Srimathi Karuna Dewi

Srimathi Karuna Dewi

ශ්‍රීමති කරුනාදේවි

Full Name: Wickramasinghe Mudalige Karunawathie Born 1920 Died 1993

1920 - 1993

59.88% · 1,159 votes
Rate this artist

Summary

NameSrimathi Karuna Dewi
Sinhala Nameශ්‍රීමති කරුනාදේවි
Full NameWickramasinghe Mudalige Karunawathie
Born1920
Died1993

Biography

ලීලාගේ චරිතය රඟපෑ ශ්‍රීමතී කරුණාදේවී (1920 - 1993) කොළඹ කුරුඳුවත්තේ උපන් ඇයගේ මුල් නම වික්‍රමසිංහ මුදලිගේ කරුණාවතීය. කොළඹ ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය ගුරු වෘත්තියට පිවිසි කාලයේම රූපසිංහ මාස්ටර් යටතේ සංගීතය ප්‍රගුණ කොට ප්‍රේමයේ ගායනා ඇසී. ආදී 40 දශකයේ ජනප්‍රිය ගීත රැසක් ගැයුවාය. ඇගේ දියණිය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන අප සමග මෙසේ පැවසුවාය.

අම්මා විවාහ වුණේ පීටර් සිර්වර්ධන කියන කොළොම්බියා තැටි සමාගමට ප්‍රථම ගීතය ගැයූ ගායකයා සමග. ‘කපුවා ක​පෝති’ ‘මතභේදය’ නාට්‍යවල රඟපෑ තාත්තා රඟ පෑ නාට්‍ය කොතරම් ද යත් පීටර් සිරිවර්ධන එනවා යනුවෙන් පෝස්ටර් අලවා තිබුණලු. සංගීතය ඉගෙන ගෙන ඔහු පොල්ගොල්ල රජයේ කාන්තා අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් දරා තිබෙනවා. තාත්තාව දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයට තෝරා ගත් බව අසා අම්මා කලබල වුණාලු. මොකද? තාත්තා ලස්සන මනා පෞරුෂයක් තිබූ තරුණයෙක් නිසා. බැරිම තැන ඉන්දියාවට යන කොට අම්මත් ගියාලු. එහෙදි ඉන්දියානු අධ්‍යක්ෂවරයා (එ්.එස්. බබා) අම්මාව දැකලා දිව්‍යමය ප්‍රේමයේ ප්‍රධාන චරිතය වූ ලලිතාට තෝරා ගත්තලු. තාත්තා රඟපෑවේ ලලිතා විවාහ වීමට එන සෙනෙවියාගේ චරිතය. පස්සේ අම්මා අශෝක මාලා චිත්‍රපටයේ චිත්‍රා දේවි චරිතයත් තාත්තා සමග රඟපෑවා. දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ එක දර්ශනයක ෆ්ලෝරා දේවි (විශාරද සුජාතා අත්තනායකගේ වැඩි මහල් සොහොයුරිය) අම්මාට ගැසූ කම්මුල් පාරට අම්මට ඇත්තට සිහි නැති වෙලා තියෙනවා.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 41948 Divya Premaya දිව්‍ය ප්‍රේමය Main Actress D.S. Babu, N.V. Javeri
2 7481993 Chaya චායා Actress Daya Wimalaweera

As a Crew

Script

#Film NoYearFilm RoleDirector
1 41948 Divya Premaya දිව්‍ය ප්‍රේමය Script D.S. Babu, N.V. Javeri