Sansare Dadayakkaraya

Sansare Dadayakkaraya

සංසාරේ දඩයක්කාරයා

Colour

Film No: 1309  ·  Released: 04 Jul 2019

61.38% · 1,809 votes
Rate this film

Summary

NameSansare Dadayakkaraya / සංසාරේ දඩයක්කාරයා
Film No1309
Released Date04 Jul 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Sanjeewa Upendra Main Actor: Hemasiri Liyanage Main Actress: Christina Britto-Karunaratne Director: Prasanna Jayakodi

Trailer

Description

බුදුන්, යේසුස්, මහම්මත් වැනි අධ්‍යාත්මවේදීන් ලෝක පැවැත්මේ යතාර්ථය අරභයා ඔවුන්ගේ තර්කයන් හා දර්ශණයන්් ඉදිරිපත්කොට ඇති නමුත්, එම දර්ශණයන් සමාජගතවී ඉතා කෙටි කලකින් ඒවාට ආගමික මුහුණුවරක් දෙමින්, ඔවුන්ව දේවත්වයට පත් කරමින්, ඒ සියල්ල දේශපාලණික ව්‍යවස්ථාවක් බවට පත්වී ඇත.

නීතිය, දේශපාලණික මතිමතාන්තර තුලින් පාලනයට නතු කර ගත නොහැකි වූ ජනතාව, ඔවුන්ගේ අධ්‍යාත්මය තුලින් අල්ලාගන්නා එකම හුය ආගම වන්නේය. දියුණු යැයි සිතන වර්තමානයේ, මේ අවස්ථාවේදී ක්‍රියාපටිපාටිය, දැන හෝ නොදැන ලොවපුරා ප්‍රචලිතව ක්‍රියාවට නැංවෙනු පෙනෙයි.

ප්‍රචලිත සියලු ආගම් තුල, මරණින් මතු ජීවිතය පිළිගන්නා ආත්මය නැමැති සංකල්පයක්, මනුෂ්‍ය මසැස් කුහර තුලට කිඳා බස්සවා, එයින් පිං පව් නම් වූ අය වැය තුලින් ඊලඟ උත්පත්තිය කිරා බලන්නට, සියලු සත්වයින්ට ස්වයං අයිතියක් ලබා දී ඇත. මෙය ආගමේ නාමයෙන් මිනිසුන්ව තර්ක විතර්ක වලින් තොර අන්ධ වහලුන් බවට පත් කරයි.

කෙසේ වී නමුත්, ආගම්වේදීන් දර්ශණවාදීන් කොතෙක් සිටියද ස්වභාව දහමේ දහම හැර වෙනත් දහමක් ඇත් ද? සත්වයා තුල ආහාර ගැනීම හා ලිංගිකව එක්වීම හැර පැවැත්මේ වෙනත් සාධකයක් තිබේද? යන ස්වභාවදහමේ නීතිය විමසීමට ගත් උත්සාහයකි ''සංසාරේ දඩයක්කාරයා''.

පංසල පිහිටියේ මහ කැලෑව මැදි කොට ගෙනය.එහෙයින් ගම සහ පංසල අතර මග වැටී තිබුනේද මේ මහා කැලය තුලින්‍ ය.පිං පව් නාමයෙන් ගමේ සියල්ල හාමුදුරුවන්ගේ අණසකට යටත්‍ ය.ඒ අණසකට යටත් නොවූ එකම මිනිසා කැලේ විසූ දඩයක්කාරයා පමණි.ගමේ සියල්ලගේම මාංශ අවශ්‍යතාවයට සතුන් මැරුවේද මේ දඩයක්කාරයාය.එහෙයින් සතුන් මරා පව්කාරයා වූයේද මේ දඩයක්කාරයාමය.

මේ කතාව කියන්නේ වෙසක් මාසයේය.බණ ශ්‍රවණය කරමින් සිටි ගෝමරී නම් තරුණිය පන්සලෙන් පිටව යමින් ගමන් කැලේදී පිරිමියෙකු හා රමණයේ යෙදේ.එහිදී ඔවුන් දෙදෙනා කැලේ සිටි කොටියාගේ ගොදුරක් බවට පත් වේ.කැලේ සිදුවන සියළු දේ ද්න්නේ දඩයක්කාරයාය.කොටියා ගෝමරී දඩයම් කල බවත්,ඌට මිනිස් ලේ රස දැනී ඇති බවත් ඔහු හාමුදුරුවන්ට පවසයි.තවත් මිනිසුන් කොටියාට ගොදුරු නොවනු පිණිස ගැමියන් වෙසක් දින රෑ පංසලට ගෙන්වා නොගන්නා ලෙස දඩයක්කාරයා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටී.

හාමුදුරුවන් එය කර්මයට භාර කොට වෙසක් පොහෝ දින සීල ව්‍යාපාරය කරගෙන යාමට තීරණය කරයි.

කිසිවෙකුගේ පරිභෝජනය වෙනුවෙන් මිස නිරපරාදේ සතෙකු නොමරණ දඩයක්කාරයාට,හාමුදුරුවන් බණ කියන අතරතුර කුසගින්නට යමක් සොයා යන කොටියාව මරාදැමීමට සිදුවන්නේ ගැමියන් ආරක්ෂා කර ගැනීමටය.

පසුවදා ගෝමරීගේ මිනිය බලන්නට යන හාමුදුරුවන්ට සහ දඩයක්කාරයාට දකින්නට ලැබෙන්නේ කුණුවෙමින් තිබෙන ගෝමරීගේ සහ හාමුදුරුවන්ගේ මළ සිරුරුය.

Cast

Crew

Other Crew