Yamaraja Siri

Yamaraja Siri

යමරජ සිරි

Colour

Film No: 1275  ·  Released: 29 Mar 2018

59.91% · 2,110 votes
Rate this film

Summary

NameYamaraja Siri / යමරජ සිරි
Film No1275
Released Date29 Mar 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy
Main Actor: Tennyson Cooray Main Actor: Bandu Samarasinghe Main Actress: Nadeesha Hemamali Producer: Lanka Dharmawickrama Producer: Sajeewa Sankalpa Producer: Sangeeth Algama Producer: Neel Sanjeewa Director: Sajeewa Sankalpa

Trailer

Description

වසර ගණනාවකට පසු බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ එකට රංගනයේ යෙදෙන සිනමාපටයක් අද සිට එල්. එෆ්. ඩී සහ එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ආරම්භ වේ. යම රජ සිරි යනුවෙන් නම තබා ඇති එය සජීව සංකල්පගේ කුලුඳුල් අධ්‍යක්ෂණයකි. අයිබා ෆිල්ම්ස් වෙනුවෙන් නීල් සංජීව, සංගීත් අල්ගම, සජීව සංකල්ප, ලංකා ධර්මවික්‍රම යම රජ සිරි නිෂ්පාදනය කොට තිබේ. ටෙනී, බන්දු සමඟ කුමාර තිරිමාදුර, නදීශා හේමමාලි, රොනී ලීච්, සුරාජ් මාපා, ගයත්‍රි ඩයස්, ශිරෝමිකා ප්‍රනාන්දු, විනු සිරිවර්ධන, දෙනුවන් සේනාධි, බර්ටි නිහාල් සුසිරිපාල, ඩී. බී. ගංගොඩතැන්න, නිල්මිණි කෝට්ටේගොඩ, තිලක් ජයවීර මෙහි චරිත මවති. අධ්‍යක්ෂණය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, ආලෝකකරණය, සංගීත අධ්‍යක්ෂණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, වර්ණ සංයෝජනය සජීව සංකල්ප විසින් නිම කොට තිබේ.

තදාසන්න ප‍්රදේශයක ආර්ථික තත්වයෙන් හීනව ජීවත්වන (ජොන් සහ මාටින් නැමති)

කනත්තක් මුරකරන සේවකයන් දෙදෙනෙකි ඔවුන්ගේ බිරින්දෑවරුන් සෝමා සහ පත්මාය.

දෙදෙනාටම දරුවන් දහ පහලොස් දෙනෙකි. පවුල් දෙක තුල අඩ දබර බොහෝය.

දිනක් රාති‍්රයේ ජොන් සහ මාටින් කනත්තේ සේවය කරන අතර කනත්තේ එලිය විහිදා

යමරජ සහ මහසෙනවි නරලොවට පතිතෙවී. රජ ඇදුමෙන් සිටින ඔවුන්ව දැකීමෙන්

නාට්ය කරුවන් සේ සිතා ජොන් සහ මාටින් ඔවුන්ට බැන වදී. යමරජ කෝප වේ, ගිනිජාලා මවයි, එවිට ජොන් සහ මාටින් මේ යමරජු බව තේරුම් ගනී.

යමරජ තමන් වසර 200ක් භාර්යාවව සිටි යමදේවිය අතහැර නරලොවින් රූමත්

පංචකල්යාණියක් සෙවිමට පැමින ඇති බව පවසා නරාංගනාවක් සෙවීමේ වගකීම

ජොන් සහ මාටින්ට බාරකරයි. ඔවුන්ට සල්ලි මිටිගනන් මවාදේ. උඩින් යාමට වෝකි ටොකි දෙකක්ද මොවුන් අතට දී මසක් තුල නරාංගනාවක් සොයාදෙන ලෙස අනකර යමරජ සහ මහසෙනවි අතුරුදහන් වේ.

ඉන්පසු ජොන් සහ මාටින් ලස්සන කාන්තාවන් සොයයි.මේ අතර නිල්නයණී නමිවු රූමත් සමාජ සේවිකාව මොවුන්ට හමුවේ. ඇයට යම්ලොක් රටේ (යම ලෝකය) කුමාරයෙක් ඉන්නා බව පවසා

ඔහු හා විවාහ විමට යෝජනාවක් ගෙනෙයි නිල්නයනි මුලින් එයට අකමැතිවේ. මෙම කුමාරයා හමුවිමට නිල්නයනි එකඟවේ.

මේ අතර ජොන් සහ මාටින් නිල්නයනිට රහසේ ආදරය කරයි.යමරජාව ඔවුන්ට අමතකවේ. යමලොව යමරජාගේ හැසිරීෙමි වෙනස දැක යමදේවිය යමරජුව සැක කරයි. මහ සෙනවිව බියවද්දා ඇත්ත දැනගනී.යමරජු මොවුන්ව සොයා මෙහි පැමිනෙයි. එවිට යම දේවියද ව්ශේෂ බලයකින් නරලොවට පැමිණේ.

නිල්නයනිව යමදේවිය සොයාගනි. යමදේවිය නිල්නයනීගේ වේෂය මවාගෙන යමරජාව රවටා යමලොවට ගෙනයයි.ජොන් සහ මාටින්ට තම දුප්පත් දරුපවුල සමග නැවත පෙරසේ ජීවත් වේ.

Cast

Crew

Other Crew