SUMMARY
K.S. Setumathawan
කේ.එස්. සේතුමාධවන්
1927 - 2021
59.134615384615
59% |   1040  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

K.S. Setumathawan කේ.එස්. සේතුමාධවන්
K.S. Setumathawan
  • Birthday : 1927 May 29
  • Died : 2021 December 24
  • NATIONAL AWARDS

    FILMOGRAPHY

    AS CREW MEMBER

    1Weera Wijaya
    Director
    1960
    BIOGRAPHY

    අපේ කථානාද සිනමාවට අවුරුදු හැත්තෑපහ පිරෙන්නට ඇත්තේ තව දවස් කිහිපයකි. එයට මාසයක් පිරෙන්නට ඔන්න මෙන්න තිබියදී දේශිය කථානාද සිනමාවේ එක් පරිච්ඡේදයක් සහමුලින්ම අවසන් වූයේ සිංහල චිත්‍රපට තැනූ ඉන්දියානුවන් අතර ජීවත්ව සිටි අවසාන පුද්ගලයා ද මිය යාමත් සමඟය. ඔහුගේ මරණය මෙරට පුවත්පත්වලට වැදගත් නොවුණත් ඉන්දියානු මාධ්‍ය ඉහළින් සදහන් කර තිබිණ. චිත්‍රපට හැටකට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ සිනමා විත්ති පිළිබඳ ලියැවුණු හැම ප්‍රවෘත්තියකම ඔහුගේ මුල්ම චිත්‍රපටය සිංහලීස් ෆිල්ම් ලෙස සඳහන්ව තිබිණ. ඉන්දියානු පුවත්පත්වල ප්‍රවෘත්තියක් වූ සිංහල චිත්‍රපටය වීරවිජය යි. අධ්‍යක්ෂණය කරන ලද්දේ කේ.එස්. සේතුමාධවන් ය. සේතුමාධවන් මිය ගොස් දැනට සතිදෙකක් ගත වූ බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුය.
     
    1927 වසරේ මැයි මස 29 වැනි දින එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේ ගම්මානයක් වු පලගාට්හි (වර්තමානයේ එය අයත්වන්නේ කේරළයටය.) උපත ලද ඔහු මිය ගියේ පසුගිය දෙසැම්බර් මස 24 වැනි දින චෙන්නායි නගරයේදීය. සේතුමාධවන්ගේ මරණය ඉන්දීය මාධ්‍ය මහා ඉහළින් වාර්තා කරන ලද්දේ ඔහු සිංහල චිත්‍රපටයක් තැනූ ඉන්දියානුවකු නිසාවත් සිංහල චිත්‍රපට තනා ජීවත්ව සිටි අවසාන ඉන්දියානු සිනමාකරුවා නිසාවත් නොව මලයාලම් මහා සිනමාවේ පුරෝගාමි සිනාමකරුවකු වූ හෙයින්ය. කොටින්ම හැත්තෑව දශකයේ්දී ආසියානු සිනමාවට මහත් බලපෑමක් කළ මලයාලම් සිනමාවේ අධූර් ගෝපාල් ක්‍රෂ්ණන්, ජී. අරවින්දන්, වැනි සිනමාකරුවන්ගේ පෙර ගමන්කරුවන් අතර ප්‍රධානියකු ලෙස සැලකෙන නිසාය. මේ මහා සිනමාකරුවා කේ.එස්.සේතුමාධවන්ය. සිනමා අධ්‍යක්ෂණය ආරම්භ කරමින් ඔහු තැනූ වීරවිජය එවකට දකුණු ඉන්දියාවේ තිබුණු දැවැන්තම චිත්‍රාගාරය වූ සේලම් නගරයේ පිහිටි මොඩර්න් චිත්‍රාගාරයේදී නිෂ්පාදනය විණ. සීමාසහිත සිනමාස් සමාගම වෙනුවෙන් කේ. ගුණරත්නම් විසින් එම චිත්‍රපටය නිපදවන සමය වන විට තව දුරටත් ඉන්දියාවට ගොස් චිත්‍රපට නිෂ්පාදනය කිරිම මෙරට රජය මඟින් තහනම් කරන ලද අතර එයින් පසු සිනමාස් චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ හැඳල ගොඩ නැඟූ ඔවුන්ගේ විජයා චිත්‍රාගාරයේය. වීරවිජය චිත්‍රපටය සරසවිය මුල්ම ජනප්‍රිය නිළිය වූ ජීවරාණි කුරුකුලසූරිය මුල් වරට ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය ද වෙයි. සේතුමාධවන්ගේ මරණය පිළිබඳ සැළ කළ විට ඕස්ට්‍රේලියාවේ සිට අප ඇමතූ ජීවරාණිගේ මතකයට අනුව සේතුමාධවන් එම අවධියේ කඩවසම් තරුණයෙකු මෙන්ම ඉතා කාරුණික මහත්මයකුද වූයේය. තම සිනමාවේ චරිත නිරූපණයේ ආරම්භය එබඳු දැවැන්තයකු යටතේ ආරම්භ කරන්නට ඉඩ ලැබීම ඇය වාසනාවක් සේ සැලකූ බව පැවසුවාය. ජීවරාණි කුරුකුලසූරිය විවාහයෙන් පසු සිනමාවෙන් සමුගත් අතිශය සාර්ථක වූ ශීලා චිත්‍රපටයට පාදක වූයේ ද සේතුමාධවන් මලයාලම් බසින් නිර්මාණය කරන ලද ‘ඔරු පෙනින්තේ කතා‘ චිත්‍රපටයම වීම දෛවෝපගත සිදුවීමකි. එය මලයාලම් සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ චිත්‍රපටයක් ලෙස සැලකෙයි. මලයාලම් සිනමාවේ සුපිරි තරුව වූ මම්මුටි මුල් වරට සිනමාවට පිවිසෙනුයේ සේතුමාධවන් විසින් 1971 වසරේ නිර්මාණය කරන ලද අන්බුවන්ගල් පාල්චකාල් චිත්‍රපටයෙනි. එමෙන්ම පසුකලෙක හින්දි සිනමාවේ බොක්ස් ඔෆිස් නිළියක වන ශ්‍රී දේවි මුල්වරට හින්දි චිත්‍රපටයක රඟපානුයෙත්, ජනප්‍රිය දෙමළ නිළියකව සිටි ලක්ෂ්මී සිය මුල්ම හින්දි චිත්‍රපටයෙන් හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගනු ලබන්නේත් සේතුමාධවන් විසින් හින්දි බසින් නිර්මාණය කරන ලද ජූලි චිත්‍රපටයෙනි. ඒ 1975 වසෙර්ය.
     
    2019 වසරේ පනස්වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී ඔහු විසින් නිර්මාණය කරන ලද අධිමකල් චිත්‍රපටය තිරගත වූයේ මෙම ජ්‍යෙෂ්ඨ සිනමාකරුවාට ගෞරවයක් හැටියටය. තරමක් පැරැණි එම චිත්‍රපටය නරඹන්නට මා කාලය වෙන් කර ගත්තේ වෙනත් චිත්‍රපට දෙකක්ම නරඹන්නට තිබුණු අවස්ථාව අත්හැර දමමින්ය. මට වඩාත් අවශ්‍ය වූයේ චිත්‍රපටය දැක ගන්නට නොව මෙම සිනමාකරුවා දැක ගෙන කතා බස් කරන්නටය. එහෙත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා සැතපුම් සිය ගණනක් ගෙවා චෙන්නායි සිට ගෝවේ ප්‍රාන්තය වෙත පැමිණීමට නොහැකි විය. ඔහුට බුහුමන් ලබන්නට තිබුණු අවස්ථාව මෙන්ම මට ඔහු හමුවන්නට තිබුණු අවස්ථාව ද ඉන් මඟ හැරී ගියේය. එයින් පසුව චෙන්නායිහි ඔහුගේ නිවහනට ගොස් හමුවීමට මට අවශ්‍යව තිබුණත් පසුගිය දෙවසර ඇතුළත ලෝකය වෙලා ගත් රෝග තත්ත්වය එම ගමනින් මා වළකාලුයේය. එයට පෙර එනම් 1996 වසරේදී ඔහුගේ විශිෂ්ට මලයාලම් චිත්‍රපටයක් වූ වාල්වේ මායම් කේරළයේ තිරුවානන්දපුරම්හිදි ප්‍රදර්ශනය කළ අවස්ථාවේ ඔහු මට යාන්තමින් මඟ හැරිණ.
     
    සුබ්‍රමනියම් සහ ලක්ෂ්මියම්මාට දාව උපත ලද ඔහුට සහෝදරියන් තිදෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටියහ. ඔහුගේ ළමා කාලය ගත වූයේ තමිළ්නාඩුවේ පලාක්කාඩ් සහ උතුරු ආකොට්හි ය. සේතුමාධවන් පලක්කාඩ් රජයේ වික්ටෝරියා විද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළේය. ඔහු සිනමා කර්මාන්තයට පිවිසියේ සුප්‍රකට දෙමළ සිනමාකුරුවකු හා කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ කේ. රාම්නාත්ගේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසිනි. පසුව ඔහු එල්.වී ප්‍රසාද්, ඒ.එස්.ඒ සාමි (ඩිංගිරිමැණිකා චිත්‍රපටයේ අධ්‍යක්ෂ) සුන්දර් රාඕ නන්දකර්නි යන අධ්‍යක්ෂවරුන්ට සහාය විය. අනතුරුව ඔහු එක් වූයේ සේලම්හි මොඩර්න් චිත්‍රගාරයටය. එහි අධිපති ටී. ආර්. සුන්දරම්ගේ මෙහෙයුම යටතේ විවිධ භාෂාවලින් විවිධ චිත්‍රපට තැනිණ. සුජාතා චිත්‍රපටයේ සිට සිනමාස් සමාගමේ බහුතරයක් සිංහල චිත්‍රපට තැනුණේ ද එහිය. වනමෝහිනි චිත්‍රපටය සුන්දරම් අතින් අධ්‍යක්ෂණය වද්දී එහි සහාය අධ්‍යක්ෂවරයකු වූයේ සේතුමාධවන්ය. වීරවිජය තනන්නට සිනමාස් සමාගම මොඩරන් තියටර්ස් ස්ටුඩියෝවට පැමිණයේ එයින් පසුවය. වීර විජය සහමුලින්ම පැවරුණේ සේතුමාධවන්ටය. වීරවිජය අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ අනන්‍යතාව මතු කළ චිත්‍රපටයක් නොවේ. එයට පාදක වූයේ එයට වසර ගණනාවකට පෙර තැනුණු දෙමළ චිත්‍රපටයක කතාවකි. එහෙත් එය හින්දි හා දෙමළ තනු අනුව තැනුණු ඉතා මියුරු ගීත පෙළක් ඉතුරු කළේය. චිත්‍රපටය පුරා පැවතියේ ද එවක බොහෝ දෙමළ චිත්‍රපටවල තිබුණු අංග ලක්ෂණමය. එහෙත් එම වසරේම ඔහුගේ පළමු මලයාලම් චිත්‍රපටය ලෙස මුත්තතු වර්කිගේ කෙටිකතාවක් ඇසුරින් ඇසෝසියේට්ස් පික්චර්ස් වෙනුවෙන් ටී.ඊ. වාසුදේවන් විසින් නිෂ්පාදනය කරන ලද ඥාන සුන්දරී නිර්මාණය විය. එම චිත්‍රපටයෙන් ඔහු මලයාලම් සිනමාවේ බොහෝ දෙනාගේ ඇස් ඇරවා ගන්නට සමත් විය.
     
    ඉන්පසු ඔහු ඔඩයිල් නින්නු, දහම්, ස්ථානර්ති සාරම්මා, කූට්ටුකුඩුම්බම්, වාල්වේ මායම්, ආර නාසික නේරම්, අන්දැකීමංගල් පලිචකල්, කරකනක්කඩල්, අචනුම් බප්පයුම්, පුනර්ජන්මම්, චත්තක්කාරි, කන්නඩකරි, මනපක්කරි,වැනි ජනප්‍රිය හා සම්මානනීය චිත්‍රපට හැටකට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේය.
     
    ඔහුගේ අචනුම් බාප්පායම් චිත්‍රපටිය 1973 දී ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී ජාතික ඒකාබද්ධතාව පිළිබඳ තේමාව යටතේ හොඳම චිත්‍රපටය සඳහා පිරිනැමෙන නාර්ගීස් දත් සම්මානය දිනා ගත්තේය. ඔහුගේ දෙමළ චිත්‍රපටය මරුපක්කම් 1991 දී හොඳම චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය. හොඳම චිත්‍රපටය සඳහා ඉන්දියානු ජාතික සම්මානය දෙමළ චිත්‍රපටයක් දිනා ගත් මුල්ම අවස්ථාව එය විය. කමල්හසන් රඟපෑ නම්මවර් චිත්‍රපටය මෙරට අතිශය සාර්ථක චිත්‍රපටයක් විය. එය එම වසරේ හොඳම දෙමළ චිත්‍රපටයට හිමි ජාතික සම්මානය දිනා ගත් අතර එහි රඟපෑ සුප්‍රකට විකට නළු නාගේෂ් මුල වරට ජාතික සිනමා උලෙළේ දී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.
     
    1996 දී සේතුමාධවන් විසින් තෙළිඟු බසින් නිර්මාණය කරන ලද ස්ත්‍රි නම් තෙළිඟු චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය. එමෙන්ම ඔහු සිවුවතාවක් හොඳම අධ්‍යක්ෂණය සඳහා කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මානය දිනා ගත්තේය. අරා නාසිකා නේරම් (1970), කරකනකද්දාල් (1971), පානි තීර්ත වීඩු (1972) සහ ඕප්පොල් (1980) එම චිත්‍රපට හතරයි. ඔහු 1975 සහ 1980 ජාතික චිත්‍රපට සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩල සාමාජිකයකු විය. 1982 දී ඔහු කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මාන උලෙළේ ජූරියේ සභාපති විය. ඔහු 2002 වසරේදී ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන ජූරියේ සභාපති වූ අතර මලයාලම් සිනමාවට ඔහු ලබා දුන් ජයග්‍රහණ සහ දායකත්වයට ගෞරව කරමින් 2009 වසරේදී කේරළ රජය මඟින් මලයාලම් සිනමාකරුවකුට පිදෙන ඉහළම සිනමා සම්මානය වූ ජේ.සී. ඩැනියෙල් සම්මානයෙන් සේතු මාධවන් පුදනු ලැබුවේය.
     
    2011 දී, ඔහු කේරළ චිත්‍රපට විචාරක සංගමය විසින් චලචිත්‍ර රත්නම් සම්මානයෙන් පුදනු ලැබුවේය. සේතුමාධවන් සිංහල බසින් මෙන්ම දකුණු ඉන්දියාවේ සියලුම භාෂාවලින් ද හින්දි බසින් ද චිත්‍රපට නිර්මාණය කළේය. මලයාලම් සිනමාව බිහි කරන ලද අපූරු කතාකරුවෙකු වූ සේතුමාධවන් බොහේ විට කේරළයේ විශිෂ්ට ලේඛකයන්ගේ මෙන්ම දක්ෂ තිරනාටක රචකයන් ගේ රචනා සිය චිත්‍රපට සඳහා උපයෝගි කර ගත්තේය. එම්.ටී. වාසුදේවන් නායර් වැනි පසුකලෙක විශිෂ්ට සිනමාකරුවන් තිරනාටක රචකයන් බවට පත්වන්නේ සේතුමාධවන්ගේ චිත්‍රපට හරහාය.
     
    සේතුමාධවන් බොහෝ විට සිය චිත්‍රපට සඳහා වස්තු විෂයය කොට ගත්තේ නිදහසින් පසු කේරළයේ සමාජ ජීවිතය හා ප්‍රේමයයි. ඔහුගේ චිත්‍රපට විවිධ සමාජ ආගමික හා සංස්කෘතික වටපිටාවන් මත ගොඩනැගුණ ද පොදුවේ ඒවා තේමා කොට ගත්තේ ආදරයයි. එය මලයාලම් සිනමාවේ වර්තමාන ශෛලිය සඳහා බෙහෙවින් බලපෑ බව විචාරකයන්ගේ මතයයි. මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් මුල්වරට මලයාලම් සිනමාවට ගෙන ආවේ ද සේතුමාධවන්ය. ඒ 1968 වසරේ නිර්මාණය කරන ලද යක්ෂි හා 1972 වසරේ තැනුණු පුනර්ජන්මම් වැනි චිත්‍රපට ඔස්සේය. 1970 වසරේ මලයාලම් බසින් නිර්මාණය කරන ලද වාල්වේ මායම් අතිශය ජනප්‍රිය මෙන්ම සිනමා විලාසිතාවක් පැතිර වූ චිත්‍රපටයක් ලෙස සැලකේ. මලයාලම් සිනමා ඉතිහාසයේ නම්දැරූ සත්‍යන්, ප්‍රෙම් නසීර්, ලලිතා ශාරදා වැනි නළු නිළියන්ගේ පටන් විවිධ නළු නිළියන් සමඟ සිය අවසාන නිර්මාණය දක්වාම සේතුමාධවන් කටයුතු කරන්නට වරම් ලැබුවේය. කිසිදු ශිල්පියකුට චරිතවලට කොටුවන්නට ඉඩ නොදුන් සේතුමාධවන් විකට රංගනයේ ප්‍රචලිත නළුවන් ලවා ද ඉතා ගැඹුරු චරිත රංගනයන් ලබා ගත්තේය . එයට කදිම උදාහරණය වනුයේ ඒකාකාරි විකට නළුවකුව සිටි නාගේෂ්, නම්මවර් චිත්‍රපටයෙන් ඉන්දියානු ජාතික සම්මානය දිනා ගැන්මය. සිනමා කතන්දර කලාවට රංගනය ද කැමරාකරණය ද සංස්කරණය ද කලා අධ්‍යක්ෂණය ද ඒකමිතියකින් රඳවමින් එයින් වඩා බහුජන මාධ්‍යයක් ලෙස විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කිරිමට ඔහුගේ සිනමා ශෛලිය සමත් විය. වසර කිහිපයක සිට ඇති වූ රෝගාබාධ සමඟ ස්වයං විශ්‍රාමයකට එක් නොවන්නට ඔහු තරුණයන් සමඟ වැඩ කරන්නට ඉඩ තිබිණි. අවසාන භාගයේ නිර්මාණය කළ නම්මවර්, ස්ත්‍රි වැනි චිත්‍රපට වලින් සිනමාකරුවකු ලෙස ඔහු කෙතරම් යාවත්කාලින වූයේ ද යන්න පැහැදිලි වෙයි.
     
    වී.වාල්සාලා ඔහගේ භාර්යාව වූ අතර සේතුමාධවන් දරු තිදෙනෙකුගේ පියෙකු විය. එක් පුතෙකු වූයේ 2012 වසරේදී ඇදහිලිවාදි සිනමා කෘතියක් වූ චත්තක්කාරි නිර්මාණය කළ සන්තෝශ් සේතුමාධවන්ය.
     
    අරුණ ගුණරත්න
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS