Gaadi

Gaadi

ගාඩි

Colour

Film No: 1364  ·  Released: 20 Jan 2023

59.52% · 2,670 votes
Rate this film

Summary

NameGaadi / ගාඩි
Film No1364
Released Date20 Jan 2023
ColorimeterColour
Movie GroupSinhala
CategoryStory
Main Actor: Sajitha Anuththara Main Actress: Dinara Punchihewa Director: Prasanna Vithanage Producer: Sandya Salgado Producer: Alan McAlex Producer: Ajay Rai Producer: H.D. Premasiri Producer: Prasanna Vithanage

Trailer

Description

කුලය, අනන්‍යතාව, මානුෂීයත්වය සහ ගාඩි මැයෙන් කතිකාවතක් ඉකුත්දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ ලිපිය ඒ ඇසුරෙනි. එදින ප්‍රවීණ ලේඛක, විචාරක චූලානන්ද සමරනායක අදහස් දැක්වීය.

' මෙරට බොහෝ තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තැන් තැන්වල හිරවෙලා. හුඟ දෙනකුගේ පළමුවැන්න අවසාන නිර්මාණය බවටත් පත් වුණු වගක් පෙනෙනවා. සිනමාවේදී රූපය ප්‍රබලව භාවිත වෙනවා. ශබ්ද, නාද, සංගීතය ආදී අඩුවැඩිය ඊට සහාය දක්වන බවයි මගේ හැඟීම. ඉතිහාසයේ ලියැවුණු ඇතැම් දේ කෙරෙහි දේශපාලන ආරවුල්, බල අරගල ආදියේ බලපෑම් පැවැති අවස්ථා වෙනවා. අදටත් මෙරට කුල බලපෑමෙන් මුළුමනින් තොර නැහැ.

ඉකුත් දිනෙක සබරගමුවේ එක් පාසලක පැවැති රැස්වීමකට එහි දීප්තිමත්ම සිසුවා වූ තරුණයා සහභාගි වී සිටියා. දැන් ත්‍රිරෝද රථ රියැදුරෙක් විදියට රක්ෂාව කරන ඔහු එහි සිටි කුලවත් කියන තැනැත්තන් කෙරෙහි බය පක්ෂපාත හැඟීමකින් යුතුවයි කතා කලේ. ඔහු එදින අවධාරණය කලේ, ' මගේ නමේ මුලකුරු තමයි හැම තිස්සේම මට හරස් වුණේ...' ඔහු ඒ කිවුවේ කුලය ගැනයි. මේ ගැන ස්පිට්ල් ආදී ලේඛකයන් ලියා තියෙනවා.

එතැනින්, ගාඩි දෙසට හැරු‍ණොත්, මෙහි කුල ගැටුම තුළ දෙපිරිසම ඒ ඒ කුල නඩත්තු කිරීමට කටයුතු කරනවා. අනෙක කුලය නිසා පීඩාවට පත් වන අය ඒ පීඩනය පිට කරන්නේ වෙනත් විදියකට යන වග අදටත් හඳුනා ගත හැකියි. නම් වෙනස් කිරීමට අදාළ දැන්වීම් ආදියත් ඊට උදාහරණ. මං පොඩි කාලේ දැක්කේ, කුල හීන හේනෙ මාමා කියන තැනැත්තා වෙනුවෙන් කුලවත් ගෙවල්වල වෙනම පුටුවක් තියා ඇති සැටියි. කුලය සමාජ ප්‍රගමනයට බාධා කරන ආකාරය තවදුරටත් පවතිනවා. එය නැතිවී නැහැ.

අනෙක, චිත්‍රපටයේ එන ගැටලු තැන් කිහිපයක් පෙණුනා. කුලවත් කතුන් දිවි නසා ගැනීමේ අවස්ථාවේදී අතැතිව සිටින්නේ පුංචි ගල්. කේඩෑරි කුළු හරක් තමයි අපි චිත්‍රපටයේ දකින්නේ. ඇත්ත තත්ත්වය එහෙම නෙවෙයි. කුලවන්ත කත කුලීනයන් කියන අය සමඟ පෑහෙන්නට දරන ප්‍රයත්නය මීට වඩා බලවත්ව දනවන්න තිබුණා. යටත් විජිත සොල්දාදුවන් තෝරා ගැනීමේදීත් එය එසේමයි. 'මසාන්' වැනි චිත්‍රපට මේ කාරණය කතා කළ අන්දමත් කෙනකුට විමසා බැලිය හැකියි.

එදින සමාජ ක්‍රියාකාරික, චමින්ද ප්‍රදීප් ද අදහස් දැක්වීය.

' මුලින් චිත්‍රපටයේ අපි දකින්නේ වලව්වක කෙළිදෙළෙන් පසුවන තරුණියක් හා ළමා පිරිසක්. බුලත්ගම නිළමේගේ ප්‍රධාන බිරිය ටිකිරි මැණිකේ විදියටයි අපි පසුව ඇය හඳුනා ගන්නේ. ඒත් නිළමේ වලව්වට ගොඩ වැදීමත් සමඟ තත්ත්වය වෙනස් වෙනවා. කුල හීනයන්ට වඩා වලව්වේ කතුන්ගේ ඉරණම පිළිබඳ අපට හිතා බලන්නට පොලඹවනවා. කැරැල්ල අසාර්ථක වූ තැනදී ජීවිතයෙන් වන්දි ගෙවීමට ඒ අයට සිදු වෙනවා. එතැන නිළමේගේ බිරිය, මව, ආදී කතුන් අතර කුලයම හරස් වී දීග තල නොගොස් වලව්වට වුණු කාන්තාවන් සිටිය නොහැකිද? ජීවිතය නම් මෙය යැයි බාර ගැනීමක්මයි ඒ තුළ තියෙන්නේ.

ගාඩි ජන කොටසටත් එක ස්ථිර රක්ෂාවක් කළ නොහැකියි. කුණු ඇදීම, මැරුණු හරක් වළ දැමීම, හවරි ගෙතීම, ලණු ඇඹරීම, හිඟමන් යැදීම ආදියේ යෙදෙන ඒ අයට කදක බර වුවත් තනි උරහිස මත මිසෙක කදත් එකිනෙකට මාරු කිරීම තහනම්. සමාජය පිළිබඳ අවිශ්වාසය නිසා තමන්ට අනන්‍ය සමාජයක සැඟවී සිටීමට හුඟ දෙනකු උත්සාහ දරනවා. අනන්‍යතා තුළ මිනිසුන් කොටු වීමක් ඒ හරහා වෙනවා. කෝපායි ප්‍රදේශයේ එකම කනත්තේ ඇතැම් කුලීන කියන මිනිසුන්ගේ මිනී වළලන්නට ඉඩ නොදෙන තත්ත්වයක් දක්නට පුළුවන්....'

Cast

Crew