විස්තරය
බුදුන්, යේසුස්, මහම්මත් වැනි අධ්‍යාත්මවේදීන් ලෝක පැවැත්මේ යතාර්ථය අරභයා ඔවුන්ගේ තර්කයන් හා දර්ශණයන්් ඉදිරිපත්කොට ඇති නමුත්, එම දර්ශණයන් සමාජගතවී ඉතා කෙටි කලකින් ඒවාට ආගමික මුහුණුවරක් දෙමින්, ඔවුන්ව දේවත්වයට පත් කරමින්, ඒ සියල්ල දේශපාලණික ව්‍යවස්ථාවක් බවට පත්වී ඇත.
නීතිය, දේශපාලණික මතිමතාන්තර තුලින් පාලනයට නතු කර ගත නොහැකි වූ ජනතාව, ඔවුන්ගේ අධ්‍යාත්මය තුලින් අල්ලාගන්නා එකම හුය ආගම වන්නේය. දියුණු යැයි සිතන වර්තමානයේ, මේ අවස්ථාවේදී ක්‍රියාපටිපාටිය, දැන හෝ නොදැන ලොවපුරා ප්‍රචලිතව ක්‍රියාවට නැංවෙනු පෙනෙයි.
ප්‍රචලිත සියලු ආගම් තුල, මරණින් මතු ජීවිතය පිළිගන්නා ආත්මය නැමැති සංකල්පයක්, මනුෂ්‍ය මසැස් කුහර තුලට කිඳා බස්සවා, එයින් පිං පව් නම් වූ අය වැය තුලින් ඊලඟ උත්පත්තිය කිරා බලන්නට, සියලු සත්වයින්ට ස්වයං අයිතියක් ලබා දී ඇත. මෙය ආගමේ නාමයෙන් මිනිසුන්ව තර්ක විතර්ක වලින් තොර අන්ධ වහලුන් බවට පත් කරයි.
කෙසේ වී නමුත්, ආගම්වේදීන් දර්ශණවාදීන් කොතෙක් සිටියද ස්වභාව දහමේ දහම හැර වෙනත් දහමක් ඇත් ද? සත්වයා තුල ආහාර ගැනීම හා ලිංගිකව එක්වීම හැර පැවැත්මේ වෙනත් සාධකයක් තිබේද? යන ස්වභාවදහමේ නීතිය විමසීමට ගත් උත්සාහයකි ''සංසාරේ දඩයක්කාරයා''.