Towme Iskole

Towme Iskole

ටවුමේ ඉස්කෝලෙ

Colour

Film No: 1293  ·  Released: 20 Dec 2018

58.25% · 1,855 votes
Rate this film

Summary

NameTowme Iskole / ටවුමේ ඉස්කෝලෙ
Film No1293
Released Date20 Dec 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids
Main Actor: Bimal Jayakody Main Actress: Tharuka Wanniarachchi Director: Sunil Premarathna Producer: Dhammika Athapaththu

Trailer

Description

ටවුමෙ ඉස්කෝලෙ සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. තිර රචකයකු වශයෙන් කටයුතු කළ ඔහු මුල් වරට අධ්‍යක්ෂණය කළේ මෙම සිනමාපටයයි. පාසලක සිරගත වන ළමයකු වටා ගොඩනැගී ඇති කතා පුවතකින් සමන්විත ටවුමෙ ඉස්කෝලෙ සිනමාපටයේ බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිළපිටිය, සුසිලා කෝට්ටගේ, උමයංගනා වික්‍රමසිංහ, චරිත් සේනානායක, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, අනෝජා වීරසේකර, ජීවනී නිරුපා, කීර්ති රංජිත්, අසංක දේවමිත්‍ර පෙරේරා, රංජිත් රූබන්, යොහානි හංසිකා, දිනුර නාගසිංහ රංගනයේ යෙදෙති. බුද්ධික මංගල කැමරා අධ්‍යක්ෂවරයාය. තරංග රුක්මල්වලගේ අංග රචනයෙන්ද, සනත් ජානක කලා අධ්‍යක්ෂණයෙන් ද එකතු වෙති. අමිල ප්‍රේමරත්න සහ දිලුපා වීරසිංහ සහාය අධ්‍යක්ෂවරුන්ය. වසන්ත නිතල්ගහමුදුනගේ නිෂ්පාදන කළමනාකරණයකි. මාධ්‍ය සම්බන්ධීකරණය සහ නිශ්චල ඡායාරූප උපුල් නිශාන්තගෙනි. දර්ශන වික්‍රමතුංග සංගීත අධ්‍යක්ෂණයෙන් ද ශෂිකා නිසංසලා, දර්ශන දිසානායක, කුමාරි දසනායක, යොහානි මුනිෂිකා ගායනයෙන් ද, ශෂික රුවන් මාරසිංහ, සුසන්ත ධර්මප්‍රිය ශබ්ද පරිපාලනයෙන් ද මෙයට එකතු වූහ. ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංයෝජනයකි. ටවුමෙ ඉස්කෝලෙ දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි.

Cast

Crew

Other Crew