Sulanga Numba Awidin

Sulanga Numba Awidin

සුළඟ නුඹ ඇවිදින්

Colour 35mm Yet to be released

Yet to be released

61.71% · 631 votes
Rate this film

Summary

NameSulanga Numba Awidin / සුළඟ නුඹ ඇවිදින්
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Shyam Fernando Main Actress: Lakshmi Damayanthi Director: Sudath Devapriya Producer: Lakshmi Damayanthi

Description

සම්මානනීය ප්‍රවීණ නිර්මාණකරුවෙකු වූ ඔහු, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කවියකු, ගීත රචකයකු, ග්‍රන්ථ කතුවරයකු ,රංගන ශිල්පියෙකු, වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුද වෙයි. “නුඹ විතරක් තළ එළලුයි” වේදිකා නාට්‍ය තුළින් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, “විකෘති”, “කුස පබාවතී”, “චිත්‍රාගේ ප්‍රේම කතාව” ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය දක්වා ඇත.ලොව වටා රූපවාහිනී නාලිකා 27කට අධික ප්‍රමාණයක විකාශය වූ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට පිවිස පසුවදී, “මඩොල්දූව”, “හඳයා”, “නාමල්ගොල්ල”, “සංගිලි පාලම”, “චන්ද්‍රග්‍රහණය”, “වංකගිරිය”, “දියමංකඩ” හා “සුළඟ මහමෙරක” වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිර්මාණ රැසක් ඔහු විසින් නිර්මාණය කරන ලදී. විරාගය චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු “එළිවෙන දවස” නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළද එය තිරගත කිරීමට නොහැකි විය. ඉන් නොසැලුණු ඔහු පසු කලෙක “තරණය”(1997) සහ “උඩුගංයාමය” (2006) චිත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයා අතරට ගෙන ආ අතර “උඩුගංයාමය” සම්මාන රැසක් ලබා ගැනීමට සමත් විය. “සුළඟ නුඹ ඇවිදින්” ඔහුගේ සිව්වන සිනමා නිර්මාණයයි. ග්‍රන්ථ කතුවරයෙකුද වූ ඔහු, අඹ යාළුවෝ ටෙලි නාට්‍ය තිර රචනය, සැබෑ කලාව, කිතුනු ඇදහිල්ල, කිතුනු දේශනාව වැනි කෘතීන්ද, අරවින්ද, ඉල්මහේ පියෙක්, දුක් සැප කුමන්දා, සඳ එළිය මැදියමක් වැනි කාව්‍ය ග්‍රන්ථ ද ඉදිරිපත් කිරීමට සමත් වූ අතර, වචනයේ පරිසමාප්ථයෙන්ම ඔහු කුසලතා නිර්මාණවේදියෙකි.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

ගාලු කොටුවේ සුවිසල් මැදුරක හුදකලාව ජීවත් වන ලිලී නම් වූ ඇය නවකතාකාරියකි. හුදකලාවට හේතු වූ ඇයගේ එකම අපේක්ෂාව, තමාට අහිමි වූ සිය 08 හැවිරිදි දියණියව සොයාගැනීමයි. සුරත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ලිලීගේ “අපරාජිත ජීවිතයක්” නවකතාව කියවූ සුරත් යම් පැහැදීමකට පත්ව, ලිලීට සමීප වීමට උත්සාහ දරයි. ඇය ඊට ප්‍රතිචාර නොදක්වයි. එනමුදු ඔවුනට නොදැනීම ඔවුන් ආත්මීය ආදරයකට මුල පුරති. විවාහකයෙකු වූ සුරත්ට ද 08 හැවිරිදි දියණියක සිටී. ඒ දියණිය හදාගත් දරුවෙකි. ඔහු ද බිරිඳගෙන් දුරස්ව සිටී. කලකට පසුව සුරත් ලිලීට විවාහ යෝජනාවක් ගෙන එයි. ලිලී පිළිකා රෝගයෙන් පෙළෙන නිසා එම යෝජනාවට අකමැති වෙයි. කල්පනාවේ නිමග්නව සිටි මොහොතක හදිසියේම ඇයගේ ජීවිතය ගැන සන්තාපයක් හටගනී. සුරත් සමග විවාහ වීමට ඇය තීරණය කරන්නේ ඒ අනුවය. ඔවුන් හමුවීමට නියමිත වූ දින අනපේක්ෂිත ලෙස සිදුවූ අනතුරකින් සුරත් මිය යයි. සිතුවිලි අතර අතරමං වන ඇය සුරත්ගේ දියණිය භාර ගැනීමට තීරණය කරයි. ලිලීට සිය එකම දියණිය හමුවේද? සුරත් හදාගත් දියණියගේ මව කවුරුන්ද? යනු ප්‍රේක්ෂකයාට මතු දිනක විසඳා ගැනීමට හැකි වනු ඇත.

 

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew