Que Sera

Que Sera

කේ සේරා

Colour 35mm

Film No: 1189  ·  Released: 19 Sep 2014

59.64% · 2,581 votes
Rate this film

Summary

NameQue Sera / කේ සේරා
English TitleQue Sera
Film No1189
Released Date19 Sep 2014
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actress: Srimal Wedisinghe Main Actress: Oshini Perera Main Actress: Michelle Herft Main Actress: Dilhani Ekanayake Director: Parakrama Jayasinghe Producer: Mayali Jayasinghe Producer: Rishini Jayasinghe

Trailer

National Awards

For Artists

1 Best Director 3rd Derana Film Awards 2015 - 2015 Parakrama Jayasinghe
2 Best Actress 3rd Derana Film Awards 2015 - 2015 Michelle Herft
3 Best Supporting Actor 3rd Derana Film Awards 2015 - 2015 Hans Bilimoria
4 Best Negative Role 3rd Derana Film Awards 2015 - 2015 Damith Fonseka
5 Best Comedy Role 3rd Derana Film Awards 2015 - 2015 Sando Haris
6 Best Singer - Male 3rd Derana Film Awards 2015 - 2015 Lelum Rathnayake
7 Best Art Director 3rd Derana Film Awards 2015 - 2015 Roshan Warnakulasuriya

තව ස්වල්ප මොහොතකින් මෙලොව හැර යන තාත්තාගේ නිසසල දේහය දෙස සේරා සහ ඉවෝන් බලා උන්නේ වවාගත නොහැකි ශෝකයෙනි. පරිසරය වෙලාගත් මූසල අඳුර අතරින් තවත් මොහොතකින් නික්මී යන්නේ ප්‍රේසර් ඇන්ඩ් රොබට් අවමංගල්‍ය ආයතනයේ ප්‍රතාපවත් හිමිකරුවාය. තාත්තාගේ මලානික වත කමල අතරින් ඉවෝන් සහ සේරා තමාගේ කුඩා කාලය විනිවිදව දකිමින් උන්නෝය.

ගරා වැටී අභාවයට පත් වූ තාත්තාගේ ව්‍යාපාරය එදා සශ්‍රීකව බැබළුණු අයුරු ඉවෝන්ට වඩා සේරාට මතකකය. කලින් කලට අභාග්‍ය ඉරණමකට ගොදුරුවෙමින් තාත්තාගේ ව්‍යාපාරය අවසන් අඩියට වැටුණු ආකාරය හිතා ගන්නට තරම් ඉවොන්ගේත් සේරාගේත් සිත මේ මොහොතේ ස්ථාවරව නොතිබිණි. ගරා වැටෙන්නට ආසන්න ව්‍යාපාර ගොඩනැගිල්ලේ දිරාපත්ව ජරාජීර්ණ වූ බෝර්ඩ් ලෑල්ල දෙස සේරාගේ කඳුළු පිරුණු නෙතු නැවත නැවතුණි.

ණය බරින් ඔත්පලව තිබූ ව්‍යාපාරයේ හෙට දවස ගැන සිතන්නට තරම් සේරාගේ සිත මෙන්ම ඉවෝන්ගේ සිත ද මේ මොහොතේ ශක්තිමත් නැත. අවසානයේ දුමාරය අතරින් තාත්තා අවසන් ගමන් යන අයුරු දියණියන් බලා උන්නේ අප්‍රාණික වූ සිත මෙන්ම ගත ද මිහි හිස මත සෘජුව තබා ගනිමිනි.

පරාක්‍රම ජයසිංහ

තාත්තාගේ මලගම නිමා වී දින කිහිපයක් ගෙවී ගියේය. නොදැනීම ගෙවුණු දින කිහිපය තුළට සේරාත්, ඉවෝනුත් නිතර කතාබහ කළේ තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරි පියවර ගැනය. බර්ගර් සංස්කෘතියේ හැදී වැඩෙන මේ සහෝදරියන් දෙදෙනා එක් මොහොතකදී සුවදායී සිතිවිල්ලකට සම වැදුණෝය. දෙදෙනා එක්ව ව්‍යාපාරය දියුණු කළ යුතු යයි ඔවුන්ගේ ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් තිබූ සිතට අණ දුන්මෝය.

දැන් ව්‍යාපාරය දියුණු කළ යුතුය. මුදල් නොමැතිව ව්‍යාපාරයේ දියුණුව පිළිබඳ සිතීම පවා අණුවනකමකි. මේ අභියෝග හමුවේ තාත්තා ගෙවා දැමිය යුතුව තිබූ විශාල ණය මුදල් ද ගෙවීමට දැන් වගකීම පැවරී ඇත්තේ මේ දිරිය සහෝදරියන් මතය. ඔවුන් බැංකුවක පිහිට පැතීමට සැලසුම් කළෝය.

සියලු දේ ක්‍රමාණුකූලව සකසා ගත් සහෝදරියන් බැංකු කරා ගිය ද ඔවුනට ණය ලබා දීමට කිසිදු බැංකුවක් ඉදිරිපත් නොවීම දෙදෙනාගේ ඉදිරි ගමනට තාවකාලික බාධාවක් එක් කළේය.

අනතුරුව තම ඥාතියකු වන බිලී හමුවීමට සේරාත්, ඉවෝනුත් එකඟතාවයකට පැමිණියෝය. ඉවෝන් සහ සේරා පත්ව ඇති අස්ථාවර ඉරණම තේරුම් ගත් බිලී ව්‍යාපාරය දියුණු කිරීමට මුදල් ලබාදීමට එකඟ වන්නේ අක්කා නගෝ දෙදෙනාට මඳ අස්වැසිල්ලක් එක් කරමිනි.

දෙදෙනාට පැන නැගුණු ගැටලු අතරින් ප්‍රධාන ගැටලුව විසඳුණු තැන තවත් අතුරු ප්‍රශ්න රැසක් ඉතිරිව තිබිණ. දැන් අවමංගල්‍ය ආයතනයට නව සේවක මණ්ඩලයක් පත් කරගත යුතුය. බිලීගේ උපදේශකත්වය මත නවක සේවක මණ්ඩලයක් බඳවා ගන්නේ ප්‍රශ්න එකින් එක නිරාකරණය වෙමිනි.

ඒ අනුව ලක්මාල්, ජේමිස් සහ ආනන්ද ප්‍රේ්සර් ඇන්ඩ් රොබට් ආයතනයේ සේවකයන් බවට පත් වෙයි. ඔවුන් තිදෙනාගෙන් ලක්මාල් මිනී කපන්නාය. ජේමිස් හර්ස් රථයේ රියදුරා ලෙස පත්වන අතර ආනන්ද ව්‍යාපාර සංවර්ධන නිලධාරියා ලෙස පත්වීම භාර ගන්නේ ආයතනය දියුණු කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන පොරොන්දුව මතය.

මේ තිදෙනා ද සමාජයේ විවිධ කටයුතුªª සමඟ තැලී පොඩි වී තෙම්පරාදු වූ චරිත ත්‍රිත්වයකි. ඉවෝන්, සේරා මෙන්ම බිලී මේ සේවකයන් තිදෙනා සමඟ ව්‍යාපාරය දියුණු කිරීමට වෙහෙසුණෝය. නමුදු ව්‍යාපාරයේ දියුණුව තවමත් තිබූ තැනමය. විවිධ අකරතැබ්බවලට බඳුන් වෙමින් ව්‍යාපාරය යන ගමන ගැන සියලු දෙනා උන්නේ විමතියෙනි.

මේ අතර අවමංගල්‍ය ආයතනයට යාබද නිවෙසක ජීවත්වන අඹුසැමි යුවලකි. සැමියා සමඟ සුන්දර ජීවිතයක් ගෙවන ටාරා සුන්දර තරුණියකි. ටාරාට පිටසක්වල ජීවීන් මෙන්ම අද්භූත බලවේග සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවක් පවතී.

ඒ නිසාම ඈ නිරතුරුවම කනත්ත තමාගේ නිසොල්මන් නිදහස් නවාතැන බවට පත් කොට ගෙන තිබේ. දින චර්යාවේ අංගයක් ලෙස කනත්තට නිතර යන ටාරා තමාගේ බලවේගය ප්‍රයෝජනයට ගනිමින් මිය ගිය ආත්ම සමඟ කතාබහ කිරීම ජීවිතයේ විනෝදාංශයක් බවට පත් කොට ගෙන තිබිණි.

එක් දිනක නිදහසේ කනත්තේ ඈඳිගෙන සිටින ටාරාට ඇසෙන්නේ මිහිරි ගීතයකි. වරක් දෙවරක් නොව සියවරක් වුවත් රස විඳිය හැකි ඒ ගීතයේ හිමිකාරිණිය සැමන්තාය. පියවරෙන් පියවර ටාරා තමාගේ බලය ප්‍රයෝජනයට ගනිමින් සැමැන්තා සමඟ මිතුරු වෙයි. ඒ අද්භූත කතාබහ අතරේදී ටාරා විස්මිත පුවතක් සොයා ගැනීමට සමත් වෙයි. ‘ප්‍රේසර් ඇන්ඩ් රොබට්’ අවමංගල්‍ය ආයතනයේ දියුණුවට බාධා කරන්නී මේ අද්භූත ආත්මය සැමැන්තාය. සැමැන්තා අවමංගල්‍ය ආයතනය සමඟ වෛර බැඳගන්නේ ඇයි . . .

ඊට පිළිතුරු සොයා යන චිත්‍රපටය නම් කොට ඇත්තේ කේ සෙරා සේරා (Qභඥ ඵඥපච ඉචපචඩ) නමිනි. පරාක්‍රම ජයසිංහ අතින් ලියැවී ඔහුගේ අදියුරුවමින් හැඩ වූ කේ සෙරා සේරා වෙනස්ම නමක් මෙන්ම ආකෘතියක් ගත් චිත්‍රපට අත්දැකීමකි.

කේ සෙරා යනු අතිශය ජනප්‍රිය ස්පාඤ්ඥ ගීතයක මුල් පදවැලයි. එහි සිංහල තේරුම වෙන දේ වෙයි යන්නයි. සෙරා යනු නියම බර්ගර් තරුණියකි. උපතින්ම ප්‍රශ්න ගණනකට නොගන්නා බර්ගර් ජාතිකයන් නිරතුරුවමවෙන දේ වෙයි ලෙස සිතන්නට එදා හුරුව උන්නේය. මෙම චිත්‍රපටයේ නම තැනී ඇත්තේ එපරිද්දෙනි.

එකදා වැහි සමඟ රිදී තිරය ආලෝකමත් කළ පරාක්‍රම මෙවර තම නිර්මාණය තනා ඇත්තේ වෙනස්ම අයුරකිනි. මෙම චිත්‍රපටය හාස්‍ය සහ ප්‍රහසන කතාබහ කරන නිමැවුමකි.

සමැන්තා අවමංගල්‍ය ආයතනයට වින කරන්නේ ඇයි . . ..

Cast

Crew

Other Crew