Suragana

Suragana

Colour තවම තිරගත වී නැත

තවම තිරගත වී නැත

59.94% · 1,927 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමSuragana
නිකුත් කිරීමේ තත්ත්වයතවම තිරගත වී නැත
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: රවීන්ද්‍ර රන්දෙනිය ප්‍රධාන නළුවා: ප්‍රියංකර පෙරේරා ප්‍රධාන නිළිය: දිල්හානි ඒකනායක ප්‍රධාන නිළිය: වසන්ති චතුරානි නිෂ්පාදනය: ප්‍රියංකර පෙරේරා අධ්‍යක්ෂණය: ජයන්ත දාස් පෙරේරා

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

ලාංකේය ගීත ඉතිහාසයේ දැවැන්ත නාමයක් වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා ගේ පුත් ප්‍රවීන ගායක සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ කුළුදුල් සිනමා නිර්මාණය “සුරගනා” ලබන දෙසැම්බරයේදී තිරගත කිරීමට බලාපොරොත්තු වේ . කුතුහලයෙන් පිරූ පවුලේ කතාවක් වන මෙය අධ්‍යක්ෂණය කලේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වූ කේ.ඒ.ඩබ්ලියු .පෙරේරා ගේ පුත් ජයන්ත දාස් පෙරේරාය.

ප්‍රබල රගපෑම් සමුහයක විශිෂ්ටත්වය සංකලනයක් වූ “සුරගනා” ත්‍රාසය,භීතිය ,කැටිකොට ගත් විනෝදාත්මක චිත්‍රපටයකි. ආදරය,වෛරය අතර ඇත්තේ කෙස් ගසක වැනි ඉඩකඩක් යන වචනය සනාථ කරමින් සැකසු කථා තේමාවක් තුල ගීත, නැටුම්, සටන්, වැනි සාම්ප්‍රදායි අංග තුලින් පිරවුනු මෙය මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකයා රදවා ගත හැකි නිර්මාණයකි.

රවින්ද්‍ර රන්දෙනිය,වසන්ති චතුරානි,ප්‍රියංකර පෙරේරා,දිල්හානි ඒකනායක,ක්ලීටස් මෙන්ඩිස්,සුවීනිතා වීරසිංහ,එල්සන් දිවිතුරුගම,මහේන්ද්‍ර පෙරේරා,සනෝජා බිබිලේ,සුරේනි සෙනරත්, ප්‍රධාන චරිත මවන මෙහි සංගීතය සරත් අල්විස් ගෙනි.

ප්‍රියංකර පෙරේරා චිත්‍රපට ගණනාවක චරිත රගපා ඇත “දුර්ගා”, වැඩ බැරි නම් වැඩක් නෑ,සත්‍ය,ලඳුනි ඔබ දේවඟනකි,ධවල පුෂ්පය,විජය ගීතා,දෙවියනි සත්‍ය සුරකින්න,චණ්ඩියාගේ පුතා,නින්ජා ශ්‍රී ලංකා,අඳුරු සේවණැලි,උණ්ඩය,වසන්තයේ කුණාටුවක්,සීතල ගිනිකඳු,මධුමාලී,අරලිය මල්,ජය කොතැනද වැනි චිත්‍රපට වල ඔහු ප්‍රධාන චරිත රගපෑවේය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play