Richard De Zoysa

Richard De Zoysa

රිචඩ් ද සොයිසා

Full Name: Richard Manik de Zoysa Born 18 March 1958 Died 18 February 1990

18 March 1958 - 18 February 1990

60.19% · 1,356 votes
Rate this artist

Summary

NameRichard De Zoysa
Sinhala Nameරිචඩ් ද සොයිසා
Full NameRichard Manik de Zoysa
Born18 March 1958
Died18 February 1990

Biography

සුප්‍රසිද්ද මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. 1990 පෙබරවාරි මස 18 වන දින හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙසට ජනතා ඇඟිල්ල දිගු විය.

පසුතලය

සුප්‍රසිද්ද මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විය. ඔහුට එක සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටියහ. ඔවුන් මයිකල් සහ ලානාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු රිචඩ් ද සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන සිය රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට ඔහුව උද්යෝගිමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙසද ජයග්‍රහණය කළේය. එයට අමතරව ශාන්ත තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය. ඔහු විසින් ජාතික රූපවහිනියේ විකාශය වූ යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිතයටද පණපොවන ලදී . රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය. ඔහු ගාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කළේය.

මාධ්‍ය වාර්තා,ගුවන් විදුලි නාට්‍ය ,වාර්තාමය චිත්‍රපට සහ සම්මාන

රිචර්ඩ් දී සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප්‍රියෙල් 23 වන දින ටයිම්ස් සඟරාවේ විශේෂ ලිපියක් පළවූ අතර එය ශ්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරන ලදී. එම ලිපියේ අන්තර්ගතය වුයේ ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳව ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ශ්‍රී ලංකා රජයට බලවත් තර්ජනයක් වූ බව සඳහන් විය. පසුව රජයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බව වාර්තා විය.

රිචර්ඩ් දී සොයිසා ඝාතනය වීමෙන් පසුව ඉන්ටර්ප්‍රෙස්‌ මාධ්‍ය ආයතනය විසින් 1990 විශිෂ්ටතම ඇගයීමේ සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී. ඉන් පසුව 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ බි.බි.සී ( BBC ) මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට BBC Radio4 චැනලය ඔස්සේ විසුරුවා හැරුණි. එම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කොට තිබුනේ රිචර්ඩ් දී සොයිසා නම්වූ මාධ්‍යවේදියාගේ ජීවිතය සහ මරණය යන සිද්දීන් පාදක කොටගෙනය.

එමෙන්ම රිචර්ඩ් දී සොයිසාගේ මව පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක් රූගත කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් 2015 පෙබරවාරි 13 දින වාරණයට ලක් කෙරුණි. එම ච්ත්‍රපටය " දේ ඩාන්සින් එලෝන් " ( They Dance Alone ) යනුවෙන් නම්කොට තිබුණි.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 5981985 Yuganthaya යුගාන්තය Actor Dr. Lester James Peries
2 6321986 Koti Valigaya කොටි වලිගය Actor Gamini Fonseka
3 6411987 Sathyagrahanaya සත්‍යග්‍රහනය Actor D.B. Warnasiri
4 6521987 Viragaya විරාගය Actor Tissa Abeysekara