Subayar Makeem

Subayar Makeem

සුබයර් මකීන්

59.91% · 1,132 votes
Rate this artist

Summary

NameSubayar Makeem
Sinhala Nameසුබයර් මකීන්

Biography

සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කල මුල්ම මුස්ලිම් ජාතිකයා - සුබයිර් මකීන්

1974 වසරේදී ලංකාවේ මුස්ලිම් ජාතිකයෙක් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු මුල්ම සිංහල චිත්‍රපටය තිරගත වුනා.

මේ චිත්‍රපටය "හදවත් නැත්තෝ."

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුබයිර් මකීන් මහතා විසින්.

ඒ.ජේ සොයිසා ගේ කතාවක් ඇසුරින් පුණ්‍යා බුලත්සිංහල දෙබස් ලිවූ මෙම චිත්‍රපටයේ තිර නාටකය ලියන ලද්දේ ත් සුබයිර් මකීන් විසින්.ඩොමී ජයවර්ධන, රොබින් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න (විල්සන් කරු), ඔස්වල්ඩ් ජයසිංහ, නීටා ප්‍රනාන්දු වැනි නලු නිලියන් රැසක් මේ චිත්‍රපටයේ රඟපෑවා. විල්සන් කරු හා නිහාල් සිල්වා යන දෙපල සිනමාවට හඳුන්වා දෙන ලද්දේත් මේ චිත්‍රපටයෙන්.

ධනවත් නිවෙසක හිමිකාරියකගේ පුත්‍රයා අතින් අතවරයට ලක් වන මෙහෙකාරියක් පසුව නිවසින් පන්නා හරිනු ලබනවා. ඇයට හමුවන සයිමන් නමැත්තකු විසින් ඇයව ගණිකා වෘත්‍තියේ යොදවනු ලබනවා. ඇයට හමුවන විලිසොන් නම් වරායේ කම්කරුවෙක් ඇයව විවාහ කරගෙන දුර ප්‍රදේශයක පදිංචියට යයි. මේ අතර සයිමන් විසින් මැරයින් යොදා විලිසොන් ට පහරදී මරා දමනු ලබනවා

ජීවනෝපායය පිණිස සිඟමනට වැටෙන තරුණිය කොළඹ නගරයට ආ විටකදී සයිමන් ඇයව ලුහු බඳියි. දුම්රියකට පැන සිය දිවි නසා ගැනීමට අදහස් කරන තරුණිය අවසානයේ එම අදහස වෙනස් කර බුදු සරණ පතා මෙහෙණියක් බවට පත්වෙනවා.

මෙවැන් කතා පුවතක් සහිත "හදවත් නැත්තෝ" චිත්‍රපටය , විචාරකයින්ගේ පැසසුමට ලක්වූ චිත්‍රපටයක් .එමෙන්ම එය දින 50 පසුකරමින් ප්‍රේක්ෂක ප්‍රතිචාරය හොඳින් ලබමින් තිරගත වූ චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය පොලිස් සුබ සාධක සංගමයට ආධාර පිණිස වැල්ලවත්තේ සැෆායර් සිනමා ශාලාවේ පවත්වනු ලැබූවා. එහිදී චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්‍යක්ෂක ඇතුලු නලු නිලියන් සියලු දෙනාම ටිකට් පත් මිළදී ගනිමින් මෙම චිත්‍රපටය නැරඹීම විශේෂත්වයක්.

සිය මුල්ම සිංහල චිත්‍රපටයෙන්ම විචාරකයින්ගේ පැසසුමට ලක් වූ සුබයිර් මකීන් ඉන් පසු කිසිදු චිත්‍රපටයක් නිර්මාණය නොකිරීම කණගාටුවට කරුණක්. පසු කලෙක පොත් වෙළෙදාමට පිවිසි ඔහු එහි ඉහලම තලයකට පත් වුනා. අද මෙරටේ ඉංග්‍රීසි පොත් අලෙවියේ නමක් දිනා සිටින මකීන් පොත් සමාගම ආරම්භ කරන ලද්දේ සුබයිර් මකීන් මහතා විසින්.

Ruvinda Collure

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Director Subayar Makeem

Script

#Film NoYearFilm RoleDirector
1 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Script Subayar Makeem