Dedunu Akase

Dedunu Akase

දේදුනු ආකාසේ

Colour

Film No: 1262  ·  Released: 12 Oct 2017

62.73% · 2,142 votes
Rate this film

Summary

NameDedunu Akase / දේදුනු ආකාසේ
Film No1262
Released Date12 Oct 2017
ColorimeterColour
Movie GroupSinhala
CategoryRomance
CompanyEAP Films
Main Actor: Hemal Ranasinghe Main Actress: Chulakshi Ranathunga Director: Priyantha Colambage Producer: Swarnawahini

Trailer

National Awards

For The Film

1 Most Popular Song 6th Derana Film Awards 2018 - 2018

For Artists

1 Best Choreography 3rd Hiru Golden Film Awards 2018 - 2018 Gayan Srimal
2 Merit Award 34th Sarasaviya Awards - 2018 - 2 - 2018 Ranga S. Bandara

Description

දේදුනු පායා පාට වැටෙනුයේ ආකාස තලයේයි සොඳුරු යෞවනයේ දේදුන්න ද එහෙමය. සමුද්‍ර සහ විහඟි උසස් අධ්‍යාපන ආයතනයක එකට ඉගෙනුම ලබන දෙදෙනකි. සමුද්‍ර ධනවත් යුවළකගේ බාලම පුතුය. ඔහු වංශවත්ය. ඔහු ඉතාමත් දඟකාරය. විහඟි සම්ප්‍රදායක නැටුම් ගුරුවරයෙකුගේ දියණියකි. හැදෙන්නේ තම පියාණන්ගේ සෙවණේය. තාත්තාගේ මුළු ජීවිතයම වන්නේ ඇයයි. ඇගේ මව මිය යාමත් සමඟ ඔහුගේ ජීවිතය ඇය වෙනුවෙන්ම කැප කරන නිසාවෙනි. විහඟියි සමුද්‍රයි නැටුම් සහ කලා විෂයන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන් දෙදෙනකු වන අතර දෙදෙනාම බටහිර සහ සාම්ප්‍රදායික නැටුම් කලාව මනාව ප්‍රගුණ කරමින් සිටින දීප්තිමත් ශිෂ්‍යයන් දෙදෙනෙකි. ඔවුන්ගේ සරසවි ජීවිතයේ අන්තිම සති කිහිපය ගතවන්නේ අන්තර් උසස් අධ්‍යාපන ආයතන රංගන තරගාවලිය සඳහායි.

එහිදී විහඟිගේ නර්තනයේ සාමාජිකාවක් පුහුණුවකදී තුවාල ලබන අතර, ඇයට මාස කිහිපයකටම නර්තනය තහනම් වේ. ඔවුන් මැදි වන්නේ විශාල ගැටලුවකටයි. ඒ අතර විහඟිට තම නවාතැන් මිතුරිය ලෙස හමුවන පවනි ඉතාමත් දක්ෂ නර්තනයක යෙදෙනවා අහම්බෙන් දක්නට ලැබේ. ඇයව විහඟි තම නැති වූ සාමාජිකාවගේ අඩුව පිරවීමට තම කණ්ඩායමට හඳුන්වා දෙයි. ඇය එක් වසරකින් බාල වුවත් ඔවුන්ගේ ගුරුවරයා ඇයව කණ්ඩායමට බඳවා ගනී. එයට සමුද්‍ර විරුද්ධ වන්නේ තම වසරේ අයට එය අසාධාරණයක් බව පවසමින්ය. එහෙත් විහඟිගේ මැදිහත්වීමෙන් ඇය අවසානයේ තෝරාගනු ලබයි.

විහඟි තම හදවතින්ම ආදරය කරන්නේ සමුද්‍රටයි. සමුද්‍ර, විහඟිගේ හොඳම මිතුරා ද වේ. සමුද්‍රට, විහඟි හොඳම මිතුරිය වන නමුත් ඔහු විහඟිට ආදරය ප්‍රකාශ නොකරයි. මන්ද ඔහු තම පවුලට මෙය නොගැළපෙන සම්බන්ධයක් ලෙස දෙමව්පියන් සලකන බව දන්නා බැවිනි. එහෙත් විහඟිට සමුද්‍ර ගැන ඇරෙන්න වෙන කෙනෙකුට ආදරයක් නොසිතේ. නමුත් සමුද්‍ර පවනිට කැමති වන්නේ විහඟිගේ ආදරය ඔහු වටහාගෙන නොමැති නිසයි. විහඟිත් සමුද්‍රත් උසස් අධ්‍යාපන ආයතනයෙන් සමුගෙන ගියත් විහඟිගේ ජීවිතය සමුද්‍රගේ ආදරයත් සමඟ ගෙවා දැමීමට ඇය තීරණය කරයි. ඔවුන් අවුරුදු 8 කට පසුව යළි හමුවන්නේ සියලු දෙනාගේ ජීවිතවලට විශාල බලපෑම් ද ඇති කරමිනි.

තිදෙනෙකුගේ ආදරය හරහා ගොඩ නැඟෙන අති සංවේදී ආදර කථාවක් ඔස්සේ දෙදුනු අකාසේ කතාව විකාශනය වේ.

සරසවිය

Cast

Crew

Other Crew