Eka Dawasaka Api

Eka Dawasaka Api

එක දවසක අපි

Colour

Film No: 1269  ·  Released: 02 Feb 2018

58.99% · 2,117 votes
Rate this film

Summary

NameEka Dawasaka Api / එක දවසක අපි
Film No1269
Released Date02 Feb 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama

Trailer

මේ ගමන එන වග කිසිවෙකු නොදන්නා බව දැනගෙන විමුක්ති හිත හදා ගනියි. ආපසු යන්නට හැරෙයි. ඔහුගේ ඇස් අදහා ගත නොහැකි වෙයි. පාරමීගේ හෑන්ඩ් බෑගය එතැනය. වහ වහා විමුක්ති එය අතට ගනියි. එහි පාරමිගේ ජංගම දුරකථනය තිබේ.

එක්තරා පාන්දර යාමයක මහනුවර බස්නැවතුමේ එක් අරමුණකින් කල්මරන තරුණියකි. ඇය පරමීය. පාරමී මෙලෙස බලා සිටින්නේ ජීවිතයේ දෛවෝපගත ගමනක් යෑමට තම පෙම්වතා වන විමුක්ති පැමිණෙන තුරුය. කාලය ඉගිලීගොස් නගරය මහා කලබලයක් වනතුරුම ඇය එතැනම සිටින්නේ දැඩි අධිෂ්ඨානශිලී බවකිනි. මේ මොහොතේ විමුක්ති තමා දෙස බලා සිටින වගක් පාරමී සිහිනෙකින් හෝ නොදනී. පාරමීගේ අධිෂ්ඨාන පාරමිතාව හමුවේ පරාජයට පත්වන විමුක්ති ප්‍රමාද වී පැමිණයාක් මෙන් ඇය අසලට ගොස් ඇගේ අත අල්ලා ගත්තේය.

මං හිතුවා ඔයා එන එකක් නැහැ කියලා.

ඒ විමුක්තිගේ ප්‍රථම හඬ අවදි කිරීමය. කිසිදු ප්‍රමාදයකින් තොරව පාරමීගේ අතගෙන විමුක්ති ගමන් කරන්නේ කඳුකරයට යන දුම්රිය මැදිරියක් වෙතය. දෙදෙනාගේ මේ ගමන අතිශය තීරණාත්මකය. එය කෙළවර වන්නේ ඔවුන් ගිවිසගත් ලෙසින්ම ලෝකාන්තයෙන් පැන දිවි නසා ගැනීමෙන් බව දන්නේ ඔවුනොවුන් පමණි. මේ වන විට පාරමී ගැබිනියකි. දෙදෙනාගේ ආදර සම්බන්ධය එතරම්ම දුරදිග ගොසිනි. මේ විවාහයට විමුක්තිගේ මව දැඩිව විරුද්ධ වන්නේ වස බී මිය යන බව තර්ජනය කරමිනි. මේ තත්ත්වයට හේතුව පාරමී අයත් කුලය පහත් එකක් නිසාවෙනි. ඇය විමුක්ති නිසා කුස පිළිසිඳ ගත් දරුවා කෙදිනක හෝ හදා වඩා ගැනීමට එකඟ වෙයි.

සමාජ සම්මතයට පිටුපා විවාහවීම හෝ මිය යා යුතු බව පාරමී දැඩිව විශ්වාස කරයි. විමුක්ති පාරමීට අවංකව ආදරය කළත් සිය මව විසින් ගෙන එන විවාහ යෝජනාවක් තුළ අතරමංවීමට ඔහුට සිදු වේ. ඇය ඕස්ට්‍රේලියාවේ උපාධියක් හදාරා පැමිණ සිටින ඔවුන්ගේ ඥාාති සොයුරියක් වන නිශාය. ඇය සුරූපීය. පාරමීට වඩා සමාජශීලී තරුණියකි. විමුක්තිට ගැළපෙනම කෙනා නිශා බව විමුක්තිගේ මව තීරණය කරයි. එහෙයින් විමුක්ති සිටින්නේ අතරමං වූ තැනකය. කිසිදු අයුරකින් පාරමීව ද අතහැර යාමට ඔහු සූදානමක් නැත. මේ හේතුවෙන් දෙදෙනාම මිය යා යුතු බවට තීරණය කරයි. ගිවිසගත් ලෙසම කාලය උදාවෙයි. අවසන දෙදෙනාට දෙදෙනා මොහොතක් බලා සිටියි.

යළි අගාධය දෙස බලයි. අවසන සුසුම්පොද වා තලයට මුසු කරමින් ලෝකාන්තයෙන් පනින්නට සැරසෙයි. එනමුදු අවසන් තත්පරයේදී විමුක්ති තම අදහස වෙනස් කර ගනියි. එහෙත් පාරමී ඒ බව හාංකවිසියක්වත් දන්නේ නැත. ඇය අගාධයට වැටෙයි. විමුක්තිගේ හදගැස්ම වැඩි වෙයි. එහෙත් සියල්ල සිදුවී අවසානය. මේ ගමන එන වග කිසිවෙකු නොදන්නා බව දැනගෙන විමුක්ති හිත හදා ගනියි. ආපසු යන්නට හැරෙයි. ඔහුගේ ඇස් අදහා ගත නොහැකි වෙයි. පාරමීගේ හෑන්ඩ් බෑගය එතැනය. වහ වහා විමුක්ති එය අතට ගනියි. එහි පාරමිගේ ජංගම දුරකථනය තිබේ. වෙව්ලන දෙඅතින් විමුක්ති එය පණ ගන්වයි. එය පිරික්සා බලන විමුක්තිට හසුවන්නේ පාරමී තම මවටත් යෙහෙළියකටත් යැවු කෙටි පණිවුඩ දෙකකි. එහි තමන් විමුක්ති සමඟ ලෝකාන්තයෙන් පැන මිය යන බව සඳහන්ව ඇත. විමුක්තිට කිසිත් කර කියාගත නොහැකි තත්ත්වයක් උදාවෙයි.

- sarasaviya

Cast

Crew

Other Crew