Thaala

Thaala

තාල

Colour

Film No: 1296  ·  Released: 31 Jan 2019

64.18% · 2,286 votes
Rate this film

Summary

NameThaala / තාල
Film No1296
Released Date31 Jan 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Hemal Ranasinghe Main Actress: Kalani Dodanthenna Director: Palitha Perera Producer: Nilan Weerasinghe

Trailer

විශාල කැලෑවකට, ගල් පර්වතයකට හා වැවකට මැදිව පිහිටන හටන්ගලපාසලට ගම්මාන දෙකක දරුවෝ පැමිණෙති. මෙය ඉතාම දුෂ්කර පාසලකි. නිතරදෙවේලේ අලින්ගෙන් ඇතිවන කරදර නිසා සමහර ළමයි පාරේ අලි සිටිනා වේලාවටපාර මගහැර වැවෙන් පීනා පාසලට ඒමට පුරුදු වී සිටිති. දුෂ්කරතාවය නිසාම පාසලේදැඩි ගුරු හිඟයක් පවතී. විශ්‍රාම ගැනීමට ආසන්න විදුහල්පතිවරයා හා අමරාවතීගුරුවරිය දවසින් දවස පාසල හැරයන ළමයින්ව පාසලේ රඳවා ගැනීමට අසාර්ථකඋත්සාහයක් දරති. පාසලේ දරුවන් අඩුවීම වාසියක් කරගන්නා ප්‍රාදේශීයදේශපාලනඥයෝ, පාසල් ගුරුවරයෙක් හා ඔවුන්ට රැවටුණ ගම්මුන් පිරිසක් එකතුවීපාසල අසල ඇති ගල් පර්වතයේ තිඛෙනවායැයි විශ්වාස කරන නිධානයක් ගැනීමට පාසල වසා දැමීමට උත්සාහයක් දරති. මෙයට විරුද්ධ වන විදුහල්පති හා අමරාවතී ගුරුවරිය පාසල පවත්වාගෙන යාමට අසාර්ථක උත්සාහයක යෙදෙති. මේ මොහොතේ අසේල නම් තරුණ ගුරුවරයෙක් පාසලට පැමිණෙයි.

අසේල දන්තුරේ බණ්ඩාරගේ දෙමව්පියෝ මධ්‍යම පාන්තික රාජ්‍ය සේවකයෝ වෙති. අසේල කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංගී්‍රසි භාෂාව පිළිබඳ උපාධියක් ලබා තිඛෙන අතර, දැනට ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමවේදයන් සහ දෙමව්පියන් සහ දරුවන් අතර තිඛෙන අධ්‍යාපනයේ දැනුවත්භාවය සම්බන්ධව දැඩි විකල්ප මතයක් දරයි. ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනයේ දී ඉගැන්වීම වෙනුවට ඉගෙන ගැනීමට ඉඩහැරිය යුතු යැයි ඔහු දැඩිව විශ්වාස කරයි. අසේලගේ මිත්‍රයෙකු හා අධ්‍යාපනය සම්බන්ධ මහාචාර්ය වරයකු වන ප්‍රොෆෙසර් හේවානායක සමඟ නිතර මේ සම්බන්ධව සංවාදයේ යෙදී අවසානයේ ගුරුවරයකු වීමට තීරණය කරන අසේල තම විශ්ව විද්‍යාල මිත්‍රයෙකු හරහා හටන්ගල පාසල තෝරා ගනී. හටන්ගල පාසලට පැමිණෙන අසේලව, ළමයින්ට අලූත් සහ අමුතු අත්දැකීමක් බවට පත්වේ. අසේල ළමයින් තුළින්ම ළමයින්ට ළංවීමට හැකි සෑම අවස්ථාවක්ම උදාකර ගනී.

ඔවුන් පි‍්‍රය කරන ක්‍රීඩාවන් හා සංගීතය අධ්‍යාපන හා ඉගැන්වීම් ක්‍රියාකාරකම් සඳහා යොදා ගනිමින් ළමයින්ට ඉගෙන ගැනීමට ඉඩහරී. ළමයි ඉතා ආශාවෙන් ඉගෙන ගනිති. දිනපතා පාසල වෙත පැමිණෙන ළමයින්ගේ වැඩිවීමක් සිදුවේ. ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අරමුණු කඩාපල් වන හෙයින් ඔවුහු අසේල ගුරුවරයාට විරුද්ධවාදීකම් සිදු කරන්නට පටන් ගනිති.

ඒ අතර අසේල විකල්ප සංගීත භාණ්ඩ සාදා, සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන අතර, එහි අවසන් පරමාර්ථය වූයේ කොළඹ දී පැවැත්වෙන සංගීත තරගයට ළමයින් සහභාගී කරවා ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කිරීමයි. නමුත් දේශපාලන පළිගැනීමක් ලෙස අසේලව හදිසියේම පාසලෙන් මාරු කර යැවෙයි. අසේල සහ මහාචාර්යවරයා එකතුව ප්‍රධාන ඇමතිවරයෙකුගේ ඥාතිවරියක හා මහාචාර්යවරයාගේ ගෝලයකු වන ගුරුවරියක හටන්ගල පාසලට පත්කර එවයි.

ප්‍රසාද් සමරතුංග

Cast

Crew

Other Crew