Suragana

Suragana

Colour Yet to be released

Yet to be released

59.94% · 1,927 votes
Rate this film

Summary

NameSuragana
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Ravindra Randeniya Main Actor: Priyankara Perera Main Actress: Dilhani Ekanayake Main Actress: Vasanthi Chathurani Producer: Priyankara Perera Director: Jayantha Das Perera

Trailer

Description

ලාංකේය ගීත ඉතිහාසයේ දැවැන්ත නාමයක් වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා ගේ පුත් ප්‍රවීන ගායක සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ කුළුදුල් සිනමා නිර්මාණය “සුරගනා” ලබන දෙසැම්බරයේදී තිරගත කිරීමට බලාපොරොත්තු වේ . කුතුහලයෙන් පිරූ පවුලේ කතාවක් වන මෙය අධ්‍යක්ෂණය කලේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වූ කේ.ඒ.ඩබ්ලියු .පෙරේරා ගේ පුත් ජයන්ත දාස් පෙරේරාය.

ප්‍රබල රගපෑම් සමුහයක විශිෂ්ටත්වය සංකලනයක් වූ “සුරගනා” ත්‍රාසය,භීතිය ,කැටිකොට ගත් විනෝදාත්මක චිත්‍රපටයකි. ආදරය,වෛරය අතර ඇත්තේ කෙස් ගසක වැනි ඉඩකඩක් යන වචනය සනාථ කරමින් සැකසු කථා තේමාවක් තුල ගීත, නැටුම්, සටන්, වැනි සාම්ප්‍රදායි අංග තුලින් පිරවුනු මෙය මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකයා රදවා ගත හැකි නිර්මාණයකි.

රවින්ද්‍ර රන්දෙනිය,වසන්ති චතුරානි,ප්‍රියංකර පෙරේරා,දිල්හානි ඒකනායක,ක්ලීටස් මෙන්ඩිස්,සුවීනිතා වීරසිංහ,එල්සන් දිවිතුරුගම,මහේන්ද්‍ර පෙරේරා,සනෝජා බිබිලේ,සුරේනි සෙනරත්, ප්‍රධාන චරිත මවන මෙහි සංගීතය සරත් අල්විස් ගෙනි.

ප්‍රියංකර පෙරේරා චිත්‍රපට ගණනාවක චරිත රගපා ඇත “දුර්ගා”, වැඩ බැරි නම් වැඩක් නෑ,සත්‍ය,ලඳුනි ඔබ දේවඟනකි,ධවල පුෂ්පය,විජය ගීතා,දෙවියනි සත්‍ය සුරකින්න,චණ්ඩියාගේ පුතා,නින්ජා ශ්‍රී ලංකා,අඳුරු සේවණැලි,උණ්ඩය,වසන්තයේ කුණාටුවක්,සීතල ගිනිකඳු,මධුමාලී,අරලිය මල්,ජය කොතැනද වැනි චිත්‍රපට වල ඔහු ප්‍රධාන චරිත රගපෑවේය.

Cast

Crew