Sugath Janaka

Sugath Janaka

සුගත් ජානක

58.94% · 1,412 votes
Rate this artist

Summary

NameSugath Janaka
Sinhala Nameසුගත් ජානක

Biography

දශක දෙකකට වැඩි කාලයක් කලා ක්ෂේත්‍රයේ විවිධ රංගන විවිධ චරිත ඔස්සේ පුංචි තිරයෙන් ඔබ හමුවන ඔහු නමින් සුගත් ජානක. සරසවිය අප කා සමඟත් බොහොම ලෙන්ගතු සුගත් පසුගිය දවසක අප සොයා ආවේය. ඔහු සමඟ කළ කතාබහකි මේ.

මේ දිනවල පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඔබව දකිනවා?

ඔව්. හිරු ටීවී හි විකාශය වන මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ මහසෙනවිගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව නොබෝ දිනකට පෙර නිමාවට පත්වුණු ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ හිතුවක්කාරි හි සාරංගගේ චරිතය, දෙරණ හි විකාශය වූ දියණි ටෙලිනාට්‍යයේ දාබරේගේ චරිතය වගේ චරිත කිහිපයක්ම නිරූපණය කළා.

ප්‍රතිචාර කොහොමද?

එයට හොඳ ප්‍රතිචාර තිබුණා. මගේ උපන්දිනයට ආදරණීය රසිකාවියක් මට ලියා තිබුණා රන්මිණීට බලහත්කාරකම් කරන්න ආපු තමුසෙට හොඳක්නම් වෙන්න එපා කියලා. මෙවැනි ප්‍රතිචාර එක්ක හිතන්න පුළුවන් මම චරිතය හොඳීන් නිරූපණය කළා කියලා. දාබරේගේ චරිතයට පිටපතෙන් ඔබ්බට කෑල්ලක් මම එකතු කළා 'අන්ජබජල් මනිකුන්ජල්' කියලා. පසුව එය බොහෝ දෙනා අතරට ගියා.

කොතරම් කාලයක් වෙනවද කලාවට ඇවිත්?

දශක දෙකකට වැඩියි. හරියටම කිව්වොත් අවුරුදු විසිතුනක්. පාසල් කාලයේ සිටයි කලාව පටන්ගත්තේ. එකම චරිතයකට කොටු නොවි චරිතාංග නළුවෙක් විදිහට විවිධ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ආසාවෙන් ඉන්නවා අන්ධයෙකුගේ චරිතයක් නිරූපණය කරන්න.

ක්ෂේත්‍රයට ඇවිත් ගෙවුණ කාලය තුළ රංගනයෙන් ඔබ්බට ඔබ කළ කී දෑ මොනවද?

මගේ අරමුණ වුණේ අධ්‍යක්ෂකවරයෙක් වීම. එය මං ඉටුකරගත්තා. පසුගිය කාලයේ පෝය ඒකාංගික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එහි නම 'අතීතස්මරණ'. එය ඉතාම සතුටින් කළ වැඩක්. එහි නිෂ්පාදන කටයුත්තත් කරන්නේ මමයි. එළබෙන පෝයක එය නරඹන්න හැකිවේවි. මම ගායකයෙක්. නර්තන ශිල්පියෙක්. කෙනෙක් අහන්න පුළුවන් ඇයි අධ්‍යක්ෂණයට මෙතරම් ප්‍රමාද කියලා. කාලය අරන් සැලසුමකට අනූව කරන කියන දෑ සාර්ථකයි. ආදරෙත් එහෙමනේ

අලුත් ගීතයක් කළේ නැද්ද?

ගීතයේ නම ආදරේ මතකයන්. තනු නිර්මාණය මගේ. පද රචනය කළණි අප්සරා. රූප රචනයත් එක්කම ප්‍රේක්ෂකයාට බලන්න පුළුවන්.

කලාව වෘත්තීයද?

ඔව්. මම කලාව වෘත්තීය කරගෙන ඉන්නේ. කලාව කියන්නේ මගේ ජීවිතේ. පොඩි කාලේ විජය කුමාරතුංගව දැකලා මමත් හිතුවා ලොකු වෙලා මේ වගේ නළුවෙක් වෙනවා කියලා.

නර්තන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද?

මගේ කලා කටයුතුවලටම යොදාගන්නවා මිසක රියැලිටි තරඟවලට ඉදිරිපත් වෙන්න මම කැමැති නෑ. මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් මම නර්තනයේ යෙදෙනවා.

ඔබට ඉන්දියාවෙන් සම්මානයක් ලැබුණා නේද?

ඔව් 2019 වසරේ වර්ල්ඩ් අවෝඩ් අයිකන් -2019 සම්මානය මට ලැබුණා. ලංකාවේ හෝලා ලංකා සමගම සමඟ සම්බන්ධ වී අවුරුද්දක් පාසා විවිධ රටවල මේ සම්මාන උළෙල කරනවා. බොම්බේ වෙල්වට් කියන හින්දි සිනමාපටයේ මට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. එහි මස්තාන්ගේ චරිතයයි මා නිරූපණය කළේ. ඒ වෙනුවෙන් මට එය ලැබෙන්නේ.

ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?

මායාජාල සිනමාපටයේ කොටස් කරුවෙක් වෙන්න මටත් අවස්ථාව ලැබුණා. අවසාන වශයෙන් මම රඟපෑ චිත්‍රපටයක් වුණේ කබඩි. පුදුම කතාවක්, ශ්‍රී වික්‍රම, අග පිපි මල් සිනමාපට තුන ඉදිරියේදී බලන්න පුළුවන්.

තිළිණි රාජපතිරණ

As a Cast

#Film NoYearFilm RoleDirector
1 12922018 Athuru Mithuru Hari Apuru අතුරු මිතුරු හරි අපූරු Actor Lal Priyadeva
2 13072019 Goree ගෝරී Actor Harsha Udakanda
3 13382021 Kabaddi කබඩි Actor Harsha Udakanda
4 13852023 Sri Wickrama ශ්‍රී වික්‍රම Actor Mohan Niyaz
5 13912023 Meka Puduma Kathawak මේක පුදුම කතාවක් Actor Sri Lal Priyadeva
6 14102024 Kambili කම්බිලි Actor Prasad Kalupahana
7 14252025 Rosa Adare රෝස ආදරේ Actor Harsha Udakanda

Upcoming Films

#Film RoleDirector
1 Kidnap කිඩ්නැප් Actor Suranga De Alwis