ටවුමේ ඉස්කෝලෙ

ටවුමේ ඉස්කෝලෙ

Colour

Film No: 1293  ·  Released: 20 Dec 2018

58.25% · 1,855 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමටවුමේ ඉස්කෝලෙ
චිත්‍රපට අංකය1293
තිරගත වූ දිනය20 Dec 2018
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයළමා
ප්‍රධාන නළුවා: බිමල් ජයකොඩි ප්‍රධාන නිළිය: Tharuka Wanniarachchi අධ්‍යක්ෂණය: Sunil Premarathna නිෂ්පාදනය: ධම්මික අතපත්තු

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

ටවුමෙ ඉස්කෝලෙ සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. තිර රචකයකු වශයෙන් කටයුතු කළ ඔහු මුල් වරට අධ්‍යක්ෂණය කළේ මෙම සිනමාපටයයි. පාසලක සිරගත වන ළමයකු වටා ගොඩනැගී ඇති කතා පුවතකින් සමන්විත ටවුමෙ ඉස්කෝලෙ සිනමාපටයේ බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිළපිටිය, සුසිලා කෝට්ටගේ, උමයංගනා වික්‍රමසිංහ, චරිත් සේනානායක, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, අනෝජා වීරසේකර, ජීවනී නිරුපා, කීර්ති රංජිත්, අසංක දේවමිත්‍ර පෙරේරා, රංජිත් රූබන්, යොහානි හංසිකා, දිනුර නාගසිංහ රංගනයේ යෙදෙති. බුද්ධික මංගල කැමරා අධ්‍යක්ෂවරයාය. තරංග රුක්මල්වලගේ අංග රචනයෙන්ද, සනත් ජානක කලා අධ්‍යක්ෂණයෙන් ද එකතු වෙති. අමිල ප්‍රේමරත්න සහ දිලුපා වීරසිංහ සහාය අධ්‍යක්ෂවරුන්ය. වසන්ත නිතල්ගහමුදුනගේ නිෂ්පාදන කළමනාකරණයකි. මාධ්‍ය සම්බන්ධීකරණය සහ නිශ්චල ඡායාරූප උපුල් නිශාන්තගෙනි. දර්ශන වික්‍රමතුංග සංගීත අධ්‍යක්ෂණයෙන් ද ශෂිකා නිසංසලා, දර්ශන දිසානායක, කුමාරි දසනායක, යොහානි මුනිෂිකා ගායනයෙන් ද, ශෂික රුවන් මාරසිංහ, සුසන්ත ධර්මප්‍රිය ශබ්ද පරිපාලනයෙන් ද මෙයට එකතු වූහ. ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංයෝජනයකි. ටවුමෙ ඉස්කෝලෙ දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play