තොරතුරු
Pashchima Yamaya / පශ්චිම යාමය
[ Colour 35mm ]
තිරගත වීමට නියමිතයි
59.344262295082
59% |   61  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සමන්ත විජේකෝන් කුළුඳුල් සිනමා නිර්මාණය
 
සාරාංශය

Pashchima Yamaya / පශ්චිම යාමය
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
ප්‍රධාන නළුවා : බිමල් ජයකොඩි
ප්‍රධාන නිළිය : දිල්හානි ඒකනායක
අධ්‍යක්ෂණය : Samantha Wijekoon
නිෂ්පාදනය : Bandula Ranasinghe

 
විස්තරය

විවිධ සමාජ තලයන්හි සිරවී සිටින මිනිසුන් ඔවුන් ඔවුන්ගේ කුටුම්භය තුළ ජීවන අරගලය වෙනුවෙන් කෙරෙන ක්‍රියාදාමයන්හිදී සුදු කළු චරිත අතර බෙදී යන විෂමතාවය සම්ප්‍රේෂණය කරමින් දරිද්‍රතාවය හමුවේ තම ජීවන අරගලය දිනන්නට වෙරදරන දිරිය ගැහැනියක් දුර්වලයෙකු යැයි සිතා තම වසඟයකට ගැනීමට බලය හොබවන පුරුෂාධිපත්‍යයක් හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිමින් දාරක සෙනෙහස මෙන්ම ස්වාමි භක්තිය ද තම ජීවිතය කොටගත් ගැහැනියක වූ යසෝමැණිකේ සිය ස්වාමිපුරුෂයා වූ සිරිතුංග හා ඔවුන්ගේ එකම දියණිය සමන්මල්වලින් සමඟින් දුම්බර මිටියාවතෙහි පිහිටි මහල කොටුව නම් සුන්දර ගම්පියස තුළ දිවි ගෙවන්නීය ඔවුන්ගේ එකම අරමුණ තම දියණියගේ අධ්‍යාපනයයි යසෝ මැණිකා කළුගල් තලන අතර සිරිදාස ගොවිතැන් කටයුතු මෙන්ම කුලී වැඩවල නියැළී සිටියි. ඒ ගමේ වෙල්විදානේ උන්ට ඇති එකම පිලිලයයි. ඇයට බැල්ම හෙළන ඔහුගේ බහට අවනත නොවූ තැන ඔවුන්ගෙන් පළිගැනීමට ඔහු නොයෙකුත් උපක්‍රම යොදයි. ඒ අතරතුර නගරයේ සිට ගමට පැමිණෙන සුරේන්ද්‍ර, ඔහුගේ බිරිඳ රොෂෙල් සහ දරු දෙදෙනාත්, ගමේ වෙසෙන සූකිරි, උක්කුවා,සියාතු මෙන්ම ගමේ පාසැලට අළුත පත්ව එන ගුරුතුමිය වටා ගෙතුණු කතාවයි ”පශ්චිම යාමය”. තාඩන පීඩන මැද දිවිගෙවන සිරිදාසලගේ ඉරණම කෙලෙස විසඳේද? සමන්මලී අධ්‍යාපනයෙන් ජය ගනීද? වෙල්විදානේගේ අරමුණු ඉටුවේද යනු දැන ගැනීමට ප්‍රේක්ෂකයාට මදක් ඉවසීමට සිදුවනු ඇත.
 
සිංහල සිනමාව පෝෂණය කිරීම උදෙසා වූ මෙහෙවරට තවත් එක් යථාර්ථවාදී සිනමා වෘත්තාන්තයක් ලෙසින් “පශ්චිම යාමය” සිනමා නිර්මාණය කුලුඳුලේ රැගෙන එන සමන්ත විජේකෝන්, මෙහි තිර පිටපත් රචකයා මෙන්ම දෙබස් හා ගේය පද රචකයාද වෙයි. මාතලේ ලෙනදොර ගම්පියසෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඔහු, පාසල් අවධියේ සිටම කලාව හා සමීප සම්බන්ධතා පැවැත්වූවෙකි. නැටුම් අධ්‍යක්ෂවරයකු, ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පියෙකු හා ග්‍රන්ථ කතුවරයකු වන සමන්ත විජේකෝන් “උරුමයක අරගලය”, “කලියුග කාලේ” ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් “ගුත්තිල” සිනමා පටය සඳහාත් සිය රංගන දායකත්වය දක්වා ඇත. දීර්ඝ කාලයක සිට දුටු සිහිනයක ප්‍රතිඵලයක් ලෙසින්, අඳුරු කල අවසන්ව එළිවන්නට මත්තෙන් යන අරුත් සහිතව “පශ්චිම යාමය” ඔහු විසින් නිර්මාණය කර ඇත.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Samantha Wijekoon
නිෂ්පාදනය
Bandula Ranasinghe
තිර රචනය
Samantha Wijekoon
කැමරාකරණය
Chanaka Senadheera
සංස්කරණය
Dilan Wijaya Wickramakeerthi
කලා අධ්‍යක්ෂණය
Priyan Anura Sri
ශබ්ද පරිපාලක
Peshala Ravindu
අංග රචනය
Priyan Anura Sri
සංගීත අධ්‍යක්ෂණය
Susantha Bandara
දෙබස්
Samantha Wijekoon
උපශීර්ෂකරුවා
Oshan Induwara

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Kithsara Chamath Gunasekara
නිෂ්පාදන කළමනාකරු
Malkantha Basnayake
ඇඳුම් නිර්මාණය
Priyan Anura Sri
සහාය කැමරාකරණය
Tharanga Wimalachandra
සහාය අංග රචනය
Tharaka Dhananjaya
සහාය කලා අධ්‍යක්ෂණය
Chanaka Lahiru
සහාය කලා අධ්‍යක්ෂණය
Sagara Wahalakotuwa
සහාය කලා අධ්‍යක්ෂණය
Sanju Mihiranga
විදුලි ලාම්පු
Saliya Bandara
නිශ්චල චායාරූප
Chathuranga Sandeepa
විශේෂ ප්‍රයෝග
Dilan Wijaya Wickramakeerthi
Theme & Main Title Belt
Oshan Induwara
Titles/Graphics
Gihan Sanjaya
සහය ආලෝකකරණය
W.A. Sisila Jayantha
වර්ණ සංයෝජනය
Gihan Sanjaya
ට්‍රක් ද්ඩොලී ක්‍රියාකරු
Mithila Kumara
කොණ්ඩා සැකසුම
Nadeesha Madushani
දෙබස් පටිගත කිරීම
Peshala Ravindu
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS