INFO
Yathra / යාත්‍රා
[ Colour ]
Not Yet Released
57.457364341085
57% |   1290  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Yathra / යාත්‍රා
Not Yet Released
Colorimeter : Colour
Category :
Company : Sri Amara Films
Main Actress : Sriyani Amarasena
Director : Christy Shelton Fernando
Producer : Sriyani Amarasena
Producer : Ruwan Jayasingha

TRAILER


 
DESCRIPTION

ප්‍රවීණ සම්මානනීය නිර්මාණවේදී ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු නිර්මාණය කළ සිව්වැනි සිනමා නිර්මාණයයි “යාත්‍රා”. ඔහු මෙයට ප්‍රථම අරගලය (1994), ඉන්ද්‍රඛීලය (2000) හා තහනම් ගහ (2002)යන සිනමා නිර්මාණ ඉදිරිපත් කරන ලදී. වෘත්තාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට, වාර්තා සහ අර්ධ වෘත්තාන්ත චිත්‍රපට, ප්‍රාසංගික හා ඒකාංගික ටෙලි නාට්‍ය නිර්මාණකරුවකු මෙන්ම රූපවාහිනී වාර්තා වැඩසටහන් තිර රචකයකු වූ ඔහු ඉදිරිපත් කළ ප්‍රාසංගික ටෙලි නාට්‍ය අතර, අන්දරේ, පාවාඩ, තහංචි, දෙවැනි කැමැත්ත, වෙස්ගත්තෝ, සඳ කිඳුරු, මඟුල් සක්වළ, මහ ගෙදර, තුන් අවුරුද්ද, මාරකය, සභාවෙන් අවසරයි, විසිඑක් වන හෝරාව, අද අද එයි මරු, අබුද්දස්ස කාලෙට, නිම් වළල්ල, සිහිනයකි ඔබ, ගල් පිළිමය සහ බොල් පිළිමය, මේ වසන්ත කාලයයි, නිල් අහස, සිටු මැදුර, අහස් ගව්ව, අම්මාවරුනේ, ඇම්ඩන්, පාරාවළලු, රතු අහස, මොනර කඩදාසි, යකඩ කහවනු, මතුසම්බන්ධයි, ටී 20, ආගන්තුකයා, සකුණ පියාපත්, කුංචනාද වැනි නිර්මාණ රාශියකි. ඒකාංගික ටෙලි නාට්‍ය අතර ඉර හඳ පායන ලෝකේ, අග්නි වාසාව, ආටක නාටක, ෆොරින් කයි කතා, ජීවිත රෝදේ, රට යන ඇත්තෝ, සමාධි, මාවතේ අපි, සූරිය උදාවන තුරු, පොරොන්දු දේශය සහ විනිවිදිමි අඳුර යන නිර්මාණද වේ. බැද්දට මල් වරුෂා, පමා නොවී එමි අකුරට, පිය සටහන්, රන් හිරු රැස්, වන්නිල ඇත්තෝ, ඇතුළු වාර්තා චිත්‍රපට ද කඳුකරයෙන් කතාවක්, අත්වැල සාර භූමි, මිනිස් කඳවුර වැනි අර්ධ වෘත්තාන්ත චිත්‍රපට ද ඔහු විසින් නිර්මාණය කර ඇත.
 
ධීවර ගම්මානයක සිදුවන කතා පුවතක් යාත්‍රා සඳහා පාදකව ඇත. වයඹ වෙරළ තීරයේ එක්තරා ගම්මානයක වෙසෙන තෙරේසා සහ ඇන්ටනී අක්කා සහ මල්ලි වේ. ඔවුන්ගේ මව මිය ගොසිනි. පියා ෆැන්සිස් නම් ධීවරයෙකි. මූලික අධ්‍යාපනයෙන් පසුව, තෙරේසා නගරයට යන්නේ ඉංග්‍රීසි ඉගෙනීම පිණිසය. ඇන්ටනී ගමේ පාසලට යන අතර ඔහු චිත්‍ර ශිල්පයට දක්ෂයෙකි. තෙරේසාට වඩා විශාල වයස් පරතරයක් ඇති මාකස් තෙරේසාගේ අත පැතුවද ඇය අකමැති වෙයි. දිනක් මාකස් තෙරේසාව දූෂණය කර මුහුදට දැමුවද ඇය පිහිනා ගොඩට එයි. ඇන්ටනී මාකස්ගෙන් පළිගැනීමට මාන බලයි. දිනක් රාත්‍රියකදී මාකස් නිදා සිටි බෝට්ටුවට පෙට්‍රල් දමා ගිනි තියන ඇන්ටනී ගමෙන් පලා යයි. තෙරේසාගේ අත පතා සෙබල තරුණයෙකු ආවද, ඇය ඔහුටද කැමති නොවේ. ෆාරුක් නම් මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයෙකුගේ ආයතනයකට තෙරේසා රැකියාව පිණිස යයි. එම යුවළ අසරණ තෙරේසාට හොඳීන් සලකයි. දිනක් මංකොල්ලකරුවන් පිරිසක් එම ආයතනයට පැන සිදු කරන වෙඩි තැබීමකදී ෆාරුක් මිය යන අතර, ඊට පෙර වටිනා මැණික් මල්ලක් තෙරේසාට දෙයි. එතැනින් පලා යන තෙරේසා පසුව මැණික් ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වෙයි. ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් සඳහා තෙරේසාට නේපාලයට යාමට අවස්ථාව හිමි වෙයි. ඥාති සොයුරියක් වන පබෝදා සමගින් ඇය නේපාලයට යයි. එහිදී ඇයට රේවත නම් භික්ෂුවක් හඳුනා ගැනීමට හැකි වේ. සිය සොහොයුරා තෙරේසාට හමුවේද යනු යාත්‍රා තුළින් පහදා ගැනීමට හැකිවනු ඇත.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST


OTHER CREW

Assistant Director
Ajith Lokuge
Assistant Director
Nalinda Dharmasiri
Assistant Director
Chaminda Hewawasam
Production Manager
Somada Maldeniya
Assistant Art Director
Surath Hemakumara
Colour Mixing
Megha Kolambage
Transport
Hansi Tharaka
Assistant Producer
Lilani Perera
Assistant Producer
Niranjala Sarojani
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS