පාලිත කාර්යාලයක ඉහල රැකියාවක නියුතු අවිවේකි පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ නිරූපා අකමැත්තෙන් වුව මේ ජිවිතයට හුරුව සිටි. ඔවුන්ගේ දියණිය පෙර පාසල් වියේ පසුවෙයි. අහම්බෙන් හඳුනා ගන්නා ධනවත් තරුණයෙකු වන අසේල හා නිරූපා අතර පෙම් සබඳකමක් ගොඩනැන්වේ. නිරූපාගේ ගෘහ සේවිකාව ඊට උපකාර කරයි. සැමියාට රහසින් කඳුකරයේදී අසේල හමුවන නිරූපා මේ සබඳතාවය තව දුරටත් උස්සන්න කරයි. නිරූපාගේ පෙම් සබඳකම පිලිබඳ තොරතුරු පාලිත කරා ඒමට පටන් ගනී. ආරම්භයේදී ඔහු ඒවා නොතකා හරි. දිනක් ඔහු නිරූපා අසේල හා ඔහුගේ රථයේ යනු දකියි. ඉන් ඔහුගේ සැකය තහවුරු වෙයි. නිරූපා අසේල හා සාකච්චා කොට ඔවුන් අතර වූ පෙම් සබඳතාවය අහෝසි කර දමයි. අසේල රට හැර යන්නේ නිරූපා ගේ ජිවිතයෙන් ඇත්තෙන්ම ඇත්වෙමිනි. පාලිත නිරුපාට සමාව දෙයි.