සාරාංශයඥාති සබඳකම
M.S. Anandan
1933 - 2016
59.84485190409
60% |   1418  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

M.S. Anandan
M.S. Anandan
  • උපන්දිනය : 1933 April 21
  • විපත : 2016 June 24
  • සම්මාන

    1Best Cinematographer - Honor
    5වන විචාරක සම්මාන උළෙල 1972
    නිධානය
    2Merit Award
    1වන ජනාධිපති සම්මාන උළෙල 1979
    ගැහැණු ළමයි
     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1ගැහැණු ගැට
    කැමරාකරණය
    1959
    2සංසාරේ
    කැමරාකරණය
    1962
    3රන්මුතු දූව
    සහාය කැමරාකරණය
    1962
    4දීපශිකා
    කැමරාකරණය
    1963
    5හෙට ප්‍රමාද වැඩියි
    කැමරාකරණය
    1964
    6කල කල දේ පල පල දේ
    කැමරාකරණය
    1964
    7සිතක මහිම
    අධ්‍යක්ෂණය
    1964
    8හඳපාන
    කැමරාකරණය
    1965
    9සත පනහ
    අධ්‍යක්ෂණය
    1965
    10ඇතුල්වීම තහනම්
    අධ්‍යක්ෂණය
    1966
    11සැඩොල් කඳුළු
    කැමරාකරණය
    1967
    12ගොළු හදවත
    කැමරාකරණය
    1968
    13සෙනෙහස
    කැමරාකරණය
    1969
    14ප්‍රවේසම්වන්න
    අධ්‍යක්ෂණය / තිර රචනය
    1969
    15අක්කර පහ
    කැමරාකරණය
    1970
    16ප්‍රියංගා
    කැමරාකරණය
    1970
    17නිධානය
    කැමරාකරණය
    1972
    18මගේ නංගි ශ්‍යමා
    අධ්‍යක්ෂණය / කැමරාකරණය / ත්‍රිමාණ සජීවීකරණය
    1975
    19චන්ඩි ශ්‍යාමා
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය
    1978
    20හලෝ ශ්‍යාමා
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය
    1982
    21මම බය නැ ශ්‍යාමා
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / තිර රචනය / කැමරාකරණය
    1995
    ජීවදත්ත

    ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියකු වූ එම්.එස්. ආනන්ද එකල අධ්‍යක්‍ෂණය කළ බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා පිහිටුවීය. ඔහු කැමරා ශිල්පියකු, තිර කතා රචකයකු, අධ්‍යක්‍ෂවරයකු පමණක් නොව නිෂ්පාදකවරයකු හැටියටද ප්‍රකට වූවෙකි.   

    1933 අප්‍රේල් 21 වැනිදා උපන් ආනන්ද අප අතරින් වියෝ වූයේ 2016 ජූනි 24 වැනිදාය.   

    ඔහු මුල් යුගයේ කිරුළ පරේ පිහිටි සිලෝන් ස්ටුඩියෝ නොහොත් ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා විය. ඒ 1959 දීය. ඔහු කැමරා ශිල්පියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ‘ගැහැනු ගැට’ චිත්‍රපටයෙනි. ඉන්පසු ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපය වූ ‘රන් මුතු දූවේ’ සහාය කැමරා ශිල්පියකු විය. පසුව කැමරා අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු දායකත්වය දුන් විශිෂ්ට චිත්‍රපට රාශියකි.   

    නිධානය, ගොළු හදවත, මඩොල් දූව, ගැහැනු ළමයි, අක්කර පහ ඉන් කිහිපයකි.   

    ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වඩින්නේ 1964 දී තිරගත වූ ‘සිතක මහිම’ චිත්‍රපටයෙනි. 1965 දී තිරගත වූ ‘සත පනහ’ චිත්‍රපටයෙන් ඔහු ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.   

    අදද ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති එච්.ආර්. ජෝතිපාල හා සුජාතා අත්තනායක ගයන ‘චන්ද්‍රා මෙ රෑ පායා ආවා’ ගීතය එන්නේ ‘සත පනහ’ චිත්‍රපටයේය. ඉන්පසුව ඔහු ‘ඇතුල්වීම තහනම්’ අධ්‍යක්‍ෂණය කළේය. එහි එච්.ආර්. ජෝතිපාල සන්ධ්‍යා කුමාරි සමග ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. ජෝති හා සුජාතා ගයන ‘තරුණ​ නෙත් ජය මංගලේ’ යන ගීතය එන්නේ ‘ඇතුල්වීම තහනම්’ චිත්‍රපටයේය.   

    ඔහු නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළ ප්‍රථම චිත්‍රපටය ‘ප්‍රවේසම් වන්න’ය. ඔහුගේ වැඩිමහල් දියණිය ශ්‍යාමා ආනන්ද මේ චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණය කළාය. මෙහි ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම ප්‍රධාන චරිත නිරූපණය කළහ. තිරගත වූයේ 1969 දීය. ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගයන ‘හොඳ හොඳ ළමයින් අපි වාගේ’ නම් ජනප්‍රිය ගීතය එන්නේ එම චිත්‍රපටයේය.   

    ඉන්පසු ආනන්ද අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කළ චිත්‍රපටය වූ​යේ මගෙ නංගි ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා හා මම බය නෑ ශ්‍යාමා ය.

    ‘ශ්‍යාමා’ චිත්‍රපට ඉමහත් ජනප්‍රියත්වයක් ලැබීය. ඉන්පසු ශ්‍යාමා ආනන්ද පිළිබඳව සිනමා රසිකයෝ වඩාත් කතා කරන්නට පටන් ගත්හ. 

     ආනන්දගේ බිරිඳ වූයේ වයලට් ආනන්දය. ඔවුනට දියණියන්ම දෙදෙනෙකි. මින් වැඩිමහල් දියණිය ශ්‍යාමා ය. ඇගේ නැගණිය සන්ධ්‍යා ය.   

    ශ්‍යාමා තම පියා වූ ආනන්ද අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලින් ජනප්‍රියත්වයක් ලැබූවද ඇය රඟපෑමට පිවිසෙන්නේ මාස තුනක බිළිඳියකව සිටියදීය. ඒ රොබින් තම්පෝගේම නිෂ්පාදනයක් වූ ‘වෙන ස්වර්ගයක් කුමටද?’ චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය රොබින් තම්පෝගේම චිත්‍රපට වූ ‘සුවිනීත ලාලනී, සුහද දිවි පෑම’ ආදී චිත්‍රපටවල රඟපෑවාය. ඊට අමතරව ‘සිතක මහිම, සත පනහ, ඇතුල්වීම තහනම්, සෙනෙහස, පේනවා නේද?’’ චිත්‍රපටවල රඟපෑවාය.   

    එම්.එස්. ආනන්ද එතරම් කතාබහක් නැති නිහඬ පුද්ගලයෙකි. ඔහු අප ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නා මිස එතැනින් එහාට වැඩිදුර කතා කරන්නට ගියේ නැත.   

    එකල ඔවුන් පදිංචිව සිටියේ මරදාන ඩාලි පාරේ නිවෙසකය. එහි ඉහළ තට්ටු දෙකක ආනන්ද පවුල පදිංචිව සිටි අතර පහළ තට්ටුවේ ඔවුන්ගේ ව්‍යාපාරික ආයතනය පිහිටා තිබුණේය. එය මෝටර් රථ අමතර ​කොටස් ව්‍යාපාරයකි. නමින් එය ‘වින්ජය මෝටර්ස්’ විය.  

    රොඩ්නි විදානපතිරණ  

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS