Prasantha Paranawidana

Prasantha Paranawidana

ප්‍රසන්ත පරණවිදාන

59.67% · 549 votes
Rate this artist

Summary

NamePrasantha Paranawidana
Sinhala Nameප්‍රසන්ත පරණවිදාන

Biography

ප්‍රසන්ත පරණවිදාන සිනමාවේ නිශ්ශබ්ද දැවැන්තයෙක්. නූතන ෂෝෂල් මීඩියාකරුවන් ප්‍රසන්තව දන්නේ නෑ. දිගු කාලයක් ඔහු උන්නද මළාද කියලවත් බලන්න බැරි වූ මට ඊයේ ගල්කිස්ස මහින්ද මල් ශාලාවට ගිහින් ඔහුගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන්න සිදු වුණා. දිගු කාලයක් තිස්සේ මම ඔහුව සමීපව ඇසුරු කළේ ලෙස්ටර්ලාගේ කාලයේ සිටම ඔහු මේ සිනමාවේ කරක් ගහපු යෝධයෙක් නිසයි. මට ඔහු දුන් මගපෙන්වීම විසාලයි. මා සමග කී සිනමාවේ ඔහු වින්ද අත්දැකීම් අනන්තයි. ඔහු මෙරට සිනමාවට සම්බන්ධ වෙන්නේ 70 දශකය මුල් භාගයේ. ලෙස්ටර්ගේ 'ගෝඩ් කිං' චිත්‍රපටියේ කැමරා සහායකයකු විදියට පමණක්ඔ නෙවෙයි එහි නිශ්චල ඡායාරූප ගත්තෙත් ඔහු. එලෙස ගත්තු නිශ්චල ඡායාරූප සහ නෙගටිව් පට කිහිපයක් ඔහු මට තිළිණ කළේ ඉතාම නිර්ලෝභීව නමුත් ඒ කාලේ කරපු වැඩ ගැන මහත් අභිමානයෙන්. මම ඔහුත් එක්ක කළ සංවාදයකින් සැකසූ දීර්ඝ ලිපියක් මීට අවුරුදු 21 කට පෙර 'සිනෙසිත්' සගරාවේ පළ වුණා. ඒ ලිපිය මේ සමග මෙහි අමුණන්නේ මේ යෝධයා කෙතරම් දැනුවත් ප්‍රවීනයෙක්ද කියා අවධාරණය කරන්නයි. මේ ලිපිය අකුරක්වත් නොකපා 2001 'සිනෙසිත්' සගරාවේ පළ කළේ එහි සංස්කරක ඈෂ්ලි රත්නවිභූෂණ සිනමා දැනවතා. චිත්‍රපට නිශ්චල ඡායාරූප ශිල්පියෙක් විදියට ඔහු ඒ විෂය ගැන මා හා බොහෝ දේ කතා කළා. තවත් මෙවැනි වූ දැනවත් යෝධයෙක් වූ ලාල් පියසේන පළමු වරට සංස්කරණය කරමින් අධ්‍යක්ෂණය කළ 'තුන් දෙනෙකු ගෙන්' කෙටි චිත්‍රපටයේ කැමරාව මෙහෙයවූයෙත් මේ ප්‍රසන්ත පරණවිදානයි. ඒ තමයි ලංකාවේ පළමු සුපර් එයිට් වර්ණ කෙටි චිත්‍රපටිය. චන්දන සිල්වා අධ්‍යක්ෂණය කළ 'කවුළුදොර' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වුණෙත් ප්‍රසන්ත. ඇත්තම කිව්වොත් අපි මෙහෙම යෝධයෝ ගැන දන්නෙ නෑ නේද. ලංකාවේ සිනමාව අයිති කරගෙන වගේ ඉන්න මාධ්‍ය වෘත්තිකයෝ නැගි එන නළු නිළියන් පුම්බමින් කාලය කද්දී සැබෑ යෝධයින් කාලක්‍රියා කරනවා. ප්‍රියමාලිලාත් එක්ක ෆොන් සෙක්ස් කරන නිළියෝ ගැන හොයන අපි ප්‍රසන්ත දන්නෙ නෑ. දූෂිත රගන්නෝ ගැන එක දිගට ප්‍රවෘත්ති ලිපි පළ කරන නූතන මාධ්‍යට මේ වගේ යෝධයෝ දිහා බලන්න ටයිම් නෑ. පිටු නෑ. වෙලාවක් නෑ. මුන් අපිව කොහේදෝ අරන් ගිහින් අතරමං කරනවා. ප්‍රසන්ත ඔබව අමතක වෙන්නේ නෑ. ඔබ කව්ද කියා මං මුන්ට මතක් කරලා දෙන්නං. හමු වෙමු.

Ajith Galappaththi

As a Crew

Still Photographer

#Film NoYearFilm RoleDirector
1 6521987 Viragaya විරාගය Still Photographer Tissa Abeysekara