සාරාංශයඡායාරූප
Solomon Fonseka
1940 - 2000
57.207207207207
57% |   1332  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Solomon Fonseka
Prof. Salaman Fonseka
  • උපන්දිනය : 1940 July 17
  • විපත : 2000 07 21
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1සුද්දිලාගේ කතාව
    නළුවා
    1985
    2සිරිමැදුර
    නළුවා
    1989
    ජීවදත්ත

    ප්‍රකට රංගන විශාරදයකු, රංග කලා ගුරුවරයකු හා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදකවරයකු ද වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා 1940 ජූලි 17 වැනිදා උපත ලැබීය.

    දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑණා නාට්‍යයේ නරියාගේ භුමිකාව මුලින්ම නිරූපණය කළේ සාලමන් ෆොන්සේකාය. සාලමන් නමින් ප්‍රසිද්ධ වුවත් ඔහුගේ මුල් නම සොලමන් ෆොන්සේකා විය. සාලමන් නමින් ප්‍රසිද්ධ වූයේ ඔහු අධ්‍යක්ෂණය කළ ‘අහිමි ජීවිත’ වේදිකා නාට්‍යයේ ප්‍රචාරක කටයුත්ත සමඟිනි.

    චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් නුවර චාල්ස් විශ්ව විද්‍යාලයට ඇතුළු වී නාට්‍ය කලාව හා රංගනය පිළිබඳ ශාස්ත්‍රපති ගෞරව උපාධියත් නාට්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලබා ගැනීමට ඔහු සමත් විය.

    රංග කලාව පිළිබඳ ආචාර්ය උපාධියක් ගත් ලංකාවේ ප්‍රථම තැනැත්තා සාලමන් විය. ඔහුගේ විශිෂ්ට රංගනයන් අතර දයානන්ද ගුණවර්ධනයන්ගේ ස්වර්ණ තිලකා, පරාස්සයා, නරිබෑනා, ගුණසේන ගලප්පත්තිගේ දෙවතා එළි සහ හෙන්රි ජයසේනගේ තවත් උදැසනක් විශේෂ තැනක් ගනී.

    සුද්දිලාගේ කතාව, සිරි මැදුර ඔහු රඟපෑ චිත්‍රපට දෙකකි. ජාතික රූපවාහිනියේ ද සිය රංගන මාධුර්්‍යය විදහා දැක් වූ ඔහු ‘අහිමි ජීවිත’ වේදිකා නාට්‍ය මගින් නව රංගන කලාවක් ශ්‍රී ලංකාවේ වේදිකාවට හඳුන්වා දුන්නේය

    Sarasaviya

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS