Saradiyel

Saradiyel

සරදියෙල්

Black & White 35mm

Film No: 23  ·  Released: 05 Aug 1954

58.16% · 2,421 votes
Rate this film

Summary

NameSaradiyel / සරදියෙල්
Film No23
Released Date05 Aug 1954
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyNawa Jeewana Films
Main Actor: Mathayas Fernando Main Actress: Theresa Weerasighe Director: Sirisena Wimalaweera Producer: Sirisena Wimalaweera Producer: Herbet Jayasighe

Description

ප්‍රදර්ශනය – පිටපත් 07

ගාමිණී – මරදාන, කුවින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර, ඡායා - කෑගල්ල, ජුපිටර් – කුරුණෑගල, රත්නාවලී – ජාඇල, විජේන්ද්‍ර – අනුරාධපුරය

නිෂ්පාදනයට ගිය වියදම – ලක්ෂ දෙකයි

මරදාන ගාමිණී සිනමා ශාලාවේ නොකඩවා දින 48 ක් තිරගත විය.

නිෂ්පාදනයට ගත වූ කාලය වසර 1

නැවත තිරගත කිරීම – 1975 ජනවාරි 13 – පිටපත් 01

සිංහල සිනමාව - මෙන්ම නාට්‍ය කලාව වෙනුවෙන් මුළු ජිවිතයම කැපකල කාලාකරුවෙකු ලෙස තංගල්ලේ සිරිසේන විමලවීර හැඳින් වීම නිවැරදිය. ඔහු මේ සෑම අංශයකින්ම තම හැකියාව පෙන්වුවෙකි. අතීත සටහන් අනුව ඔහු චිත්‍රපටයක් සඳහා තිරනාටකයක් නොසැදු බව කලාකරුවන් අතර ප්‍රකටය. ඔහු රූගත කිරිම් කලේ තිරනාටකය හිතේ ඇඳගෙනය.

ශ්‍රී ලංකාවේ මුල්ම චිත්‍රාගාරය 1952 වසරේදී බිහිවීමෙන් පසුව, දෙවන චිත්‍රාගාරය "නවජීවන" නමින් බිහිවුයේ විමලවීරයන් ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම මතය. සිංහල චිත්‍රපට නිපදවිම සඳහා ඉන්දියානු චිත්‍රාගාර වල සහය ලබා ගන්නවාට වඩා අපේ රටේදීම චිත්‍රපට නිපදවීම තුලින් විදේශ විනිමය ඉතුරු කර ගත හැකි වන බවත්- ලංකාවේ දර්ශන රූගත කිරිම පහසු බවත් ඔහු අවබෝධය කරගෙන සිටියේ ය.

තම ප්‍රථම හා දෙවන චිත්‍රපට ඉන්දියාවේ චිත්‍රාගාර තුල නිමකල වීමලවීරයන් කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරය පිහිටුවා ගැනීමෙන් පසුව එහි නිපදවූ "පිටිසර කෙල්ල" චිත්‍රපටයේ බොහෝ කාර්මික දෝෂ තිබුන ද ඊලඟට නිපදවු සරදියෙල් චිත්‍රපටය සෑහෙන දුරකට සාර්ථක වී තිබින.

මෙහිදි ඔහුට මුහුන පාන්නට සිදුවුනු ප්‍රධාන ගැටලුව වුයේ, චිත්‍රාගාරය ආසන්නයෙන් පිහිටි කොලඹ නුවර මාර්ගයේ නිතර යන එන වාහනවල් ශබ්දය, ඊට බාධාවක් වීමය. එබැවින් ඔහු තම චිත්‍රපටවල ගීත - දෙබස් ආදිය පටිගත කිරිම රාත්‍රිකාලයේදී යොදා ගත්තේය.

ඒ යුගයේ අද මෙන් නවීන තාක්ෂනයෙන් යුත් සැහැල්ලු අත් කැමරා නොතිබීම නිසා - චිත්‍රාගාරය තුල රූගත කරන විශාල කැමරාවම එලිමහන් දර්ශන සඳහාද යොදාගත්ය. - "සරදියල්" තම චිත්‍රාගාරය තුලදීම නිෂ්පාදනය කිරීම සඳහා ඔහුට රුපියල් ලක්ෂ දෙකට ආසන්‍ය මුදලක් වැය වී ඇත.

සරදියල් චරිතාපදාන තුල විවිධ මතිමතාන්තර තිබුන ද - ඔහු බොහෝ දුරටම, සත්‍ය සිද්ධීන් දැන හදාරා ඒ අනුව සරදියල් නිෂ්පාදනය කිරීමට උත්සාහ කර තිබිම බොහෝ දුරකට සඵල වී ඇති බව සඳහන් කල යුතුය.

Cast

Crew

Other Crew