තොරතුරු
Seeruwen / සීරුවෙන්
[ Colour Digital ]
චිත්‍රපට අංකය : 1394
නිකුත් වූ දිනය : 2024-07-12
45.880102040816
46% |   1568  Vote(s) | Vote Here
1 2 3 4 5
 
Based on Hollywood film Don't Breathe by Fede Álvarez
 
සාරාංශය

Seeruwen / සීරුවෙන්
චිත්‍රපට අංකය : 1394
නිකුත් වූ දිනය : 2024-07-12
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : Digital
වර්ගය :
ප්‍රධාන නළුවා : ජැක්සන් ඇන්තනි
ප්‍රධාන නිළිය : Disney Rajapaksa
අධ්‍යක්ෂණය : Sudesh Wasantha Pieris
නිෂ්පාදනය : Nihal Wijesinghe

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

සිනමා ක්ෂේත්‍රය ට අවතිරණ වෙන්න හිතුවේ ඇයි?
 
කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. පාසල් යන අවදියේ සිටම කලා ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දක්වපු පුද්ගලයෙක්. පාසලේ සාහිත්‍ය සංගම් මෙන්ම සෞන්දර්ය කටයුතුවලදී මැදිහත් වෙලා වැඩ කරපු කෙනෙක් හැටියට මගේ දැඩි ආසාවක් තිබ්බේ රංගන ශිල්පියෙක් හැටියට සමාජගත වෙන්නයි. ඒත් ඒ අවස්ථා මඟහැරුණ අවස්ථා එමටයි. ඒ සිහින අතරේ මම ජීවත් වුණු කාලසීමාව තුළදී. මගේ දැඩි අරමුණක් තිබ්බා මම සිනමාවට කොහොම හරි සම්බන්ධ වෙනවා කියලා. පාසල් කාලයේදී මෙන්ම තරුණ කාලයේදී පෙන්නපු සිනමා පට අතරින් කිහිපයක් තමයි නොබැලුවේ. ඒ කාලසීමාව තුළදී බොහෝ දෙනෙක් තරුණයෝ මෙන්ම වැඩිහිටියෝ ද සිනමා ශාලා වෙත ඇදීගෙන ආවා. ඒ ඇති කරපු සිනමා ප්‍රබෝධය මට එන්න මාර්ගයක් පෑදුවා. මම හිතුවේ නළුවෙක් වෙන්න බැරි වෙච්ච මට නිෂ්පාදකයෙක් වෙනවනම් කොච්චර හොඳයිද කියලයි. මේ හිතමින් ඉන්න කාල සීමාව තුළදී තමයි සුදේශ්ව මට මුණගැහෙන්නේ. ඒ මුණගැහීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි පරිවර්තන පිටපතක් හැටියට හුස්ම නිෂ්පාදනය වෙන්නේ. මට විතරක් නෙවෙයි සුදේශ් වසන්තගේත් හැරවුම් ලක්ෂ්‍යය ලෙස ‘හුස්ම’ කියන්න පුළුවන්. ප්‍රේක්ෂකයෝ විතරක් නෙවෙයි බොහෝ විචාරකයෝ අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරුත් සිනමාපටය ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මම නිෂ්පාදකයෙක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා.
 
හුස්ම නිෂ්පාදනයෙන් පසු ඔබට චිත්‍රපට අධ්‍යක්ෂගෙන් කවරු චිත්‍රපට නිෂ්පාදනයට කතා කරනවා කියන්නේ ඇත්තද?
 
හුස්ම නිෂ්පාදනය කරාට පස්සේ තමයි එහි නිෂ්පාදකවරයා කවුද කියන එකත් හොයන්න ගත්තේ. මේ සිනමා පටයෙන් පස්සේ මට සිනමාපට තුන හතරකටම ප්‍රවීණයන් මෙන්ම තරුණ අධ්‍යක්ෂකවරුද කතා කරා. ඒත් ඒ කිසිවෙකුට මම උත්තරයක් දුන්නේ නැහැ. එකට එක හේතුවක් වුණේ ඒ සියලු දෙනාම මම අඳුරන්නේ නැති එක ප්‍රශ්නයක් වුණා. ඒත් සුදේශුයි මායි ළඟ සම්බන්ධතාවයක් තිබුණා. අපි දෙන්නම එකම ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නෙත්. ඒ සම්බන්ධතාවය තමයි නිෂ්පාදකවරයෙක් බවට පත්වන්නේ. ඕනම පුද්ගලයෙක්ගේ තිබෙන බැඳීම තමයි ඕනම නිර්මාණයක් හෝ යම් කටයුත්තකට මුල පුරන්නට අවස්ථාව ලැබෙන්නේ. හුස්ම සහ සීරුවෙන් යන සිනමාපට දෙකෙන් පස්සේ බොහෝ අධ්‍යක්ෂකවරු සහ ප්‍රවීණයන් අඳුනා ගන්නට අවස්ථාවක් ලැබුණා. මේ නිර්මාණ වලින් පස්සේ සමහර විට හොඳ පිටපතක් ලැබුණොත් වෙනත් අධ්‍යක්ෂකවරු සමඟ නිෂ්පාදනයට පියවරක් තබන්නත් පුළුවන්. ඒත් මම තාම ඒ ගැන තීරණය කරලා නැහැ. සීරුවෙන් සිනමාපටයේ ප්‍රදර්ශනය ඉවර උනාම තමයි ඊළඟ සිනමාපටය තිර පිටපත කියවලා සිනමාපටයක් ආරම්භ වෙන්නේ.
 
 
පරිවර්තන නිෂ්පාදක ලෙස ඔබව හඳුන්වන්න ගත්තා නේද?
 
ක්ෂේත්‍රය තුළ විවිධ අයට විවිධ නම් පට බඳින්න පුළුවන්. ඒත් සිනමාපටයක් කොපියක්ද ඔරිජිනල්ද කියන එක නෙමෙයි බැලිය යුත්තේ සිනමා පටයේ තිර පිටපත හොඳ තිර පිටපතක් නම්, එය ප්‍රේක්ෂකයන් වැළඳ ගනී කියන අදහසින් නිෂ්පාදනය කළ යුතුයි. නම් එකට දාහක් දැම්මත් මම නිෂ්පාදනය කළ සිනමාපටය අදටත් සියලු දෙනාම කතා කරන තැනයි තියෙන්නේ. තිබුණු සම්මාන උළෙල වලින් සම්මාන හිමි කර ගැනීමත් විශේෂත්වයක්. සම්මානයක් ගන්න තරම් හොඳ සිනමාපටයක් බවට විනිශ්චය මණ්ඩලය නිර්දේශ කරන්නත් හේතු සාධක තිබුණේ පෙර සිනමා පටයේ ගුණාත්මක භාවයට කිසිදු හානියක් නොකර අධ්‍යක්ෂණය නිවැරදියි කියන එකයි. මම නම් හිතන්නේ ඕනෑම කෙනෙකුට අවශ්‍ය වෙන්නේ තමන්ට නම් දැමීම් සොය සොයා ඉන්නවට වඩා නිෂ්පාදන කර්තව්‍යයට සාධාරණයක් ඉටු කිරීම පමණයි.
 
ඔබේ දෙවැනි නිර්මාණයත් පරිවර්තනයක්⁣ නේද?
 
අද කොච්චර පරිවර්තන ලේඛකයන් ඉන්නවද? ඒ සියලු දෙනාම කරන්නේ ඔවුන්ගේ භාෂාවට ආවේණිකව නිර්මාණයට හානියක් නොකර පරිවර්තනය කිරීමක් පමණයි. විශ්ව සිනමාව තුළ පරිවර්තන පිටපත් කොච්චර එළියට ඇවිත් තියෙනවාද? ඒ නිර්මාණය කරපු සිනමා පට අද ලෝකේ කොච්චර තැන් වල කතාබහට ලක් වෙනවාද? ඒ නිෂ්පාදනය කරපු නිෂ්පාදකවරු හංවඩු ගැහුවා ද? අදටත් ඒ නිර්මාණවල ගුණාත්මක භාවය කතා කරනවා ඇරෙන්න නිෂ්පාදනය කරපු නිෂ්පාදකවරයාගේ හෝ අධ්‍යක්ෂකවරුන්ගේ දිග පළල හොයන්නේ නැහැ. කවුරු මොන දේ කිව්වත් මම හොඳ තිර පිටපතක් ගුණාත්මක නිර්මාණයක් ඉදිරියේ ඍජු තීරණ තීන්දු ගන්න පුළුවන් වුණා කියලා කියන්න කැමති.
 
සිරුවෙන් සිනමා පටය තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ නේද?
 
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි ගේ අවසන් සිනමා පටය සීරුවෙන්. මට හරිම සතුටුයි ඔහු වැනි ප්‍රවීණයෙක් මෙම සිනමා පටයේ රංගනයට එකතුවීම පිළිබඳ. ඔහු සමඟ රංගනයට එකතුවෙන බුද්ධික ජයරත්න, දසුන් පතිරණත්, දිස්නි රාජපක්ෂ උමාරියෝ ඇතුළු අනිත් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් නිසා සිනමාපටයට ආලෝකයක් ලැබිලා තියෙනවා. ඒ ආලෝකය සමඟ මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල් 64කදි ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද තිරගත වෙනවා. ඒවගේම තමයි දැනට ප්‍රදර්ශනය වෙන සිනමා ශාලාවල්වල ප්‍රදර්ශන වාර සංඛ්‍යාව වෙනස් වෙනවා. ඕනෑම නිෂ්පාදකවරයකුගේ සහ අධ්‍යක්ෂකවරයෙකුගේ සිහිනය තමන්ගේ නිර්මාණයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයි. මේ වන විට ඒ ප්‍රතිචාරය නොකඩවාම ලැබෙනවා. සිනමා පටය තුළ ජීවත්වන චරිත මම දකින පෙනෙන විදිහට සැබෑ සමාජය තුළ ජීවිත්වන චරිතමයි.
 
සිනමා පටය තිරගත වීම ආරම්භ වීමට තිබුණේ මීට අවුරුදු තුනකට ප්‍රථම නේද?
 
ඇත්තටම මේ සිනමා පටය මීට අවුරුදු තුනකට ප්‍රථම තමයි තිරගතවීමට සූදානම් කර තිබුණේ. කොවිඩ් වසංගතය සහ ජැක්සන් ඇන්තනි රංගධරයාගේ හදිසි අනතුරකට ලක්වීම හේතු කොට ගෙන යොදාගෙන තිබුණු සියලූම දේවල් අවලංගු කරන්නට සිදුවුණා. කාලය ගෙවී ගොස් හමාර වෙන්න ළං වෙන විට මා සහ අධ්‍යක්ෂකවරයා තීරණය කරා සිනමා පටය මාධ්‍ය දර්ශනයක් පැවැත්විය යුතුයි කියලා. ඒ පෙන්නපු මාධ්‍ය දර්ශනයත් එක්ක ලැබුණු ප්‍රතිචාර සහ ජැක්සන් ඇන්තනි ගේ රංගන කෞශල්‍යය පිළිබඳ කා අතරත් කතාබහට ලක්වුණා.
 
සීරුවෙන් සිනමා පටය සඳහා තෝරාගත් නළු නිළියන් නිෂ්පාදකවරයාගේ අවශ්‍යතාව මතද සිදුවුණේද?
 
මම නිෂ්පාදනය කළ සිනමා පට දෙකටම මගේ මැදිහත්වීමක් සිදුවුණේ නැහැ. ඒත් අධ්‍යක්ෂකවරයා මගෙන් යම් යම් දේ විමසුවාට පස්සේ මම ඒවාට එකඟ වුණා. නිෂ්පාදකවරයාගේ කාර්යභාරය පමණයි මම අවබෝධ කරගෙන සිටියේ. සිනමා පටයක් අවසානයේ ටීම්වර්ක් එකක් කියන එක මට මුල් සිනමා පටයෙන් පසු හොඳට අවබෝධ කරගෙන සිටියේ. තිර පිටපතට අනුව ඒ ඒ චරිත සඳහා අවශ්‍ය නළු නිළියන් ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ අධ්‍යක්ෂකවරයාට සහ තිර පිටපත් රචකයාටයි. අවසානයේ තෝරා ගත්ත නළු නිළියන් සියල්ලම පිළිබඳ අපි සමාලෝචනයක් කළා. ඉන්පසු ටීම් එකක් හැටියට එකඟතාවයකට ඇවිල්ල තමයි මේ සියලු දෙනාම තෝරා ගත්තේ. ජැක්සන් ඇන්තනී මේ සිනමා පටයට සම්බන්ධ වෙන්නේ තිර පිටපතවත් කියවලා නෙවෙයි. ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබුණා හුස්ම සිනමාපටයේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ගැන. මම අහල තියෙන විදිහට ජැක්සන් ඇන්තනි තිරපිටපතක් කියවන් නැතුව කිසිදු නිර්මාණයක් බාර ගන්නේ නැහැ කියලයි. ඒත් නිෂ්පාදකවරයෙක් ලෙස මගේ වාසනාවට ඔහු සිනමා පටයට රංගනයෙන් දායක වන බවට එකඟතාවයකට ආවා. අධ්‍යක්ෂකවරයා සෑම මෙහොතකම කිව්වේ ජැක්සන් ඇන්තනි තමයි මේ චරිතයට හොඳම පුද්ගලයා කියන එකයි. මේ හමුවුණු නළු නිළියන් අතර ඔහු හරිම නිහතමානී පුද්ගලයෙක්. සිනමාපටය පුරා ගෙනයන චරිතය තුළ ප්‍රේක්ෂකයා වෙනත්ම දිශාවකට ගෙනියනවා කියලා කියන්න පුළුවන්. සිනමා පටය තිරගත වුණ දවස දැක්කාම පුදුම සතුටක් දැනුණේ. මේ තරම් රංගනයක් ඔහු සිනමා පටය තුළ කලාද කියලත් මට හිතාගන්න බැරි වුණා. තෝරා ගත්ත සියලු නළු නිළියන් තම තමන්ගේ කාර්යභාරය මැනවින් ඉෂ්ඨ සිද්ධ කරලා තියෙනවා. මම මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ ලස්සන බංගලාවක වත්තකයි. දින 15ක් විස්සක් වැනි කාලසීමාවක් රූපගත කිරීම් සිදුකළා. ඒ බංගලාව තමයි සිනමා පටයේ ප්‍රධාන දර්ශන තලය ලෙස යොදාගෙන තිබුණේ. නාගරික පරිසරය තුළ ජීවත් වන චරිත සඳහා කොළඹ ප්‍රදේශයේ යම් යම් ස්ථාන අධ්‍යක්ෂකවරයා තෝරාගත්තා. තෝරා ගත්ත සියළු නළු නිළියන් දර්ශන තලයෙදි හරිම සතුටෙන් සිනමාපටය අවසාන වන තෙක් රූපගත කිරීම් වලට සහභාගි වුණේ. ඒ නිසා නිෂ්පාදක කණ්ඩායමට ඒ සියලු දෙනාගෙන් හොඳ සහයෝගයක් ලැබුණා.
 
ප්‍රදර්ශක මණ්ඩලවලින් සහ සිනමා ශාලාවලින් ලැබෙන සහයෝගය කොහොමද?
 
අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කටයුතු ඉවර වුණාට පසුව තේරීම් කමිටුවට සහ ප්‍රදර්ශක මණ්ඩලවලට සිනමාපටය නැරඹීමට අවස්ථාව සැලසුවා. සිනමා පටය නැරඹීමෙන් පසු දැනට තිබෙන මණ්ඩල තීරණය කළා සිනමා පටය ප්‍රදර්ශනයට. ප්‍රදර්ශනයට එකඟතාවයකට පැමිණීමෙන් පසු අපි තීරණය කළා මොන මණ්ඩලය යටතේද සිනමාපටය ප්‍රදර්ශනය කරන්නේ කියලා. ඒ අනුව තෝරා ගත්ත රිද්මා මණ්ඩලය යටතේ තමයි අපි මේ වන විට ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. දැනට දිවයින පුරා තිබෙන සියලූම සිනමා ශාලාවලින් සහ ප්‍රදර්ශක මණ්ඩල වලින් හොඳ සහයෝගයක් ලැබෙනවා. සිනමාපටය නැරඹීමට ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමද හොඳ තත්ත්වයකයි තියෙන්නේ.
 
බෙදාහැරිමේ කටයුතු කරන්නේ කෙසේද ?
 
රිද්මා මණ්ඩලයේ සිනමහල්වල තමයි බෙදාහැරීම් කටයුතු සිද්ධ කරන්නේ. මේ වන විට සිනමාහල් පනස් අටක මුල් සතියේ ප්‍රදර්ශනය කළා. තවදුරටත් ප්‍රදර්ශනය වැඩි කරමින් දැන් සිනමා ශාලා 64 ප්‍රදර්ශනය කරනවා. එක් දවසකට ප්‍රදර්ශන වාර 250ක් පමණ ක්‍රියාත්මක වෙනවා. දැන් උතුරු නැගෙනහිර සිනමා ශාලාවලද ප්‍රදර්ශනයටද සුදානම්. මේ ආරම්භයත් සමඟ සිනමා පටය නරඹන්න ප්‍රේක්ෂකයන් වැඩි ප්‍රමාණයක්සාමාන්‍යයෙන් උදේ වරුවෙ දර්ශන වාරයටත් වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉන්නවා. සමහර දවස්වලට හවස දර්ශන වාරයට ඉන්නවා. ඒ වගේම සති අන්තයටත් ඉන්නවා.
 
ඔබ නිෂ්පාදකවරයෙකු හැටියට සිනමාව හැර වෙනත් කලා මාධ්‍යයන්ට සම්බන්ධතාවයක් නැතිද ?
 
මම වෙනත් කලා මාධ්‍යවලට සම්බන්ධ වෙන්නට තවමත් අදහස් කරලා නෑ. මම සිනමාව තමයි ගොඩක් ආදරේ කරන්නේ. අවස්ථානුකූලව ඉදිරියේදී වැඩ කටයුතු කරන්න මම අදහස් කරනවා. හොඳ අධ්‍යක්ෂකවරයකු ලැබුණොත් මම අනෙක් කලා මාධ්‍ය ගැන සලකා බලනවා.
 
ඔබට ලැබී තියෙන සම්මාන මොනවාද?
 
සරසවිය සම්මාන තුනක් මේ වන විට ලැබිලා තියෙනවා. ඒ වගේම ජනාධිපති සම්මානයකුත් ලැබුණා. මේ වන විට පැමිණි ගමන ගැන ආපසු හැරී බැලුවොත් කියන්න තියෙන්නේ ඇත්තෙන්ම මට හරි සතුටුයි.
 
ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද ?
 
මට ඉන්නේ බිරිඳයි පුතයි විතරයි. මේකෙ වෛද්‍යවරයාගේ චරිතය රඟපාන්නේ මගේ පුතා. බිරිඳ අශාන්ති විජේසිංහ. එයා මෙහි නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩ කරනවා. අපි සියලු දෙනාම සිනමාවට සම්බන්ධයි දැන්.
 
ඔබේ ප්‍රධාන ආර්ථික මාර්ගය කුමක්ද?
 
ඉදිකිරීම් ක්ෂේත්‍රය. මට ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක් තියෙනවා. මම බොහෝ වෙලාවට පල්ලි, පාසල්, කන්‍යාරාම සහ පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීම් තමයි කරන්නේ. මේ සියලු දේවල් තුළ තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. සිනමාව කියන්නේ දැන් මගේ ජීවිතය කියැයි මම දකින්නේ. සීරුවෙන් සිනමා පටය තිරගත වී අවසන් වූ පසු මගේ ඊළඟ සිනමා පටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා.
 
 
 
nissankamax@gmail.com
 
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sudesh Wasantha Pieris
නිෂ්පාදනය
Nihal Wijesinghe
කැමරාකරණය
Gamini Moragollagama
සංස්කරණය
Anura Bandara
කලා අධ්‍යක්ෂණය
Sarath Samarawickrama

අමතර ශිල්පින්

නිෂ්පාදන කළමනාකරු
Thushani Weerakkody
ශබ්ද නිර්මාණය
Sasika Ruwan Marasinghe
වර්ණ සංයෝජනය
Ananda Bandara
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS