Tsunami

Tsunami

සුනාමි

Colour

Film No: 1322  ·  Released: 16 Jan 2020

59.35% · 2,069 votes
Rate this film

Summary

NameTsunami / සුනාමි
Film No1322
Released Date16 Jan 2020
ColorimeterColour
Movie GroupSinhala
CategoryStory
Main Actor: Bimal Jayakody Main Actress: Himali Sayurangi Producer: Renuka Balasuriya Director: Somaratne Dissanayake

Trailer

Description

දිනය 2004 දෙසැම්බර් 26. එදින උදා වූයේ සාමාන්‍ය විදියටයි. එහෙත් එය ඉතිහාසයේ එක් අඳුරු දිනයක් විය. උදෑසන 9.27 වන විට එතුවක් නිසලව හෝ දඟකාරව සිටි මුහුදු රළ වියරු වැටිණි. ප්‍රභාගේ වයයස අවුරුදු දෙක හමාරකි. ඈ උන්නේ අම්මාගේ තුරුලේය. ඇගේ පවුල දෙමළ ජාතිකයන්ය. අම්මාගේ ද තාත්තාගේ ද ලෝකය මුළුමනින් ඩැහැගන්නට ප්‍රභා ඒ වන විට සමත්ව සිටියාය. දරුවන් තරම් වටිනා වස්තුවක් මාපියන්ට වෙත්ද? එහෙත් ඉරණම ලිය වී ඇත්තේ අපට අවශ්‍ය අන්දමට නොවන බව ප්‍රභාගේ අම්මාට තාත්තාට වැටහිණ. රටම ගිලගත් මොහොතේ ප්‍රභා අතුරුදන් වූවාය. ඔවුන් නොවැන්ද දෙවියෙක්, නොගිය තැනක් නොවිණ. අම්මාගේ සිහිය විකල් විය. ඇයට රෝහලේ ප්‍රතිකාර පවා අවශ්‍ය විය. කාලය ඉක්ම ගියේය. මුහුදු රුදුරු රළ නිසල වූයේය. හදිසියේම ප්‍රභාගේ අම්මා අතට පුවත්පතක් ලැබිණ. ඇයට කෑ ගැසිණි. අම්මා අත වූ පුවත්පත තාත්තගේ ද නෙත ගැටිණ.

මුහුදු රළ නොගැවසෙන, මුහුදු සුළඟවත් නැති මහනුවර ප්‍රදේශයේ වයස අවුරුදු දොළහක දැරියකි. ඇය පෙර ආත්මය ගැන හොඳින් පවසන්නීය. ඉකුත් ආත්මයේදී ඇය දෙමළ දරුවකු බව කියයි. පුවත්පතේ පුවත එසේය.මේ ඉන්නේ අපේ ප්‍රභා. අම්මාට කියවිණ. ඇය සිය සැමියා සමඟ පුවත්පතේ විස්තරය සොයා ගියාය. අලුත් භවයක උපන් දියණිය දැකගන්නටය. භවයෙන් භවය දැරිය ඉපදුනා නොවේ. ඇය පවසන්නේ ඇගේම අතීත විත්තියයි. ඒ මතකය අම්මාගේ මතකය ඒ උණුසුම දැරියට දැනෙමින් තිබිණ.නුතන හුණුවටයේ කතාව ඇරැඹෙන්නේ දැන්ය.

එක අතකින් දරුවාගේ වැදූ අයිතිය ඉල්ලන දමිළ මව්පියන් යුවළකි. අනිත් අතට තමාගේ බව කියන සිංහල මවකි. මවුවරුන් දෙදෙනෙකු හා පියවරුන් දෙදෙනෙකුට මැදි වූ දැරියකි. හැදුවා වැඩුවා කොයි හැටි වෙතත් මාපිය උණුසුම එහෙම්මමය.

මේ ඔවුන්ගේ ගැටුමෙහි සිනමා ප්‍රතිනිර්මාණයයි.ආචාර්ය සෝමරත්න දිසානායක එය අධ්‍යක්ෂණය කොට තිබේ. සරෝජා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, බිංදු, සිරි රජ සිරි, සිරි පැරකුම්, සරිගම ආදී අතිශය ජනප්‍රිය සිනමා සිතුවම් රැසක් සෝමරත්නගේ නිර්මාණයන් අතර වෙති. සුනාමි රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි. බිමල් ජයකොඩි, හිමාලි සයුරංගි, දර්ශන් ධර්මරාජ්, නිරංජනී ශන්මුගරාජා, විශ්වජිත් ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් ජනකාන්ත, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, අනුරුද්ධිකා පාදුක්කගේ, ජේ. යෝගරාජා, රංජනි රාජ්මෝහන්, අශෝක සේරසිංහ සුනාමි හි නළු නිළියෝය.

Cast

Crew

Other Crew