DESCRIPTION
සෝණා තම කුලුඳුල් සිනමා නිර්මාණය කර ගනිමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ශාන් ජයරත්න, ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස “අක්ෂි” හා “මේන් කැරැක්ට” ටෙලි නිර්මාණ ද්විත්වය සමඟින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇත. යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඔහු ශිෂ්‍යත්වය සමත්වීමත් සමග කෑගල්ල, කෑගලු මහා විද්‍යාලයට ඇතුළත්ව එහිදී නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරමින් නාට්‍යකරණයෙහි යෙදී ඇති ශාන්, සමස්ත ලංකා පළමුවැනි ස්ථානය අවස්ථා කිහිපයකදීම කණ්ඩායමක් ලෙස ලබා ගැනීමට සමත්ව ඇත. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ධනුෂ්ක රත්නායක යටතේ ඡායාරූපකරණය, වීඩියෝ සංස්කරණය සහ කැමරාකරණය හදාරා ඇති ඔහු, ධනුෂ්ක රත්නායකගේ නිර්මාණයන්හි නිෂ්පාදන කළමනාකරුවකු ලෙස එක් වෙමින් ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව ඉහත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වී ඇත. “වීදුරු තිර” නම් වූ ඔහුගේ තෙවන ටෙලි නිර්මාණය ළඟදීම විකාශනය වීමට නියමිතව ඇති අතර සිව්වන ටෙලි නිර්මාණය රූගත කිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතව ඇත. ඉදිරියේදී ද ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක මනස සුවපත් කිරීමට ශාන් අපේක්ෂාවෙන් සිටි.
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු