Sarath Fernando

Sarath Fernando

සරත් ප්‍රනාන්දු

61.18% · 1,597 votes
Rate this artist

Summary

NameSarath Fernando
Sinhala Nameසරත් ප්‍රනාන්දු

Biography

සරසවිය සහ ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු වූ සරත් ප්‍රනාන්දු මහතා පසුගිය දින එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය. විශිෂ්ට නිර්මාණ රැසක සංගීත අධ්‍යක්ෂණය කළ ඔහු විරාගය, කරුමක්කාරයෝ, ආදර කතාව, ජනේලය, බැද්දේගම, යහළු යෙහෙළි, උඩුගංයාම චිත්‍රපට වැනි ද ගම්පෙරළිය ටෙලි නාට්‍ය ඇතුළු නාට්‍යය රැසකගේම සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.

චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය සඳහා පසුබිම් සංගීතය නිර්මාණය කිරීමට අමතරව සරත් ප්‍රනාන්දු දක්‍ෂ ඕබෝ පියානෝ වාදකයෙකුද විය​. ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂ වශයෙන් කලක් කටයුතු කරන ලදි. ප්‍රේක්ෂක සිත් සතන් වැළඳගත් සිංහල ගීත සඳහා සංගීත සංයෝජකයෙකු වශයෙන්ද තම හැකියාව ප්‍රකට කළේය. සිම්ෆනි වාදක මණ්ඩලයේ ඕබෝ වාදකයකුද විය. නිමල් මෙන්ඩිස් තනු නිර්මානය කළ මාස්ටර් සර්, රන් ටිකිරි සිනා, නිම් හිම් සෙව්වා, ගඟ අද්දර​ ඇතුළු ගීත ගනනාවකම සංගීත සංයෝජකයා වීමේ වරම ද ඔහුට හිමි විය. පියසිරි විජේරත්න ගැයු මහියංගනේ ගීතය,

ටී.එම් ජයරත්න ගැයු සුනිල් වන් වලා ඇතුළු සිංහල ගීත ගණනාවක් ඔහු අතින් නිර්මාණය විය​. සරත් ප්‍රනාන්දු හොඳම සංගීතයට හිමි සරසවිය සම්මානය දිනාගත් අවස්ථා කිහිපයකි. 1983 මහගෙදර චිත්‍රපටය​ ට​ ජනාධිපති සම්මාන 1986 ආදර කතාව චිත්‍රපටය​ ට​ හොඳම ගී තනුව සුනිවන්වලා ජනාධිපති සම්මාන 1986 ආදර කතාව චිත්‍රපටය​ට​ සරසවිය සම්මාන 1988 විරාගය චිත්‍රපටයට​, ස්වර්ණ සංඛ සම්මානය 1988 විරාගය චිත්‍රපටය​ ට​ සරසවිය සම්මානය 2007 උඩුගංයාමය​ චිත්‍රපටය​ ට​ ද හිමිකරගත් ඔහුගේ අවසන් කටයුතු පසුගියදා එංගලන්තයේදී සිදු කෙරිණි.

@සරසවිය

Awards

National Awards

1 Best Music Director Udu Gan Yamaya - 2006 32nd Sarasaviya Awards - 2007 - 2007
2 Best Music Director Viragaya - 1987 16th Sarasaviya Awards - 1988 - 1988
3 Best Music Director Viragaya - 1987 1st Swarna Sanka Cinema Awards Ceremony 1988 - 1988
4 Best Music Director Adara Kathava - 1985 8th Presidential Award 1986 - 1986
5 Best Melody Adara Kathava - 1985 8th Presidential Award 1986 - 1986
6 Best Music Director Mahagedara - 1982 11th Sarasaviya Awards - 1983 - 1983

As a Crew

Music Director

#Film NoYearFilm RoleDirector
1 4941982 Mahagedara මහගෙදර Music Director Tissa Abeysekara
2 6001985 Adara Kathava ආදර කතාව Music Director Chandran Rutnam
3 10542006 Udu Gan Yamaya උඩු ගං යාමය Music Director Sudath Devapriya