සාරාංශය
Thivru Dissanayake
තිවිරු දිසානායක
59.628040057225
60% |   699  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Thivru Dissanayake තිවිරු දිසානායක
Thivru Dissanayake
සම්මාන

 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1කුසල්
ප්‍රධාන නළුවා
2018
ජීවදත්ත

කුසල් ලෙස රඟන තිව්රු හසිත් දිසානායක
මං දන්නෙ නැති දේවල් අර්ජුන මාමා කියලා දුන්නා
මේ දිනවල තිරගත වන අර්ජුන කමලනාත්ගේ කුසල් සිනමාපටයේ කුසල්ව හඳුනා ගනිමු. වයස අවුරුදු දොළහක් වූ කුසල්ගේ ඇත්ත නම තිව්රු හසිත් දිසානායක. ඔහුගේ රංගන ගමන අහඹුවක්. කොහොමද තිව්රු රංගනයට එන්නේ. ඒ ගැනත් දැනගන්න ගමන් ඔහුගේ තොරතුරු විමසා බලමු මෙන්න මෙහෙම.
 
* තිව්රු පුතාව කුසල් චිත්‍රපටයට තෝරා ගත්තේ කවුද?
 
අපේ ගෙවල් තියෙන්නේ මොරටුවේ අර්ජුන කමලානාත් මාමාගේ ගෙවල් ගාව. ඔහු ටිකක් අපිව හඳුනනවා. එක දවසක් මාමා මගෙන් ඇහැව්වා රඟපාන්න ආස නැද්ද කියලා. මට පුදුමත් හිතුණා. අම්මලාගෙන් අහන්න කිව්වා. අර්ජුන මාමා අම්මලාගෙන් අහලා තමයි මාව ගත්තේ.
 
* පුතා මීට කලින් රඟපාලා නැහැනේද?
 
නැහැ. මේක තමයි මගේ පළමු චිත්‍රපටය.
 
* එක සැරයටම චිත්‍රපටයකට රඟපාන්න ලැබෙද්දී බය හිතුණේ නැද්ද?
 
මං දන්නෙ නැති දේවල් අර්ජුන මාමා කියලා දුන්නා. සමහර වෙලාවට බැනුම් අහන්නත් වුණා. එතකොට මං ටිකක් සද්ද නැතුව හිටියා. ආයෙත් මාමලත් එක්ක යාළු වුණා.
 
* චිත්‍රපටයේ සතුන් කිහිප දෙනෙකු එක්ක තිව්රු රඟපානවා. කොහොමද උන් එක්ක රඟපෑවේ?
 
රිලා පැටියෙකුත් හිටියා. ඌත් එක්කනම් රඟපාන්න බය හිතුණේ නැහැ. ඒත් නයා එක්ක කරපු සීන් එක තමයි බයෙන්ම කළේ. මට තිබුණේ නයි හාමිට වඳින්න. කවුරුවත් ළඟ හිටියෙත් නැහැ. බය නැතුව රඟපෑවා.
 
* චිත්‍රපටය බලපු මාමලා නැන්දලා තිව්රුට මොන වගේ දේවල් ද කිව්වෙ?
 
ගොඩක් හොඳ කිව්වා. මංගල දර්ශනය දවසේ තමයි හුඟක් ප්‍රතිචාර ලැබුණේ. පිටට තට්ටු කර කර මට ප්‍රතිචාර දැක්වූවා. චිත්‍රපටය බලනකොටනම් මට නම් හිතුණා තව රඟපෑවා නම් හොඳයි කියලා. ආයෙ චිත්‍රපටයක් ලැබුණොත් තව හොඳට රඟපානවා.
 
* තිව්රුගෙ පාසලත් මතක් කරමු?
 
රාවතාවත්ත මෙතෝදිස්ත විදුහල. මං අට වසරෙ.
 
* ඉස්කෝලෙන් මොන වගේ සහායක් ද පුතාට ලැබෙන්නේ?
 
පාසලෙන් ගොඩක් හොඳ සහායක් ලැබෙනවා. මගේ යාළුවො ගොඩක් අය මට ඉගෙන ගන්නත් උදව් කරනවා. රඟපාන දවස්වල අතපසු වෙන වැඩ මං අහගත්තේ එයාලගෙන්.
 
* මොනවද ඔබේ විනෝදාංශ?
 
මං ක්‍රිකට් ගහන්න තමයි ආස.
 
* ලොකු වුණාම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන්නද හිතාගෙන ඉන්නේ?
 
නළුවෙක් වෙන්නත් ආසයි. ඒත් කුසල් චිත්‍රපටයෙන් පස්සේ අවස්ථාවක් තවම ලැබුණේ නැහැ. අම්මයි තාත්තයි දෙන්නම කැමැතියි මං රඟපානවට.
 
* පුතා ඉගෙන ගන්න කැමැතිම විෂය මොකක්ද?
 
ගණිතය තමයි.
 
* ගෙදර ඉන්නකොට චිත්‍රපට, ටෙලි නාට්‍ය නරඹනවාද?
 
ටෙලි නාට්‍ය වැඩිය අම්මා බලන්න දෙන්නේ නැහැ. ඒත් අර්ජුන මාමා ඉන්න පරණ චිත්‍රපටයක් ටී. වී. එකේ ගියොත් මං අනිවාර්යයෙන්ම ඒක බලනවාමයි.
 
* තිව්රුගේ පවුලේ විස්තර මොනවාද?
 
මට අයියා කෙනෙක් ඉන්නවා. අයියයි අම්මයි තාත්තයි මගේ පවුලේ ඉන්නේ.
 
සටහන - ප්‍රසාද් සමරතුංග
 
සේයාරූ - නිශ්ශංක විජේරත්න
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS