Theja Iddamalgoda

Theja Iddamalgoda

තේජ ඉද්දමල්ගොඩ

Died 16 November 2024

Birth date unknown - 16 November 2024

58.46% · 1,119 votes
Rate this artist

Summary

NameTheja Iddamalgoda
Sinhala Nameතේජ ඉද්දමල්ගොඩ
Died16 November 2024

Biography

ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු, ගීත රචකයකු හා සංගීතවේදියෙකු, ජනප්‍රිය වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂවරයකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා පසුගිය 16 වන දින අභාවප්‍රාප්ත විය. මියයන විට 61 වන වියේ පසුවූ ඒ මහතා 2022 වසරේ තිරගත වූ ‘ආශාවරී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසීය.

තේජා ඉද්දමල්ගොඩ යනු, ජනතාවාදී ගායන ශිල්පි එච්.ආර්. ජෝතිපාලයන් සිනමා ගී ලොවට හඳුන්වාදුන් ‘සුරතලී’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ, සිරිල් පී.අබේරත්න මහතාගේ දියණිය වූ ස්වර්ණ අබේරත්න මහත්මියගේ ආදරණීය පුතණුවන්‍ ය. එච්.ආර්. ජෝතිපාලයන් සමඟ චිත්‍රපටයක් සඳහා ප්‍රථම යුග ගීතය ‘සුරතලී’ චිත්‍රපටයට ගායනා කළේද ස්වර්ණා අබේරත්න විසිනි.

විශිෂ්ට හැකියාවන් රැසකින් පිරිපුන් තේජා ඉද්දමල්ගොඩ එකල පළවු අරලිය, සුහද, කුමරි ඇතුළු පුවත්පත් රැසකටම සම්බන්දව චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු ‘මිරිවැඩි සඟලක්’, ‘මුතු වරුසාවක් වැහැලා’ වැනි චිත්‍රකතා රැසක්ම සිය තෙලිතුඩෙන් සිතුවම් කර ඇත.

දක්ෂ ගී පද රචකයෙකු, ගී තනු නිර්මාණකරුවකු හා සංගීතවේදියකු වූ ඔහු සංගීතවත් කළ ගී අතර ශිහාන් මිහිරංග ගායනා කළ ‘මිහිරාවියේ සිහින කුමරී’ හා අමිලා නදීශානි ගායනා කළ ‘ඔබ දන්නවාද දන්නේ නෑ’ ඇතුළු ගීත රැසක්ම විය.

මීඩියා විෂන් ඇඩ්වර්ටයිසිං ආයතනයේ අධ්‍යක්ෂවරයා වූ ඔහු, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන කිහිපයක් සඳහාම ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසක් නිර්මාණය කර ඇත. දෙදරු පියෙකු වූ ඒ මහතා, කෙටි කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවිය. සිය දෙවන සිනමා නිර්මාණය වූ ‘සිහින ලොවෙන්’ ඉදිරි වසරේදී තිරගත කිරීමට සැලසුම් කරමින් සිටියදී හදිසි සමුගැනීම සිදුවූ අතර, ඔහුගේ අවසන් කටයුතු නොවැම්බර් 20 වන දින සන්ධ්‍යායාමයේදී කෝට්ටේ පොදු සුසාන භූමියේදී සිදුවිය.

-ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 13482022 Ashawari ආශාවරී Director Theja Iddamalgoda
2 14402025 Clarence: Rhythm of the Guitar ක්ලැරන්ස්: රිදම් ඔෆ් ගිටාර් Director Theja Iddamalgoda

Producer

#Film NoYearFilm RoleDirector
1 13482022 Ashawari ආශාවරී Producer Theja Iddamalgoda

Story

#Film NoYearFilm RoleDirector
1 13482022 Ashawari ආශාවරී Story Theja Iddamalgoda