Sunil Premakumara

Sunil Premakumara

සුනිල් ප්‍රේමකුමාර

Born 26 May 1956 Died 02 October 2018

26 May 1956 - 02 October 2018

60.86% · 1,531 votes
Rate this artist

Summary

NameSunil Premakumara
Sinhala Nameසුනිල් ප්‍රේමකුමාර
Born26 May 1956
Died02 October 2018

Biography

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් මෙරට ගැටවරවියට එළැඹෙන්නන් අරබයා ලියන ලද මාහැඟි ග්‍රන්ථය මඩොල්දූව ය.ඒ 1947 වසෙර්ය.වික්‍රමසිංහයන්ගේ මඩොල්දූවේ මහා චරිත නම් උපාලි ගිනිවැලිලේ සහ ජිනපාල හෙවත් ජින්නාය.ඔවුන්ට ගමේ දී සරිලන ගැටවරයන් තිදෙනෙක් විය.එක් අයෙක් රණදේවය.තවකෙක් සිරිපාලය.අනෙකා දඟදාසය.මේ අපූරු නවකතාව නොකියවා ගැටවරයෙක් වූ කිසිවෙක් මෙයින් දශක ගණනාවකට පෙර නම් මෙරට නම් නොසිටි තරමිය.මඩොල්දූව සිනමාවට නැගුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතිනි.එහි උපාලි ගේ ගැටවරවිය රඟපෑ අජිත් ජිනදාස දැන් ඉන්නේ කැනඩාවේය.ජින්නා පද්මසේන අතුකෝරාල බැංකු සේවයෙන් පසු විශ්‍රාමිකය.සිරිපාල ලෙස රඟපෑ සිරිල් කොතලාවල හෝ රනදේව ලෙස රඟපෑ විමල් ගුණරත්න ගැන තොරතුරු නැත දඟදාස ලෙස රඟපෑ සුනිල් ප්‍රෙමකුමාර පසුගිය සතියේ ජීවිත සිනමාවෙන් සමුගත්තේය.මේ අතරින් මඩොල්දූවට පසු සිනමාවට සම්බන්ධවූයේ අජිත් ජිනදාස සහ සුනිල් ප්‍රේමකුමාර පමණකි.සුනිල් කවර චරිතයක් රගපෑව ද ඔහු මුළු ජීවිත කාලය පුරා හැඳීන්වූයේ දඟදාස නමිනි.නැතහොත් දඟයා නමිනි.ඔහු දඟදාස ලෙස වඩා ප්‍රචලිත වූයේ චිත්‍රපටය නිසා ය.එහෙත් ඔහු ට එම නම සින්නවූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දඟදාසයෙක් බැවිනි. එක මොහොතක් නිකම් සිටින්නට බැරි සුනිල් නිශ්චලව සිටියා නම් ඒ සිටින්නට ඇත්තේ ඔහුගේ අවසන් ගමනෙහි පමණකි.කරන්නටම දෙයක් නැත්නම් ඔහු මුහුණ පුරා අයාලේ වැවුණු රැවුල හෝ කසන්නේය.

බුලත්කොහුපිටිය යක්කැල්ල මහ විදුහලේ ඉගෙනුම ලද රංහෙට්ටිගේ සුනිල් ජයන්ත ප්‍රෙමකුමාර උපන්නේ 1956 වසෙර්ය.මඩොල්දූව චිත්‍රපටයේ චරිත සදහා සුදුස්සන් ආචාර්ය විසින් ලෙස්ටර් විසින් සොයද්දී සුනිල් ද එයට වරම් ලැබුවේය.පසුව ඔහු සිනමාවට දායක වනුයේ කැකිල්ලේ රජ්ජුරුවෝ චිත්‍රපටයේ විකට චරිත රඟමිනි.එතැන් පටන් ඇර සොයිසා.ඔබටයි ප්‍රියේ ආදරේ,සටන ,කෝහතුරොි වැනි චිත්‍රපට ගණනාවකට හෙතෙම රංගනයෙන් දායක වි.ඒ සියල්ලම විකට චරිත විය.චිත්‍රපට රංගනයට අමතරව සුනිල් ඒ බොහොමයක නිශ්චල ඡායාරූප ශිල්පියා ද විය.රංගනයෙන් පමණක් නොව නිශ්චල රංගනයෙන් ද සිනමාවට දායක වුන සුනිල් සිනමා පුවත්පත් කලාවේදියකු ලෙස ද කටයතු කළ බව බොහෝ දෙනා නොදනිති.ඒ ප්‍රේම් දිසානායකයන්ගේ සංස්කරණයෙන් පළ කරන ලද විචිත්‍ර පුවත්පතේය.එමෙන්ම ඔහු එහි ඡායාරූප ශිල්පියෙකු ද විය.වේදිකා නාට්‍ය කිහිපයක ට ද දායක වුන සුනිල් චිත්‍රපට සංස්කරණයේ ද සහාය ශිල්පියෙකු විය.ඒ හංස විලක් ,ඇර සොයිසා,එක් ටැම්ගේ,කාංචනා වැනි චිත්‍රපට කිහිපයකය.ඔහු ගායකයකු වූයේ බඹර අසපුව ටෙලි නාට්‍යයේ හුරේ මලී නගා මට දීපං නම් ගීය ගයමිනි.මෑත භාගයේ ඔහු වඩා ජනප්‍රිය වූයේ පාන්බට්ටා ටෙලි නට්‍යෙය් රඟපාමිනි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිට සුනිල් සෝම පීරිස් දක්වා චිත්‍රපට රාශියක රඟපෑව ද සුනිල් කිසිවක් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවෙක් නොවිය.එමෙන්ම ඔහුගේ ජීවිතයේ ඇතැම් සිරිත් විරිත් ද අමුතුය.අද ඒ සියල්ල මතක සටහන්ය.මඩොල්දූව අවසානයේ උපාලි සිය පියාගේ අවමගුල ට පැමිණෙද්දී ගම රැඳී සිටිනුයේ රණදේව පමණකි.දඟදාස ආගරපතනේ සාප්පුවක ලියන්නෙකුව ගොස්ය.සුනිල් ද එහි යන්නට ඇතැයි සිතමි.

අර්ජුන්

As a Cast

#Film NoYearFilm RoleDirector
1 3251976 Madol Doova මඩොල් දූව Actor Dr. Lester James Peries
2 5731984 Kakille Rajjuruwo කැකිල්ලේ රජ්ජුරුවෝ Actor Tissa Nagodavithana
3 5931984 Ara Soysa ඇර සොයිසා Actor Herbert Ranjith Peiris
4 6351986 Dinuma දිනුම Actor Ananda Wickramasinghe, Sunil Soma Peiris
5 6531987 Obatai Priye Adare ඔබටයි ප්‍රියේ ආදරේ Actor Sunil Soma Peiris
6 6571988 Gedara Budun Amma ගෙදර බුදුන් අම්මා Actor Roy De Silva
7 6631988 Satana සටන Actor Ananda Wickramasinghe
8 6641988 Ko Hathuro කෝ හතුරෝ Actor Sunil T. Fernando
9 6651988 Newatha Api Ekwemu නැවත අපි එක්වෙමු Actor Anura De Silva, Milton Jayawardhana
10 6671989 Mamai Raja මමයි රජා Actor Sunil Soma Peiris
11 6721989 Obata Rahasak Kiyannam ඔබට රහසක් කියන්නම් Actor Sunil Soma Peiris
12 6801990 Yukthiyata Wada යුක්තියට වැඩ Actor Sunil Soma Peiris
13 6891990 Madhu Sihina මධු සිහින Actor Daya Wimalaweera
14 6921990 Chandi Raja චන්ඩි රජා Actor Sunil Soma Peiris
15 6941990 Honda Honda Sellam හොඳ හොඳ සෙල්ලම් Actor Dinesh Priyasad
16 6991991 Paradeesaya පාරාදීසය Actor Dinesh Priyasad
17 7001991 Weda Barinam Wedak naha වැඩ බැරිනම් වැඩක් නෑ Actor Upali Piyarathna
18 7051991 Hithata Dukak Nathi Miniha හිතට දුකක් නැති මිනිහා Actor Dinesh Priyasad
19 7291992 Sakvithi Raja සක්විති රජ Actor Sunil Soma Peiris
20 8091995 Demodara Palama දෙමෝදර පාලම Actor Dinesh Priyasad
21 8261996 Body Guard බොඩි ගාර්ඩ් Actor Upali Piyarathna
22 8611997 Pem Mal Mala පෙම් මල් මාලා Actor Bandu Samarasinghe
23 9061999 Nagaran නගරන් Actor Nishantha De Alwis
24 9202000 Sanda Yahanata සඳ යහනට Actor Mohan Niyaz
25 10132004 Left Right Sir ලෙෆ්ට් රයිට් සර් Actor Bandu Samarasinghe
26 10202004 Rajjumala රජ්ජුමාලා Actor Anura Chandrasiri
27 11102009 Kanyavi කන්‍යාවී Actor Siritunga Perera
28 12892018 Yalu Malu Yalu 2 යාළු මාළු යාළු 2 Actor Lal Priyadeva
29 12922018 Athuru Mithuru Hari Apuru අතුරු මිතුරු හරි අපූරු Actor Lal Priyadeva

Upcoming Films

#Film RoleDirector
1 Adda Lanuwa Demma Kodiya ඇද්ද ලනුව දැම්ම කොඩිය Actor Dinesh Priyasad