Puththu Saha Piyawaru

Puththu Saha Piyawaru

පුත්තු සහ පියවරු

Colour Yet to be released

Yet to be released

59.84% · 630 votes
Rate this film

Summary

NamePuththu Saha Piyawaru / පුත්තු සහ පියවරු
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: S.A. Vinoj Main Actress: Bimsara Premaratna Director: Sumathy Sivamohan Producer: Sumathy Sivamohan

Description

සිංහල චිත්‍රපට රැසකටම සංගීතයෙන් ජීවය දුන් ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයකු වන රෙක්ස් පෙරියසාමි දමිළ සම්භවයක් සහිත සංගීතවේදියෙකි. ඔහු සිය වෘත්තියේ ඉහළම තලයේ සිටින අවස්ථාවක සිංහල යුවතියක් වන කාන්තිව ජීවන මගේ සහකාරිය කරගන්නා අතර, එය රටේ සිනමා කර්මාන්තයේ බහු සංස්කෘතික පසුබිම තුළ එතරම් අමුතු දෙයක් නොවීය. නව විවාහක යුවල ධනය හා සිහින පොදි බැඳගත් ජීවිතයක් ආරම්භ කරනුයේ, කාලයත් සමඟින් කැදැල්ලට එකතු වූ පුතු ලකී සහ දියණිය මාලා ද සමඟිනි. දේශපාලන කැළඹීම්, උතුරේ බෙදුම්වාදී යුද්ධය සහ රට තුළ නිරන්තරයෙන් වැඩිවන දමිළ විරෝධී ආකල්පවලට මැදි වූ පරම්පරා දෙකක සංගීතඥයින්ගේ සුන්දර නොවූ කතාවක් තුළින් ලාංකික සිනමා කර්මාන්තයේ උස් පහත්වීම් සහිත ඉතිහාසය, “පුත්තු සහ පියවරු” තුළින් විවාදයට ලක් කෙරේ.

සිවමෝහන් සුමති මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරියක් වන අතර සම්මානලාභී කෙටි, වෘත්තාන්ත හා වාර්තා චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරියක්, නාට්‍යකාරිනියක, කිවිඳීයක මෙන්ම ශාස්ත්‍රාචාර්යවරියකද වේ. ඇය විසින් එළිදැක්වූ බොහෝ නිර්මාණ යුද්ධය හා ගැටුම්, කාන්තාවන් සහ ආන්තික ප්‍රජාවන් පිළිබඳ වන අතර, ජාතිය පිළිබඳව ප්‍රශ්නය නිවැරදිව ගෙන 2012 වසරේදී ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් “ඉඟිරුන්තු” (INGIRUNTHU) එළිදැක්වීය. ඒ මගෙන් ඇය සිනමා ව්‍යවහාරය, සිනමාව නම් සංවාදය නිර්මාණය කළාය. ඇය විසින් නිර්මාණය කරන ලද කෙටි, වෘත්තාන්ත සහ වාර්තා චිත්‍රපට අතර, ‘SHYDHA ZAARA’ ‘AMID THE VILLUS’, ‘THE SINGLE TUMBLER’, ‘SING MOTHER SING’, ‘ORANGES’,‘PIRALAYAM IN SEARCH OF A ROAD’ යන නිර්මාණද වෙයි. මෙම නිර්මාණ බොහොමයක්ම දේශීය හා අන්තර්ජාතික සම්මාන උළෙල නියෝජනය කරමින් විවිධ සම්මානයනට සහ ඇගයීමට පාත්‍රව තිබීමද විශේෂිත වේ. ජාතික මට්ටමේ සහ අන්තර්ජාතික මට්ටමේ උලෙළ රැසකම විනිශ්චය මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාවන් රැසක් හිමිකරගත් ඇය අතිදක්ෂ තිර පිටපත් හා ගීත රචිකාවියක්ද වෙයි.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew