සුනිල් ප්‍රේමකුමාර

සුනිල් ප්‍රේමකුමාර

Full Name: Sunil Premakumara උපත 26 May 1956 විපත 02 October 2018

26 May 1956 - 02 October 2018

60.86% · 1,531 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසුනිල් ප්‍රේමකුමාර
සම්පූර්ණ නමSunil Premakumara
උපත26 May 1956
විපත02 October 2018

චරිතාපදානය

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් මෙරට ගැටවරවියට එළැඹෙන්නන් අරබයා ලියන ලද මාහැඟි ග්‍රන්ථය මඩොල්දූව ය.ඒ 1947 වසෙර්ය.වික්‍රමසිංහයන්ගේ මඩොල්දූවේ මහා චරිත නම් උපාලි ගිනිවැලිලේ සහ ජිනපාල හෙවත් ජින්නාය.ඔවුන්ට ගමේ දී සරිලන ගැටවරයන් තිදෙනෙක් විය.එක් අයෙක් රණදේවය.තවකෙක් සිරිපාලය.අනෙකා දඟදාසය.මේ අපූරු නවකතාව නොකියවා ගැටවරයෙක් වූ කිසිවෙක් මෙයින් දශක ගණනාවකට පෙර නම් මෙරට නම් නොසිටි තරමිය.මඩොල්දූව සිනමාවට නැගුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතිනි.එහි උපාලි ගේ ගැටවරවිය රඟපෑ අජිත් ජිනදාස දැන් ඉන්නේ කැනඩාවේය.ජින්නා පද්මසේන අතුකෝරාල බැංකු සේවයෙන් පසු විශ්‍රාමිකය.සිරිපාල ලෙස රඟපෑ සිරිල් කොතලාවල හෝ රනදේව ලෙස රඟපෑ විමල් ගුණරත්න ගැන තොරතුරු නැත දඟදාස ලෙස රඟපෑ සුනිල් ප්‍රෙමකුමාර පසුගිය සතියේ ජීවිත සිනමාවෙන් සමුගත්තේය.මේ අතරින් මඩොල්දූවට පසු සිනමාවට සම්බන්ධවූයේ අජිත් ජිනදාස සහ සුනිල් ප්‍රේමකුමාර පමණකි.සුනිල් කවර චරිතයක් රගපෑව ද ඔහු මුළු ජීවිත කාලය පුරා හැඳීන්වූයේ දඟදාස නමිනි.නැතහොත් දඟයා නමිනි.ඔහු දඟදාස ලෙස වඩා ප්‍රචලිත වූයේ චිත්‍රපටය නිසා ය.එහෙත් ඔහු ට එම නම සින්නවූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දඟදාසයෙක් බැවිනි. එක මොහොතක් නිකම් සිටින්නට බැරි සුනිල් නිශ්චලව සිටියා නම් ඒ සිටින්නට ඇත්තේ ඔහුගේ අවසන් ගමනෙහි පමණකි.කරන්නටම දෙයක් නැත්නම් ඔහු මුහුණ පුරා අයාලේ වැවුණු රැවුල හෝ කසන්නේය.

බුලත්කොහුපිටිය යක්කැල්ල මහ විදුහලේ ඉගෙනුම ලද රංහෙට්ටිගේ සුනිල් ජයන්ත ප්‍රෙමකුමාර උපන්නේ 1956 වසෙර්ය.මඩොල්දූව චිත්‍රපටයේ චරිත සදහා සුදුස්සන් ආචාර්ය විසින් ලෙස්ටර් විසින් සොයද්දී සුනිල් ද එයට වරම් ලැබුවේය.පසුව ඔහු සිනමාවට දායක වනුයේ කැකිල්ලේ රජ්ජුරුවෝ චිත්‍රපටයේ විකට චරිත රඟමිනි.එතැන් පටන් ඇර සොයිසා.ඔබටයි ප්‍රියේ ආදරේ,සටන ,කෝහතුරොි වැනි චිත්‍රපට ගණනාවකට හෙතෙම රංගනයෙන් දායක වි.ඒ සියල්ලම විකට චරිත විය.චිත්‍රපට රංගනයට අමතරව සුනිල් ඒ බොහොමයක නිශ්චල ඡායාරූප ශිල්පියා ද විය.රංගනයෙන් පමණක් නොව නිශ්චල රංගනයෙන් ද සිනමාවට දායක වුන සුනිල් සිනමා පුවත්පත් කලාවේදියකු ලෙස ද කටයතු කළ බව බොහෝ දෙනා නොදනිති.ඒ ප්‍රේම් දිසානායකයන්ගේ සංස්කරණයෙන් පළ කරන ලද විචිත්‍ර පුවත්පතේය.එමෙන්ම ඔහු එහි ඡායාරූප ශිල්පියෙකු ද විය.වේදිකා නාට්‍ය කිහිපයක ට ද දායක වුන සුනිල් චිත්‍රපට සංස්කරණයේ ද සහාය ශිල්පියෙකු විය.ඒ හංස විලක් ,ඇර සොයිසා,එක් ටැම්ගේ,කාංචනා වැනි චිත්‍රපට කිහිපයකය.ඔහු ගායකයකු වූයේ බඹර අසපුව ටෙලි නාට්‍යයේ හුරේ මලී නගා මට දීපං නම් ගීය ගයමිනි.මෑත භාගයේ ඔහු වඩා ජනප්‍රිය වූයේ පාන්බට්ටා ටෙලි නට්‍යෙය් රඟපාමිනි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිට සුනිල් සෝම පීරිස් දක්වා චිත්‍රපට රාශියක රඟපෑව ද සුනිල් කිසිවක් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවෙක් නොවිය.එමෙන්ම ඔහුගේ ජීවිතයේ ඇතැම් සිරිත් විරිත් ද අමුතුය.අද ඒ සියල්ල මතක සටහන්ය.මඩොල්දූව අවසානයේ උපාලි සිය පියාගේ අවමගුල ට පැමිණෙද්දී ගම රැඳී සිටිනුයේ රණදේව පමණකි.දඟදාස ආගරපතනේ සාප්පුවක ලියන්නෙකුව ගොස්ය.සුනිල් ද එහි යන්නට ඇතැයි සිතමි.

අර්ජුන්

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 3251976 මඩොල් දූව මඩොල් දූව Actor Dr. Lester James Peries
2 5731984 කැකිල්ලේ රජ්ජුරුවෝ කැකිල්ලේ රජ්ජුරුවෝ Actor Tissa Nagodavithana
3 5931984 ඇර සොයිසා ඇර සොයිසා Actor Herbert Ranjith Peiris
4 6351986 දිනුම දිනුම Actor Ananda Wickramasinghe, Sunil Soma Peiris
5 6531987 ඔබටයි ප්‍රියේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ Actor Sunil Soma Peiris
6 6571988 ගෙදර බුදුන් අම්මා ගෙදර බුදුන් අම්මා Actor Roy De Silva
7 6631988 සටන සටන Actor Ananda Wickramasinghe
8 6641988 කෝ හතුරෝ කෝ හතුරෝ Actor Sunil T. Fernando
9 6651988 නැවත අපි එක්වෙමු නැවත අපි එක්වෙමු Actor Anura De Silva, Milton Jayawardhana
10 6671989 මමයි රජා මමයි රජා Actor Sunil Soma Peiris
11 6721989 ඔබට රහසක් කියන්නම් ඔබට රහසක් කියන්නම් Actor Sunil Soma Peiris
12 6801990 යුක්තියට වැඩ යුක්තියට වැඩ Actor Sunil Soma Peiris
13 6891990 මධු සිහින මධු සිහින Actor Daya Wimalaweera
14 6921990 චන්ඩි රජා චන්ඩි රජා Actor Sunil Soma Peiris
15 6941990 හොඳ හොඳ සෙල්ලම් හොඳ හොඳ සෙල්ලම් Actor Dinesh Priyasad
16 6991991 පාරාදීසය පාරාදීසය Actor Dinesh Priyasad
17 7001991 වැඩ බැරිනම් වැඩක් නෑ වැඩ බැරිනම් වැඩක් නෑ Actor Upali Piyarathna
18 7051991 හිතට දුකක් නැති මිනිහා හිතට දුකක් නැති මිනිහා Actor Dinesh Priyasad
19 7291992 සක්විති රජ සක්විති රජ Actor Sunil Soma Peiris
20 8091995 දෙමෝදර පාලම දෙමෝදර පාලම Actor Dinesh Priyasad
21 8261996 බොඩි ගාර්ඩ් බොඩි ගාර්ඩ් Actor Upali Piyarathna
22 8611997 පෙම් මල් මාලා පෙම් මල් මාලා Actor Bandu Samarasinghe
23 9061999 නගරන් නගරන් Actor Nishantha De Alwis
24 9202000 සඳ යහනට සඳ යහනට Actor Mohan Niyaz
25 10132004 ලෙෆ්ට් රයිට් සර් ලෙෆ්ට් රයිට් සර් Actor Bandu Samarasinghe
26 10202004 රජ්ජුමාලා රජ්ජුමාලා Actor Anura Chandrasiri
27 11102009 කන්‍යාවී කන්‍යාවී Actor Siritunga Perera
28 12892018 යාළු මාළු යාළු 2 යාළු මාළු යාළු 2 Actor Lal Priyadeva
29 12922018 අතුරු මිතුරු හරි අපූරු අතුරු මිතුරු හරි අපූරු Actor Lal Priyadeva

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 ඇද්ද ලනුව දැම්ම කොඩිය ඇද්ද ලනුව දැම්ම කොඩිය Actor Dinesh Priyasad

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play