Kambili

Kambili

කම්බිලි

Colour

Film No: 1408  ·  Released: 08 Aug 2024

58.89% · 796 votes
Rate this film

Summary

NameKambili / කම්බිලි
Film No1408
Released Date08 Aug 2024
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Amila Karunanayake Main Actress: Nethmi Roshel Director: Prasad Kalupahana Producer: Nishantha Galhena

Trailer

Description

ඉතාමත් සුන්දර ගම්මානයක් කේන්ද්‍රකොට ගනිමින් නිර්මාණය වී ඇති කම්බිලි සිනමා පටය ආදරය, කුතුහලය, ත්‍රාසය, භීතිය හා හාස්‍ය මුසුකොට ගෙන නිර්මාණය වී තිබේ. භානුක සහ කලණ හොඳම මිතුරන් වන අතර ඔවුන් නගරයේ වාසය කරන තරුණයින් දෙදෙනෙකි. භානුක තම මිතුරා වන කලණට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ගම්මානයේ සියලු දෙනාගේම ගෞරවය සහ විශ්වාසය දිනාගෙන සිටින වික්‍රමසිංහ වෙද මහතාගේ නිවසට පැමිණෙයි. නගරයේ සිට ගමට පැමිණෙන අතරතුර අහඹු ලෙස හමුවන වෙදමහතාගේ එකම දියණිය වූ සමාධිව මුණගැසෙන අතර, භානුකට ඇය පිළිබඳව ආදරය මුසු වූ හැඟීමක් ජනිත වූවත්, සමාධිය ඒ සම්බන්ධව වැඩි තැකීමක් නොකරයි. වෙද මහතා ඔවුනට පවසන්නේ, ටික දිනක් ගමේ නතර වුවහොත් කලණව ඉක්මනින් සුවපත් කළ හැකි බවයි. ඒ අනුව එම ගමේ මංජු නැමැත්තා, ලලිතා අම්මා නම් කාන්තාවගේ නිවසේ ඔවුන් දෙදෙනාට නවාතැන් දීමට කටයුතු කරයි. මතුපිටින් සුන්දරව තිබෙන මෙම ගමෙහි තරුණ ජීවිත විනාශ කරමින් සමාජ විරෝධී ක්‍රියාවක නිරතව සිටින ටයිටස් නමැති පුද්ගලයෙකු පිළිබඳව ඇය ඔවුනට පවසයි. ඇයගේ එකම පුතු වූ තමීරගේ මරණයට ද වගකිව යුත්තේ ටයිටස් බව ඇය අවධාරණය කරයි. ඉතිරිව ඇති තරුණ ජීවිත ටයිටස්ගෙන් බේරා ගැනීම ලලිතා අම්මාගේ එකම අරමුණ වෙයි. ගමේ වෙසෙන ප්‍රාදේශීය දේශපාලකයෙකු වන ධර්මපාල මන්ත්‍රීතුමා වෙද මහතා හමුවී ගමට සිදුවන හානිය වළක්වා ගැනීමට ගම්වැසියන් රැස් කළ යුතු බව පවසනවා. ගමේ සිදුවන අනිසි දේ පිළිබඳව භානුක හා කලණ විමසිලිමත් වෙයි. ගම විනාශ කරන අදිසි හස්තයක් ඇති බව ඔවුනට පෙනී යයි.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පියෙකු ලෙසින් මාධ්‍යයට හා කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ප්‍රසාද් කලුපහන, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි. ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යවේදියෙකු මෙන්ම ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ දිගු කලක් නියැළී ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි ‘කම්බිලි’. මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හදාරන ඔහු කලක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මෙරට ප්‍රමුඛ පෙළේ රූප රචනා නිර්මාණ ආයතනයක් වන ELA IDEA CREATIONS ආයතනයේ නිර්මාතෘවරයාද වේ.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew