිරු කුමාරි, ස්වර්ණ කිංකිණි, එක ගෙයි කුරුල්ලෝ, අඳුකොළ, ඉරට මුවාවෙන් ඇතුළු සීමිත ටෙලි නාට්‍ය සංඛ්‍යාවක රඟ පෑ ඇය රෙජී පෙරේරාගේ සැඩොල් කඳුළු, ඩී. බී. නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය, උදයකාන්ත වර්ණසූරියගේ මහමෙර උසට චිත්‍රපටවල ද රඟපෑවාය.

2004 වසරේ ජූලි 24 වැනිදා ජීවන රඟමඬලින් නික්ම ගිය මානෙල් ඒ වන විට 68 වැනි වියේ පසු වූවාය

Sarasaviya

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 931963 ගම්පෙරළිය ගම්පෙරළිය Actress Dr. Lester James Peries
2 1581967 සැඩොල් කඳුළු සැඩොල් කඳුළු Actress Regie Perera
3 1581967 සැඩොල් කඳුළු සැඩොල් කඳුළු Actress Regie Perera
4 4421980 ගඟ අද්දර ගඟ අද්දර Actor Sumithra Peiris
5 5101982 රිදී නිම්නය රිදී නිම්නය Actress D. B. Nihalsinghe
6 8591997 මහමෙර උසට මහමෙර උසට Actress Udayakantha Warnasuriya
7 9372001 පොරොන්දුව පොරොන්දුව Actress Chandran Rutnam

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play