Kidnap

Kidnap

කිඩ්නැප්

Colour Digital Upcoming Movie

Upcoming Movie

59.57% · 1,636 votes
Rate this film

Summary

NameKidnap / කිඩ්නැප්
Release StatusUpcoming Movie
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryThriller
CompanyIsuru Films
Main Actor: Arjuna Kamalanath Main Actress: Dulani Anuradha Director: Suranga Alwis Producer: Amisha Kavindi

Trailer

Description

මෙම කතාවේදී ඔබට හමුවන වරුණ සහ නිසංසලා දිගු කාලයක් පෙම්වතුන් වී සිටි යුවලක්. යම් හේතුවක් නිසා ඔවුන්ට එක් වීමට නොලැබෙන අතර වරුණ විදේශගත වෙනවා. වසර පහකට පමණ පසුව පළමු පෙම්වතිය වූ නිසංසලාගෙන් ලැබෙන දුරකථන ඇමතුමකට අනුව වරුණ නැවත ලංකාවට පැමිණීමට තීරණය කරනවා. ඒ වන විට නිසංසලා, වික්‍රම් සමඟින් විවාහව සිටී. වරුණව හමුවන නිසංසලා පවසනවා ඔවුන්ගේ දියණිය වූ ස්වේතාව යම් පිරිසක් විසින් පැහැරගත් බවත්, දරුවා සොයාගැනීමට ඔහුගේ උපකාරය අවැසි බවත්ය. එයට එකඟවන වරුණ වික්‍රම්ට හොරා ක්‍රියාත්මක වෙති. මේ අතර දරුවා සොයා යන වරුණට නිසංසලා කියන පරිදි කිසිවක් කිසිම තැනක සිදු නොවී ඇති බව වැටහෙයි. මෙම සිදුවීමට තම ස්වාමියාගේ සහෝදරයා වන සුදු සහ ඔහුගේ ගෝලයා වන උපාලි සැක කරන බව නිසංසලා පවසන බැවින්, ඔවුන් පසුපස හඹා ගියද පලක් නොවූ නිසා අවසානයේ නැවත විදේශගත වීමට තීරණය කරති. ගුවන්තොටුපළ කරා යන අතරතුර වාහනයේ රියදුරා පවසන යම් කරුණක් නිසා, වරුණ විදේශගත නොවීමට තීරණය කරයි. නැවතත් මෙම අභිරහස සෙවීමට වෙහෙසෙන වරුණ පිළිබඳ පොලිස් පරීක්ෂක ජයේ නිරීක්ෂණයක යෙදෙයි. මෙහිදී වරුණ සහ ජයේ අතර ගැටුම් හට ගනී. මේ සියලුම කරුණු කාරණා පිළිබඳ කාටත් රහසින් ක්‍රියාත්මක වන ඒ.එස්.පී. කාව්‍යා යම් නිගමනයකට පිවිසෙති. මේ ඔවුන්ගේ කතාවයි.

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂකවරයකු වන සුරංග ද අල්විස් “කිඩ්නැප්” හී නිර්මාණකරුවා වන අතර, ඔහු සිනමාශාලා හිමිකරුවකු සේම, චිත්‍රපට ඩී.වී.ඩී.කරණයේ ප්‍රමුඛයෙකුද වෙයි. ඔහු විසින් මෙයට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර “රජහොරු” (2013), “මයි නේම් ඊස් බන්දු” (2015), “හොරාපොලිස්” (2016, “ද ගේම්” (2022) යන නිර්මාණද වෙයි. “සංජානා” චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ ඔහු මේ වනවිට වැඩ නිම කර ඇති “අර්‍ණර්‍ණර් ව්ර්‍ණ 106” චිත්‍රපටයද ඉදිරියේදී තිරගත කිරීමට සැලසුම් කර ඇති අතර “ගේම්කාරයෝ” නමින් නවතම සිනමා නිර්මාණයක මූලික වැඩ කටයුතු ආරම්භ කර ඇත. “කිඩ්නැප්” මේ වසර තුළ තිරගත වනු ඇත. “කිඩ්නැප්” තිර රචනය ද සුරංග ද අල්විස් සතුවේ.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew